Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

මහේල ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි



ලබන අගෝස්තු මස ශ්‍රී ලංකාවේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මහේල දෙවරක්ම ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවු අතර මේ වන විට ටෙස්ට් තරග 145 කදී ලකුණු 11,493 ක් රැස්කර තිබේ. ඔහුගේ නායකත්වය යටතේ 2007 ලෝක කුසලානයේදී සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලානයේදී අනුශූරතාවය දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය. මහේල සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට අද (14) පෙරවරුවේ බාරදී තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'