
පොළව මතු පිට ඇති ජලය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ වතුර පෘථිවිය අභ්‍යන්තරයේ පැවතිය හැකි බව ඇමරිකානු පර්යේෂකයින් ගේ නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.
නව මෙක්සිකානු විශ්ව විද්‍යාලයේ සහ නොර්ත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පවසනුයේ මෙම ජලය ද්‍රව හයෙන් නොපවතින අතර පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ සමග බැදී ඇති බවයි.
අතුරු ඇමෙරිකානු මහාද්වීපයේ පොළොව මතුපිට සිට සැතපුම් 400 ක් පමණ ගැඹුරකින් ඔවුන්ට මෙම සාක්ෂි හමු වී තිබේ. පොළොවේ ගැඹුරු ස්ථර වල ජලය පවතී ද නැද්ද යන්න ගැන දිගු කාලයක් තිස්සේ පැවතුණු පැනයකට මේ මගින් පිළිතුරු සැපයෙනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරයි.