Logo

 

ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල

- විසිණි.

2014 ජුනි 19 වන දින ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙන් පෙරවරු 6:08ට තම උච්ච රාශියවන කටක රාශියට සපැමිණේ. ගුරු ග්‍රහයා නවග්ග්‍රහයන් අතර සුබපල දීමේ ප්‍රමුඛ ග්‍රහයා වන අතර කටක රාශියට පැමිණෙන්නේ වසර දොලහකට වරකි.ගුරු කටකයට පැමිණෙන මොහොත වන විට අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ චාරය මෙසේය.බුධ ග්‍රහයා තම ස්වශේත්‍ර රාශිය වන මිතුනයේ වක්‍රවෙමින් සිටී.රවි ග්‍රහයාද මිතුනයේ ගමනේ යෙදේ.සිකුරු ද තම ස්වශේත්‍ර රාශිය වන වෘශබයේ ගමන් කරයි.කුජ ග්‍රහයා තම සතුරු රාශිය වන කන්යා රාශියේද සෙනසුරු තම උච්ච රාශිය වන තුලාවේ වක්‍ර ගමනේද යෙදෙමින් සිටී.රාහු තුලාවේ සහ කේතු මේෂ රාශියේ ගමන් කරයි.සදු ග්‍රහයා කුම්බ රාශියේ ගමන් කරයි.මෙවැනි ග්‍රහ චාරයක් පවතින මොහොතක ගුරු කටකයේ බලවත් වීම විශේෂ සිදුවීමකි.
ගුරු ග්‍රහයාගේ බලවත් වීමෙන් ඒ ඒ ලග්න වලට ඇතිවන සුබාසුබ මෙසේය.

මේෂ රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ ගෘහ ජීවිතයෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට යන්නේ නම් එහිදී ද සියලු සුව පහසුකම්වලින් යුතුව ජීවත්වීමේ වාසනාව ඇත. ඔබගේ උසස් අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවල වර්ධනයක් ඇතිවන ආකාරයේ ලකුණු පෙන්වන අතර සුවපහසුකම් ඇති විදේශ සංචාරවලට එක්වීමට හැකිවෙයි. ඒ අතරම ඔබ දිගු කලක් තිස්සේ පීඩා විඳිමින් සිටින රෝගාබාධ හේතු කොටගෙන රෝහල්ගත වීමට ඉඩ ඇත.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් සහ හිතවතුන් ඇතිවෙයි. රැකියා ස්ථානයේ කටයුතුවල උසස්වීමක් සහ සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ ඇතිවන අගය කිරීම් හේතු කොටගෙන ඔබගේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතයේ සුව පහසුකම් ඇතිවන අතර ආදායම් තත්ත්වය යහපත් වෙමින් බලාපොරොත්තු ඉටු කර ගනියි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී කෙටි ගමන්බිමන් රාශියක් ඇතිවන අතර ඒවා හේතුකොටගෙන නිවෙසින් පිටත ජීවත්වීමට සිදුවෙයි. ඔබගේ දැනුම හෝ හැකියාවන් හේතු කොටගෙන ආදායම් තත්ත්වය යහපත් වෙයි. මෙම කටයුතු බොහෝදුරට සන්නිවේදනය සහ ගමනාගමන අංශය මඟින් සහ ඒවාට යොමුවීමෙන් ලබන වාසි සහගත අවස්ථාවන් වෙයි.

