Logo

 

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



උත්සව අවස්ථාවකට පහසුවෙන් සාදා ගත හැකි රසවත් අතුරු පසක් සාදා ගන්නා අාකරය අද බලමු.

ජෙලි පැකට් ඕනෑම පාටකින් අරන් එකේ කියලා තියෙන වතුර ප්‍රමාණයට වඩා කෝ්ප්ප 1ක් අඩුවෙන් දාගෙන වෙන වෙනම මිශ්‍රණ සාදා ගන්න. වෙන වෙනම බාජන වල බටර් ගා මිශ්‍රණ දමා සවි වන තුරු ශිත කරන්න. සවි වූ පසු කොටු කපන්න. මේ විදියට පාට 3කින් වත් තියෙනවා නම් හොඳයි.

පුඩිම හදන බාජනයේ බටර් ගා කොටු කපා ගත් පාට පාට ජෙලි ලස්සනට අතුරා ගන්න.

ඉන්පසු කිරි මිශ්‍රණය සාදා ගනිමු. කිරි 350ml, සීනි මේස හැදී 4 දමා උණු කර ගන්න, ජෙලටින් තේ හැදී 3 1/2ක් වතුර කෝප්ප ½ක විනාඩි 10ක් පමණ පොඟවා කිරි එකට දමා දිය කර නිවා ගන්න. මේ කිරි මිශ්‍රණය ජෙලි කොටු අතරට දමන්න. සුදු පාටට තියෙන්නේ මේක තමයි. දැන් මේ බාජනය ශීතකරණයේ දමා සවි වන තුරු තබන්න. දැන් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදලා ඉවරයි.

තවත් රසවත් කරන්න මාෂ්මෙලෝස් තට්ටුවකුත් උඩින්ම දමන්න පුලුවන්. ඒක හදන්නේ මෙහෙමයි. මාෂ්මෙලෝස් 75g, උණු කිරි 250 ml, ජෙලටින් තේ හැඳි 1 ඕන. මාෂ්මෙලෝස් සහ කිරි මයික්‍රොවේව් එකට දමා විනාඩි 1න් විතර එලියට අරගෙන කවලම් කරමින් දිය කරන්න. මයික්‍රොවේව් එකක් නැතිනම් කිරි ලිපේ තියලා උණු වුණාම එකට මාෂ්මෙලෝස් දාලා දිය කර ගන්න. දැන් ජෙලටින් ටික වතුර මේස හැන්දක විනාඩි 5ක් පමණ පොඟවා මාෂ්මෙලෝස් සහ කිරි මිශ්‍රණයට දමා දිය කරන්න. මෙය නිවෙන්න තියන්න. කලින් ජෙලි කොටු අතරට දැමූ කිරි මිශ්‍රණය සවි වුණාම මේ මිශ්‍රණය ඊට උඩින් දමන්න.

මේ පුඩිම හදලා රැයක්ම ශීතකරණයේ තියන්න පුලුවන් නම් හොඳයි. අඩු ගානේ පැය 5-6ක් වත් තියන්න. දැන් ශීතකරණයන් එළියට ගෙන බාජනය උණු වතුර එකක ගිල්වලා (වතුර ඇතුලට නොයන්න) තත්පර 30 විතර තියලා පිඟානක අනිත් පැත්ත හරවන්න.......

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12058501
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12068437
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9552522
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9443892
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9272334
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'