විසුරුවාහරිනු ලැබු ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීමේ දිනය මේ සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ ඌව පළාත් සභාව විසුරුවා හැරිය අතර අදාළ විසුරුවාහැරීම පිළිබඳ ගැසට් පත්‍රය පෙරේදා දිනයේ ලැබුණු අතර ඒ අනුව ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ කටයුතු මේ වනවිට සැලසුම් කරමින් පවතින බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටී.
ජන්ද විමසීම පැවැත්වෙන දිනය නාමයෝජනා බාර ගැනීමේ අවසන් දිනයේ දී මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.