Logo

 

කන්‍යා ලග්නයේ ගති ලක්ෂණ

- විජිත රෝහණ විජේමුණි විසිණි.



 

සාමාන්‍ය රූප ස්වභාවය ඃ සියුමැලි ශරීරය වේ. මධ්‍යම ප්‍රමාණය වේ. ලෙලදෙන කටහ`ඩ වේ. කඩිසර ගමන් බිමන් වේ. වයසට වඩා තරුණ ගතිය පෙනේ.

ගතිගුණ ඃ ඥානයට අධිපති කන්‍යා ලග්නයෙන් උපන් අයට විසඳීමෙහි දක‍ෂ ඥානයක් උත්පත්තියෙන් ලැඛෙයි. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප්‍රවේසම් සහිත වේ. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳුද කිව්වොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් පැවසීමේදී සු`ඵ දේ පවා විස්තර කර පවසයි. ලියකියවිලි ඉතා ප්‍රවේසම් සහිතව තබා ගනී. උවමනා නැති සු`ඵ දේවල් වලට පවා කාලය ගතකරයි. බීමට පි්‍රය වේ. රස දේ කෑමට පි්‍රය වේ. නීරෝගි වේ. එහෙත් නැති ලෙඩට බොහෝ බයවේ. නැති ලෙඩට ඛෙහෙත් කයි. පොලවට හිත වේ. වැවීට ශ=ර වේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවමින් කරයි. හිතනවාට වඩා වැඩ කරයි.

දුර්වල කම හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසට අඩු කම නිසා අනුන් විශ්වාස නොකිරීමත්, ඉතා සු`ඵ දේවල් වලට ඇ`ගිලි ගැසීමත්, අනුන්ගේ දොස් සෙවීමත්ය.

රෝග ඃ ආමාංශයේ රෝග සහ ශරීර ශක්තිය අඩුවීගෙන යන රෝග වලට භාජනය විය හැක.

පැළඳිය යුතු පාශාන වර්ග ඃ රතු හෝ ලා පාට ගල් පද්මරාග පැළඳීම යහපත්ය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11590303
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11598908
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9068784
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8968940
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8780180
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'