ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඔවුන් අයත් වන කුලය අයත්වන සහතික පත්‍රයක් නිකුත් කිරිමට ඉන්දියාව තීරණය කර ඇත.ඒ අනුව අයදුම්පත් ලැබුණු විගස අදාළ සහතික පත්‍ර නිකුත් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණු ඇත.
එරට පුත්තූර් සහ සුල්ලියා තලුක් යන ප්‍රදේශවල ජිවත් වන ශ්‍රි ලාංකික දෙමළ ජනතාව සඳහා මෙලෙස කසහතික පත්‍ර නිකුත් කෙරේ.ඉන්දියාවේ සමාජ සුබ සාධන දෙපාර්තමේන්තුව විසින් පුත්තූර් හි සහකාර කොමසාරිස් කාර්යාලය වෙත මීට අවශ්‍ය පියවර ගැනිමට නියෝග කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා පලකරයි.