වෘෂභ රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාල සීමාව තුළදී ඔබගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සහ හදිසි ලාභ ලබා ගැනීම පිණිස මඳක් වෙහෙසව කටයුතු කිරීමට සිදුවෙයි. ඔබගේ අනාරකෂිත බව හෝ නොසැලකිලිමත් බව නිසා සුළු අනතුරුවලට ගොදුරුවීමට ඉඩ ඇත. බොහෝ කෙටි ගමන් හේතු කොටගෙන ඔබගේ මුදල් පසුම්බිය තර වෙයි. කෙටිකාලීන රාජකාරි නිසා ඔබ නිවෙසින් අෑත් කර තබයි.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳ ඇතිවන අතෘප්තිමත් බවක් නිසා වෙනත් ස්ථානයකට යෑමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. ඔබ නිරත වන කටයුතු මඟින් ඇතිවන ඔබගේ සේවා දායකයන්ගේ තෘප්තිමත්භාවය මඟින් ඔබට වැඩිපුර වරප්‍රසාද ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ සංචාර යෙදේ.
2014 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී අනුමානයෙන් කරනු ලබන කටයුතු මඟින්ද සූදු වැනි ක්‍රීඩාවලට යොමුවීමෙන් ආදායම් තත්ත්වය වර්ධනය වෙයි. ලොතරැයි ජය ලැබීමේ වාසනාව ඇත. සමාජ සහ සංස්කෘතික කටයුතුවල නිරත වන්නන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙයි. දරු උපත් වාසනාවද දරුවන් සම්බන්ධ කටයුතුවල ඔවුන්ගේ අධ්‍යාපනයේ නැඟීම්ද ඇතිවන අතර ඔබගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථක වෙයි.

මිථුන රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී මුදල් ලැබීම් සහිතව ඔබගේ රැකියාවේ උසස්වීම් ලැබේ. මෙම කාලසීමාව තුළ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වෙයි. මුදල් ලැබීමේ වර්ධනයක් ඇතිවන හෙයින් ඉඩකඩම් මිලට ගැනීමේ හෝ ව්‍යාපාරික ස්ථාන ලබාගැනීමේ වාසනාව යෙදෙයි. සියලු සැප පහසුකම් විඳීමේ අවස්ථා ඇතිවන හෙයින් පවුල් ජීවිතය රසවත්ය.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී මුදල් ලැබීම් සහිතව ඔබගේ රැකියාවේ උසස්වීම් සහ අනුමානයෙන් කරනු ලබන දේවල් මඟින් මුදල් ලැබීමේ වර්ධනයක් ඇතිවෙයි. ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳ තෘප්තිමත් බවක් ඇතිවීම හෝ විදේශ සංචාරයන් සඳහා රැකියාවෙන් ඉවත් වෙයි. විදේශ ගමන්වලදී හදිසි අනතුරුවලට ගොදුරු විය හැකිය. මුදල් තත්ත්වයේ පහත වැටීම් නිසා ඉල්ලා ගැනීමට හෝ ණයවීමට සිදුවෙයි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී ස්වයං රැකියාවල යෙදීම හෝ ස්වතන්ත්‍ර නිර්මාණවලට යොමුවීමේ දැඩි උත්සාහයක් සහ එමඟින් ඔබගේ ඉලක්කයන් වෙත ළඟාවීමේ වාසනාව ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවන අතර සියලු සැප පහසුකම් විඳීමේ අවස්ථා ඇතිවන හෙයින් පවුල් ජීවිතය රසවත් වෙයි.

කටක රාශිය
2015 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ ශරීර සෞඛ්‍ය පිරිහීමෙන් ඇතිවන අසනීප හේතු කොටගෙන රැකියාවේ හදිසි පහත වැටීම් ඇතිවන හෙයින් මෙම කාලසීමාව යහපත් නොවෙයි. ඉතා මහන්සිවී වැඩ කිරීමෙන් ඔබගේ ආදායම උපයා ගැනීමට සිදුවෙයි. ඔබගේ රැකියාවට අදාළ නොවන කටයුතුවලට යොමු වීම නිසා රැකියාව වෙනස් වීම හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ එදිනෙදා කටයුතු කෙරහි වැඩිපුර අවධානය යොමු කිරීමටද, මාරක අනතුරුවලට යොමුවීමට ඉඩ ඇති හෙයින් ඉතාමත් පරෙස්සම් වෙන්න. තවද රැකියාවට අමතරව රහසිගත හෝ එවැනි දේවල්වලට යොමුවීමෙන් අයහපත් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී කෙටි ගමන්බිමන් රාශියක් යෙදෙන අතර රැකියාව මෙන්ම පෞද්ගලික අවශ්‍යතාවන් නිසාද අවිවේකී බවක් ඇතිවෙයි. ඔබගේ මුදල් අවශ්‍යතාවන් පියවා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් ඔබට ධන හානි ඇතිවෙයි. මුදල් හිඟකම නිසා කරදර රාශියකට මුහුණ දීමට සහ ආදායම් උපයා ගැනීමට නිවෙසින් පිටතට ගොස් ජීවත්වීමට ඉඩ ඇත.

සිංහ රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී අනුමානයෙන් කරනු ලබන කටයුතු මඟින්ද ලොතරැයි සූදු වැනි ක්‍රීඩාවලට යොමු වීමෙන්ද හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව ඇත. නඩු හබවලට යොමුවීමෙන් පාඩු සිදුවිය හැකි බැවින් හැකි තරම් දුරට ඒවා සමථයකට පත් කරගැනීමට උත්සාහ කරන්න. රෝගාබාධවලට නිසි ලෙස ප්‍රතිකාර නොගතහොත් රෝහල්ගත වීමට ඉඩ ඇත.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ වාසස්ථානය මාරු කිරීමට හෝ විදේශගත වීමට යහපත්ය. රැකියාවේ උසස්වීම් සහ හවුල් ව්‍යාපාරවලින් වැඩිපුර ආදායම ලබන බවද පෙනේ. එදිනෙදා කටයුතුවලදී හෝ සන්නිවේදන මාර්ග මඟින් වැඩිපුර වාසි සැලසෙයි. ඔබගේ ව්‍යාපාරික හෝ ජීවිත හවුල්කරුගෙන් වෙන්ව යෑමේ ප්‍රවණතාවක් ඇත. පරෙස්සමෙන් කටයුතු කරන්න.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී මූල්‍යමය වර්ධනය සමඟ ඇතිවන බලාපොරොත්තු ඉටුවෙයි. ඔබට මෙරටෙහි මෙන්ම විදේශයකදීද යහපත් සහ සුවදායක ජීවිතයක් ගත කිරීමට ලැබේ. ස්ව උත්සාහයෙන් කරනු ලබන කටයුතුවලින් විශාල ලෙස ආදායම වර්ධනය වෙයි. සමාජ සහ සංස්කෘතික කටයුතුවල නිරත වන්නන්ගේද ආදායම් තත්ත්වය වර්ධනය වෙයි.

කන්‍යා රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබට ඉතාමත් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේ. ආදායම් තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවත් සහ ඒ නිසා ඉඩකඩම් හෝ වෙනත් දේපළ මිලයට ගත හැකි අවස්ථා උදාවන බවත් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් සහ දේපළ වෙළෙ¼දාම වැනි කටයුතු මඟින් වැඩිපුර ආදායම ලබන බවද පෙනේ.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී චිත්‍ර ශිල්පයේ සහ වෙනත් කලා කටයුතුවල නිරත වන අය එවැනි කටයුතු මඟින් ගෞරව සහ පිළිගැනීම් මඟින් ඔබගේ ධනය වර්ධනය වෙයි. දරු උපත් මඟින් පවුලේ සාමාජිකත්වයේ වර්ධනයක් ඇති වෙයි. ඔබ මේ දිනවල යම් රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය කෙටි කලක් සඳහා පමණි. ඒවායින් ඉක්මනින් සුවය ලබා දෙයි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී ආදායම් තත්ත්වය වර්ධනය වීම සහ රැකියාවේ උසස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. ඔබගේ ඇසුරු කරන්නන් අතර ජනප්‍රිය වී එවැනි ආයතනවල ඔබ ඉහළ ස්ථානයකට නඟාසිටුවයි. තවද ඒවායේ වර්ධනය සඳහා ඔබ නිරත වන අවස්ථාවල පිළිගැනීමක් ඇතිවීම හේතුකොටගෙනද ඔබගේ ආදායම ඉහළ යයි.

