Logo

 

පෘට් ක්‍රම්බල් (Fruit Crumble) එකක් සාදා ගනිමු

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



නිවසේ තියෙන පළතුරු වර්ග වලින් රසවත් අතුරුපසක් ඉක්මනින් සාදා ගනිමු.

පළතුරු මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය:
ඇපල්, පෙයාස්, ස්ට්‍රෝබෙරි, බ්ලැක් බෙරි, රාස්බෙරි, ප්ලම්, වියලි මිදි, අන්නාසි, අඔ වැනි ඇඹුල් රස පළතුරු වලින් කැමති ප්‍රමාණයක්.
සීනි කොප්ප බාගයක් (හෝ කැමති ප්‍රමාණයක්)
බටර් හැන්දක් (බටර් නැති වුණාට කමක් නෑ)

Crumbs හදන්න අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි 100g
සීනි 50g
බටර් 50g

සාදන ක්‍රමය:
• ඇපල්, පෙයාස්, රුබාබ්, චෙරි, ප්ලම්, අන්නාසි, අඔ වගේ ඒවා නම් පොතු ඇරලා අඟල් බාගේ තරමට කෑලි කපා ගන්න.
• පළතුරු සියල්ල බාජනයකට දමා සීනි සහ බටර් දමා හොඳට කවලම් කරන්න.
• අවන් එකේ දාන්න පුලුවන් පිරිසිදු තැටියකට මේ පළතුරු අතුරන්න. පළතුරු වල ඇඹුල නිසා ඇලුමිනියම් තැටි ගන්න එපා.
• දැන් වෙනම බාජනයකට පිටි, සීනි සහ බටර් දමා කැට (crumbs) සැදෙන තුරු හෙමින් අතින් කවලම් කරන්න. මේකටම කුඩාවට කපා ගත් කජු දාන්න පුලුවන්.
• දැන් මේ crumbs පළතුරු වැහෙන්න උඩින් සිහින් තට්ටුවක් ලෙස දාන්න. තැටියේ ප්‍රමාණය අනුව ඕන තරමට මේවා ප්‍රමාණය වැඩි කර ගන්න පුලුවන්.
• අවන් එක 200 ˚C (fan 180˚C) රත් කරලා තැටිය මැද තට්ටුවක දාලා පැය බාගයක් පමණ බේක් කර ගන්න. උඩින් දාපු crumbs රන් වන් පාට වුණාම එළියට අරන් නිවෙන්න තියන්න.
• සංග්‍රහ කරන්න අයිස් ක්‍රීම් තියෙනවා නම් තවත් රසයි.

පෘට් ක්‍රම්බල් තව විදියකටත් හදන්න පුලුවන්.

• සීනි අවශ්‍ය ප්‍රමාණයක් බටර් හැන්දකුත් (බටර් නැති නම් වතුර හැන්දක් දමන්න) සමග ලිපේ තියලා කැරමල් වගේ වන තුරු හැඳි ගාන්න.
• එයට පළතුරු කවලම් කර මඳ ගින්දරේ විනාඩි 3-5 පමණ තම්බා ගන්න.
• කලින් විස්තර කරපු විදියට crumbs හදා ගෙන තැටියක බේකින් පේපර් එකක් දමා එය මත crumbs සිහින්ව අතුරා 180˚C විනාඩි 15 පමණ බේක් කරන්න.
• ඒවා රන් වන් පාට වූ පසු එළියට ගෙන නිවෙන්න තියන්න.
• පළතුරු උඩට crumbs දමා අයිස් ක්‍රීම් සමග සංග්‍රහ කරන්න.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12086206
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12097561
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9583883
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9486612
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9313146
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'