Logo

 

මාලු පාන් නිවසේදීම සාදා ගන්නා ආකාරය

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



හැමෝම කන්න ආස මාලු පාන් ගෙදරදීම රසවත්ව සාදා ගනිමු.

අවශ්‍ය දේ,
පාන් පිටි 250g
යීස්ට් 5g
ලා උණු කිරි 100ml (වතුර 100ml දැම්මත් කමක් නෑ)
සීනි 1 tbsp
ලුනු ½ tsp
බිත්තර 1
බටර් 2 tbsp
මැදට දැමීමට මාලු අල මිශ්‍රණයක්

සාදන ආකාරය:
• පිටි, යිස්ට්, සීනි, බඳුනක මිශ්‍ර කර ඉන්පසු ලුනු මිශ්‍ර කරන්න.
• එයට කිරි, බිත්තර සහ බටර් දමා Dough එක (ගුලියක්) හදාගන්න. මෙය stand mixer එකකින් හදනවා නම් ඒකෙ බෝල් එකේම මිශ්‍ර කරන්න.
• අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න (අදිමින් නැවත ගුලි කරමින් අනන්න). Stand mixer එකේ නම් medium speed විනාඩි 7-10ක් dough hook එක සවි කර knead කරන්න.
• ඇලෙන ගතිය ආවට පිටි වැඩිපුර දාන්න එපා.
• Dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
• ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර ගුලියක් සාදන්න.
• එය කෑලි 8කට කඩන්න.
• මේ කෑල්ලක් රවුමක් හැඩයට අතින් හදා ලෑල්ලක් මත තබා කොන් 3න් දිවක් වගේ හැදෙන සේ තුනී කරන්න. රෝලින් පින් එකකින් තුනී කලා නම් ලේසියි. එවිට මැද ගණකම ත්‍රිකෝණයක් හැදෙනවා. (පින්තූර බලන්න)

 

• ත්‍රිකෝණය මැදට මාලු අල මිශ්‍රණයෙන් ටිකක් දමා කොන් 3 නවා ගන්න. නවපු පැත්ත යටට සිටින සේ තැටියක දමා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
• එය මතුපිට පරිස්සමින් එය මතුපිට බිත්තර ගාන්න.
• 200oC (fan oven 180oC) රත් වූ oven එකක විනාඩි 15-20 පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12115540
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12126938
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9614776
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9521362
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9349195
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'