තුලා රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ රැකියා කටයුතු හේතු කොටගෙන බොහෝ විට නිවෙසින් පිටත ජීවත්වීමට සිදුවෙයි. මේ නිසා වරින්වර නිවෙසට ඒමට සහ ඉන් පිටත විසීමට සිදුවන හෙයින් බොහෝ කෙටි ගමන්වල නිරත වෙයි. සන්නිවේදන ක්ෂේත්‍රයට හෝ ගමනාගමන අංශවලට යොමුවීමෙන් ඔබගේ ආදායම සරු වෙයි.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඉඩම් හෝ ඒවාට සම්බන්ධ අංශවල නම් දැන් ඔබට ඉතාමත් යහපත්ය. එවැනි දේවල් බොහොමයකට ඔබට හවුල් වීමට ලැබීමෙන් සුබ වෙයි. කලා සහ සංස්කෘතික අංශවල නම් ඒවායින් ගෞරව සහ පිළිගැනීම් ඇතිවීමෙන් ආදායමට ‍ෙදාරටු ඇරේ. ඔබගේ දරුවන්ටද මෙම කාල සීමාව තුළ යහපත් ප්‍රතිඵල ලබා දෙන අතර ඔවුන්ගේ බලාපොරොත්තුද පහසු ලෙස ඉටු කරගනිති. ඔබ මේ දිනවල යම් රෝගාබාධයකින් පෙළෙන්නේ නම් ඒවායින්ද ඉක්මනින් සුවය ලබා දෙයි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී ආදායම් තත්ත්වය දුර්වල වීම සහ රැකියාවේ ඉදිරි ගමනට බාධා ඇති විය හැකිය. විදේශ ගමන්වල යෑමට හෝ ඒ සම්බන්ධ කටයුතුවල නිරත වන අවස්ථා ඇතිවීම හේතු කොටගෙනද ඔබගේ ආදායම ලබා ගනියි. අසල්වැසියන්ගෙන් ඇතිවන කරදර හෝ බාධා කිරීම් නිසා ඔබට එක්තැන් වී සිටීමට සිදුවෙයි.

වෘශ්චික රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබට ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ලැබෙන අතර ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවක් සහ ඒ නිසා උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව ලැබෙයි. බොහෝ ගමන්බිමන්වල යෙදීමට සිදුවන හෙයින් සුව පහසුව අඩුවෙයි. විදේශ ගමන්වලට යොමුවීමටද හැකියාව ඇතිවෙයි.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ගේ ‍ෙදාර ඉඩකඩම් වැනි දේවලින් ඉවත්වීමට සිදුවීම සහ බලාපොරොත්තු නොවූ ධන හානි යෙදේ. එහෙත් වඩාත් සුවදායක ස්ථානවලට යොමුවීමට හෝ සුවදායක ජීවිතයක් ගතකිරීමට වාසනාව යෙදේ. ඒවා යහපත් ආයෝජනවලට හේතුවීමෙන් අනාගතයට සුබදායක මාර්ග සෑදේ.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී සැලකිය යුතු ප්‍රමාණයකට ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය වීම සහ රැකියාවේ උසස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. එසේම අනුමානයෙන් කරනු ලබන ව්‍යාපාර හෝ ලොතරැයි හෝ සූදු වැනි දේවලට යොමුවීමෙන්ද හදිසි ධන ලාභ ඇතිවෙයි. කෙසේ හෝ ඔබගේ ආදායම ඉහළ යයි.

ධනු රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී හදිසි ලාභ ප්‍රයෝජන සහ බලාපොරොත්තු නොවූ පරම්පරාගත දේපළ හෝ එවැනි ආකාරයේ වාසිදායක අවස්ථා එළැඹෙයි. එහෙත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාකාරී බව පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම මැනවි. නැතහොත් ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ අනතුරු හෝ අපහසුතාවන්ට මුහුණදීමට සිදුවීමෙන් කරදරකාරී ජීවිතයක් ගත කිරීමට හේතු වේ. එහෙත් සුවපහසුව උදාවන කාලයක් බව පෙනේ.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී යහපත් මුදල් තත්ත්වය හේතු කොටගෙන සුවදායක ලෙස සහ ධනවාදී ලෙස ජීවත්වීමට හැකියාව ඇතිවෙයි. ආදායම් තත්ත්වය වර්ධනය වීම නිසා යහපත් ආයෝජන කෙරෙහි ඔබගේ අවධානය යොමු වෙයි. එසේම ඒවායේ සාර්ථකත්වය ගැන සැක ඇති කරගැනීමට හේතු වන්නේ නැති ප්‍රතිඵල ලැබෙයි.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී සමාජ සේවා සහ පොදු කටයුතුවල නිරත වන අතර එවැනි කටයුතු මඟින් ගෞරවය සහ පිළිගැනීම ලැබීම නිසා ඔබගේ ධනය වර්ධනය වෙයි. ඔබ ඇසුරු කරන්නන් සහ හවුල්කරුවන් අතර ජනප්‍රිය වී එවැනි ආයතනවල ඔබ ඉහළ ස්ථානයකට නඟාසිටුවයි. තවද ඒවායේ වර්ධනය සඳහා ඔබ නිරත වන අවස්ථාවල පිළිගැනීමක් ඇතිවීම හේතුකොටගෙනද ඔබගේ ආදායම ඉහළ යයි.

