Logo

 

තේ වෙනුවට වල්ල පට්ට වවමුද

- ඉන්දික කුමාර විසිණි.



වල්ල පට්ටා සමඟ මිනිසෙකු අසු උවහොත් මහා අපරාධකරුවෙකු ලෙස අල්ලාගන්නා යුගයක අපේ රටට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වල්ලා පට්ට වගාව රසායනික ද්‍රව්‍යය භාවිතයෙන් තොරව වගාකර තේ වගාවෙන් ලබනවාටත් වඩා වැඩි ආදායමක් ලබාගත හැකිබව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

ලංකාවේ තෙත් අතරමැදි කලාපවල පහසුවෙන් ඉබේ වැවෙන මෙම ශාකයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ලංකාවේ විද්වතුන්ගේ සහ දේශපාලන අධිකාරයේ අවධානය ඉක්මනින් යොමුවිය යුතුව ඇත.

වල්ලපට්ට වගාකළ හැකි ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කය :- ගඟ ඉහළ කෝරළේ,හාරිස්පත්තුව,නුවර,උඩපළාත,උඩුනුවර,යටිනුවර,දොළුව,පස්බාගෙ කෝරළේ'.

කුරැණෑගල දිස්ත්‍රික්කය :- අලව්ව,පන්නල,පොල්ගහවෙල

රත්නපුර දිස්ත්‍රික්කය :-අයගම,ඇහැළියගොඩ,ඇළපාත,කහවත්ත,කළවාන,කිරිඇල්ල,කුරැවිට,නිවිතිගල,ඕපනායක,පැල්මඩුල්ල,රත්නපුර,ගොඩකවෙල

ගාල්ල දිස්ත්‍රික්කය :-අක්මීමන,බද්දේගම,ඇල්පිටිය,ගොනාපීනුවල,ඉමදූව,කරන්දෙනිය,නාගොඩ,නෙළුව,නියගම,තවලම,වැලිවිටිය-දිවිතුර,යක්කලමුල්ල,අම්බලන්ගොඩ,බලපිටිය,බෙන්තොට,බොපේ-පෝද්දල,ගාල්ල,හබරාදුව,හික්කඩුව

මාතර දිස්ත්‍රික්කය :-අකුරැස්ස,අතුරලිය,කොටපොල,මාලිම්බඩ,මුලටියන,පස්ගොඩ,පිටබැද්දර,වැලිගම,වැලිපිටිය

කොළඹ දිස්ත්‍රික්කය :-හෝමාගම,පාදුක්ක,හංවැල්ල,කැස්බෑව,මොරටුව,අවිස්සාවේල්ල

ගම්පහ දිස්ත්‍රික්කය :- අත්තනගල්ල,දොම්පෙ,මිරිගම

කළුතර දිස්ත්‍රික්කය :-අගලවත්ත,බණ්ඩාරගම,බේරැවල,බුලත්සිංහල,දොඩංගොඩ,හොරණ,ඉංගිරිය,කළුතර,මදුරාවෙල,මතුගම,මිල්ලනිය,පාලින්දනුවර,පානදුර,වලල්ලාවිට

ඇයි අපි අදම අගාවුඩ් වගාව ආරම්භ කල යුතු වන්නේ...?

පරිසර හිතකාමී වෙනත් භෝග වගාවන්ට හානිදායක නොව නඩත්තු වියදම් අවම ඉතා පහසුවෙන් සීග්‍ර වර්ධනයක් ඇති වසර 8 ක් වැනි කෙටි කාලයකදී ඉතා ඉහල ආදායම් ලබාගත හැකි වගාවක් නිසා. අපි නොදන්නවට වසර 20 ක් පුරා ලෝකයේ වෙනත් රටවල් , තායිලන්තව, වියට්නාමය, පිලිපීනය, මියන්මාරයථ ඉන්දුනීසියාව වැනි රටවල් මේ වගාව වානිජ වගාවක් විදියට වගා කරලා ඩොලර් කෝටි ගණනක් උපයමින් ආදායම් ලබනවා දෙන් ලෝරන්ස්, ලේඩි ගාගා, ඩියෝ වගේ සමාගම් මේ වලාවෙන් ලබා ගන්නා තෙල් වලින් ලෝකයේ ඉහළ මිල ගණන් වලට අලෙවි වන සුවඳ විලවුන් නිශ්පාදනය කරනවා ඒ වගේම පෙනහලූ ආශිත රෝග වලට ඖෂධ ශක්තිජනක පාන වර්ගද නිපදවනවා. අප පන්සල් යන විට මල් අරගෙන ගියාට චීනය වගේ රටවල් වල ජනතාව මේ අගාවුඩ් වලින් හදන ඉතා සුවඳවත් හඳුන්කූරු සහ සුවඳ කුඩු නිශ්පාදන තමයි ආගමික වතාවත් වලට යොදා ගැනෙන්නේ තවද කඳේ වෙනත් කොටස් ආශ්‍රයෙන් විසිතුරු නිර්මාන කරනු ලැබේ. මේ වගාවේ විවිධ ප්‍රභේද තියෙනවා

Thymicyalaceae ශාක කුලයට අයත් Gyrinopswalla නම් ප්‍රභේදය අප රටට ආවේණික වූ ශාකයකි. මෙහි තවත් ප්‍රභේදයන් තායිලන්තය, වියට්නාමය, පිලිපීනය වැනි රටවල් වල ගම් ආශි්‍රතව කෙරෙන වන වගා ලෙසින්සේම ගෙවතු වගාවක් ලෙසද මෙහි තවත් ප්‍රභේදයක් වූ Aqularia (ඇක්වලාරියා) ශාකය වගා කරනවා එම රටවලට සාපේක්ෂව අප රටේද මෙම ශාකය මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, නුවර, ගම්පහ, කොළඹ, කලූතර යන ප්‍රදේශ තුල ඉතා ඉක්මනින් පරිණත ශාකයක් බවට පත්වන බව සොයාගෙන තිඛෙනවා.

ලංකාවේ පවතින ඉහත ප්‍රදේශ තුල පවතින මුඩු ඉඩම් වල සහ තේ,පොල්, වගාවන් හෝ වෙනත් භෝග සමග (කුරුඳු, රබර් හැර) වගාවන් අතර හෝ වැට මායිම් වලට වගා කර ගැනීමෙන් එමගින් විශාල ධන සම්භාරයක් වසර 8 ක් වැනි කෙටි කලකදී උපයාගත හැක. මෙම වගාව දැන් දැන්ම ආරම්භ කල යුතුය. වසර අටකදී ඔබ ලක්ෂපතියෙකු හෝ කෝටි පතියෙකු බවට පත්වීම ඒකාන්තය. ඊට හේතු වනුයේ ඔබ අදම ආරම්භ කරන වලාව අවශ්‍ය කාලය එනම් වසර අටක් පමණ වන විට මෙහි මිල ගණන්ද ඉහළ යනු නොඅනුමානය.

දැන්වීම්
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 13133
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 86981
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 140510
තවමත් ලොව කලඹන ‘දින හයේ යුද්ධය
- ඉන්දික කුමාර
2017-06-11 08:34:56 - 283009
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 450007
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 6382701
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 6217885
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 4853043
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 4901420
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 4836843
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'