සිව්වැනි වරටත් ලෝක පාපන්දු කිරුළ දිනා ගැනීමට ජර්මනිය මීට ටික වේලාවකට පෙර සමත් විය.ඒ ගෝල 1ට 0ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත් කරමිණි.
මෙහිදි ලබාදුන් නියමිත කාලයේදී කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට නොහැකි වු අතර අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී ඉදිරි පෙළ ක්‍රීඩක මාරියෝ ගොඑට්ස් එල්ල කල ගෝලය හමුවේ ජර්මනියට ජයග්‍රාහණය හිමි විය.22 හැවිරිදි මාරියෝ වාර්තා කළ 11 වැනි ජාත්‍යන්තර පාපන්දු ගෝලය එය විය.
බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියට සුපිරි පොප් ගායිකා ශකීරා ඇතුළු ශිල්පීන් රැසක් සහභාගී වූ විචිත්‍රවත් උත්සවයකින් අනතුරුව තරගය ආරම්භ වූ අතර තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 74,000 ට අධික පිරිසක් එක්ව සිටියහ.