මකර රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී බොහෝ කෙටි ගමන්බිමන් හේතුකොටගෙන ඔබට ඉතාමත් අවිවේකී ජීවිතයක් ගත කිරීමට සිදුවේ. ආදායම් තත්ත්වය පහළ යන බවක් සහ ඒ නිසා හවුල් ව්‍යාපාරවලින් සහ දේපළ වෙළෙ¼දාම වැනි කටයුතු මඟින් වැඩිපුර පාඩු ලබන බවද පෙනේ.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබගේ රැකියාවේ වෙනසක් හෝ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පොදු කටයුතුවල නිරත වන අයට එවැනි කටයුතු මඟින් ගෞරවය සහ පිළිගැනීම් මඟින් ඔබගේ ධනය වර්ධනය වෙයි. ස්වයං රැකියාවල නිරත වන්නේ නම් ඒවා මඟින් ඔබගේ ආදායම ඉහළ යයි. ගෘහ ජීවිතය සතුටුදායක වී සුව පහසුකම් ඇතිවන කාලයක්ය.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී ස්වයං රැකියාවල නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය වර්ධනය වීම සහ රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. රෝගාබාධවලින් පෙළෙන්නේ නම් ඒවායින් සුවය ලබා ගැනීම ප්‍රමාද වන්නේ ඔබගේ නොසැලකිල්ල නිසා අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු නොවීමෙනි. නීතියට එරෙහි වූ කටයුතුවලට යොමු වීම නිසා රැකියාව හෝ විශාල ප්‍රමාණයේ මුදල් පාඩුවක් ඇතිවෙයි.

කුම්භ රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී ඔබට ආදායම් තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන අතර ඉතාමත් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේ. රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තු වන්නේ නම් සුළු උත්සාහයකින් පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබේ. දේපළ මිලයට ගත හැකි අවස්ථා සඳහා සිත යොමු කරන බව පෙනේ.
2014 සැප්තැම්බර් මස 04 වැනි දින දක්වා කාලසීමාව පසුගිය කාල සීමාව තරමටම යහපත් වන්නේ නැත. ඔබට විරුද්ධව ඇතිවන පැමිණිලි හෝ චෝදනා හේතු කොටගෙන ඔබගේ රැකියාවෙන් ඉවත්වීමට හෝ මාරුවී යෑමට සිදුවෙයි. එම නිසා ඉතාමත් කල්පනාකාරී ලෙස සියලුම රාජකාරිවල නිරත වීම යහපත්ය. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන අයට යහපත්ය.
2015 ජූලි මස 13 වැනි දින දක්වා කාලසීමාව තුළදී අනුමානයෙන් කරනු ලබන කටයුතුවල නිරත වන අයට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අගනේය. හදිසි ධන ලාභ මඟින් ඔබගේ ආදායම ඉහළ යයි. ඔබගේ කටයුතු කෙරෙහි යහපත් පිළිගැනීමක් සහ ගෞරවයක්ද ලැබේ. දරු උපත් මඟින් පවුලේ වර්ධනයක් ඇතිවීමටද ඉඩ ඇත.

මීන රාශිය
2014 ජූලි මස 04 වැනි දින දක්වා කාලසීමාව තුළදී සමාජ සේවාවන් සහ කලා කටයුතුවල නිරත වන අයට එවැනි කටයුතු මඟින් ගෞරවය සහ පිළිගැනීමද එමඟින් ඔබගේ ධනය වර්ධනය වීමද බලාපොරොත්තු විය හැකිය. යහපත් ලෙස ආදායම් ලැබෙන හෙයින් ඒවා ඉතිරි කරගැනීම සඳහා අවධානය යොමු කිරීම වඩා අගනේය. ඔබට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේ. ආදායම් තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12138102
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12147726
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9632848
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9539924
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9366595
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'