Logo

 

2016 එන එල්නිනෝ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සාගින්නට පත්කරනු ඇතැයි නාසා ආයතනයෙන් අනතුරු අඟවයි

- ඉන්දික කුමාර විසිණි.



1998 වසරේදී ලොව බරපතළ කාලගුණ විපර්යාසයන් හට ගැනීමට තුඩු දුන් එල් නීනෝ කාලගුණය මේ වසරේත් එතරම්ම බරපතළ විය හැකි බව නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

අත්ලාන්තික් සාගරයට උතුරෙන් හට ගනිමින් පවතින දරුණු කුණාටුව හේතුවෙන් ආක්ටික් සාගරයේ අසාමාන්‍ය උෂ්ණත්වයක් මතු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

උත්තර ධ්‍රැවය ආසන්නයේ කාලගුණ කලාපයක හිම මිදෙන මට්ටමට ඉහල උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක සෘණ 25 ක් පමණ වාර්තා කරන ශීත සෘතුව මැද භාගයේදී උත්තර ධ්‍රැවයේ එවැනි උෂ්ණත්වයක් හට ගැනීම ඉතා අසාමාන්‍ය තත්වයක්.

මේ හේතුවෙන් තව දුරටත් ඇතැම් කලාප තුළ නියඟ තත්වයන් වර්ධනය වන අතර සමහරක් කලාප තුළ ජල ගැලීම් ඉහළ යනු ඇත.

මෙම තත්වය හේතුවෙන් අප්‍රිකානු මහද්වීපයට බරපතළ තර්ජන මතු වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර පෙබරවාරි මාසය එන විට ආහාර හිඟය ඉහළ යනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

ඉදිරි මාස හය ඇතුළත කැරීබියානු , මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඇතුළු කලාප මෙම තත්වයන්ට මුහුණ දෙනු ඇත.

2016 වසරේ ඇති වීමට නියමිත බරපතළ එල් නීනෝ කාලගුණය හේතුවෙන් කෝටි සංඛ්‍යාත ජනකායකට කුසගින්නේ සිටීමට සහ පානීය ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇති බවටත් නාසා ආයතනය අනතුරු අඟවයි.

දැන්වීම්
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 292
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 583
අමතක කරවන අතීතයෙන් බිඳක්...
- ජනිත් විපුළගුණ
2017-09-23 08:28:44 - 419
තැළී පොඩි වන්නෝ...
- අරුණ වාසලමුදලි
2017-09-23 08:26:27 - 604
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 16834
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2014-06-18 17:22:53 - 10811454
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10707434
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8617230
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8522120
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8336888
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'