Logo

 

පෘථිවියේ ජීවය සැනකින් වනසන ධූමකේතු මාලාවක් පෘථිවිය දෙසට-වසර ගණනාවක් පෘථිවිය අදුරු යුගයකට

- ඉන්දික කුමාර විසිණි.



දැවැන්ත ධුමකේතු කිහිපයක් පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවනවා.

එය පෘථිවියේ ගැටුනහොත් ගෝලාකාර විශාල ගිනි පුළිගු පෘථිවි වායුගෝලයට එක්වනු ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමගින් මුදාහැරෙන අයිස් සහ දුවිලි හේතුවෙන් පෘථිවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිබෙනවා.

හිරු එළිය ද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පත්වනු ඇතැයි සඳහන්.

කෙසේවෙතත් එය සිදුවන දිනයක් - කාලය හෝ නිශ්චිත අවධානම පිළිබඳ මෙතෙක් නිවැරදිව ප්‍රකාශ කල නොහැකි බවයි වාර්තාවන්නේ.

මෙම ධුමකේතු සාමාන්‍ය ග්‍රාහකයකට වඩා විශාල අවදානමක් බවයි සමීක්ෂණය සිදුකල බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙන්නේ.

එහි වේගය පැයට සැතපුම් එක්ලක්ෂ පනස් දහසක වේගයකින් ගමන් කරමින් ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ප්‍රකාශකර ඇත්තේ මෙම ධුමකේතුවල අවදානම පිළිබඳ විමරශනයට පසුගිය දශක කිහිපය තුල දැඩි වියදමක් සහ වෙහෙසක් දැරූ බවයි.

නාසා ආයතනය ග්‍රාහක පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබුන ද මෙම අවධානමත් සමග වෙනත් ග්‍රහලෝක පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මතුවන බව විචාරකයන් පෙන්වා දෙනවා.

ධුමකේතු පිළිබඳ රහස් වැඩි ප්‍රමාණයක් සැගවී ඇති බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය පිළිබඳ දැඩි අවධානයකින් පසුවීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මීට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවියේ සිටි ඩයිනෝසරයන් වඳවී යනු ලැබුවේ ද විශාල වල්ගා තරුවක් ගැටීම හේතුවෙන් බවට මත පළවනවා.

එබැවින් වර්තමානයේදී ද පෘථිවියේ ගැටෙනු ඇතැයි අවධානම සහිත ධුමකේතු ගැටුන හොත් දැවැන්ත විනාශයක් සිදුවීම සැකයක් නොවේ.

සෙන්ටෝරස් ලෙස නම්කර ඇති මෙම ධුමකේතු එකතුව පිළිබඳ අනාවරණ කර ගැනුනේ පසුගිය දශක දෙක තුලදීයි.

එ්තුල අඩංගු වන්නේ ගෝලාකාර අයිස් කුට්ටි සහ දුවිලිවලින් නිර්මාණය වු කොටස් බව විදෙස් වාර්තාවල සඳහන්.

නෙප්ච්‍යුන් ග්‍රහයා ආසන්නයෙන් එය මතුවී ඇති බවටයි සැලකෙන්නේ.

එහි තවත් කොටස් විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර එක් කොටසක් වර්ග සැතපුම් 31 සිට 61 ක් පමණ දක්වා ප්‍රදේශයක පැතිර පවතින බව අනාවරණ වී තිබෙනවා.

පෘථිවියේ ගැටෙතැයි අපේක්ෂිත සෙන්ටෝරස් නම් මෙම ධුමකේතු එකතුවේ, සාමාන්‍යයෙන් පෘථිවියේ සමස්ත ජනගහණයට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් පවතිනවා.

පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ පවතින අභ්‍යවකාශ වස්තුන් 12 992 ක් නාසා ආයතනය මේවන විට අනාවරණ කරගෙන තිබෙනවා.

ඉන් 1700 ක් උපද‍්‍රව සහිත ඒවා බවටයි සඳහන් වන්නේ.

එහෙත් නව සොයා ගැනීමත් සමග එම ලැයිස්තුවට තවත් සිය ගණනක් එක් කිරීමට සිදුවනු ඇති බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

 

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1881834
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1732092
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1698362
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1702215
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1728804
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'