Logo

 

2016 රට තවත් අගාධයට යනවා

- පී ඒ පෙරේරා මහත්මිය විසිණි.



මේ 2016 අවුරුද්දේ ඉතිරි මාස අට රටට බලපාන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් 2004 සුනාමි ව්‍යසනය පිළිබඳව සත්‍ය වූ අනාවැකිය රටට කී ජ්‍යොතිෂවේදිනී පී.ඒ. පෙරේරා මහත්මියගෙන් කළ විමසීමේදී ඇය රටේ අනාගතය ගැන මෙසේ පැවැසුවාය.

මෙහිදී රටේ අනාගතය පිළිබඳව තත්කාල කේන්දරයක් සකසා එහි ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ජ්‍යොතිෂ විද්‍යානුකූලව රටේ අනාගතයට අදාළ කරුණු ඇය හෙළිදරව් කළාය.

මේ වෙලාවට අනුව (2016 අප්‍රේල් මස 20 වැනි බදාදා සවස 3.50ට) මා තත්කාල කේන්දරය සකස් කළා.සවස 3.35 සිට 5.30 තෙක් කන්‍යා ලග්නය උදාවෙලා තිබෙනවා. බුද්ධියට අධිපති බුධ ග්‍රහයා (ලග්නාධිපති) රවි සමඟ අටවැන්නේ ඉන්නවා. මෙමඟින් රටේ නායකයන් නියෝජනය වෙනවා.
ගුරු වැටුණාම පෙන්නුම් කරන්නේ මේ රට ප්‍රපාතයට යන බවයි. හොරකම්, සතුරු කරදර, නඩුහබ, නින්දා අපහාස නොහිතූ අයට ඇති වෙනවා.

බොහෝ දෙනා බොරු කියනවා. මිනිසුන් රැවටීමට හසුවෙනවා. මිනිසුන් කිසිවක් ගණන් නොගන්නා තත්ත්වයට පත්වෙනවා. හිතාගන්න බැරි තරම් රහස් ඉදිරි කාලයේදී එළියට එන බව මං බය නැතිව කියනවා.

පාතාලයේ බොහෝ දෙනකු මැරෙනවා. ඒ දේවලට පොලිසියේ අයත් පැටලෙනවා. මූණට මූණ සටන් වගේ තත්ත්වයක් එනවා. පසුගිය කාලයේ වැලිකඩ හිරගෙදර සිදුවූවා වගේ දේවල්. සමාජයේ සිටින අහිංසකයන් පැත්තකට වෙනවා. ඔවුන්ට කරදරයක් නැහැ. වැරැදි කරන අයට දඬුවම් ලැබෙනවා.

නීති තව තවත් දැඩි වෙනවා. දැනටමත් ආරම්භ වී ඇති මේ තත්ත්වය අගෝස්තු වීමට පෙර භයානක අඩියකට පත්වෙනවා. අගෝස්තු මාසයේ 12 වැනිදා ගුරු මාරුවෙන් පසු යම් පාලනයක් වෙනවා.
සුනාමි වගේ දේවල් එන්නේ නැහැ. භයානක තත්ත්වයක් මතුවෙන්නේ ගිනි අවිවලින්. ඒ අතර ස්වභාව ධර්මය මඟින් බොහෝ දෙනාගේ හොරකම් හා රහස් හෙළිදරව් කරනවා. එසේ වීමෙන් ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා. ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා.

ලොකු ලොකු අයගේ බැංකුවල තියෙන ඔක්කොම හොර සල්ලි එළියට එනවා. සමහර අයට ඉහළ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න වෙනවා.

මේ අවුරුද්දේ ගිනි අවි හැරුණාම ස්වාභාවික ව්‍යසන ලෙස සුනාමි එන්නේ නැහැ. නමුත් ගින්දරින්, භූමිකම්පාවලින් අනතුරු තියෙනවා. මැයි, ජුනි, ජූලි අතර කාලයේ භූමිකම්පා වැනි දේ ඇති වෙන්න පුළුවන්. 2017 ජනවාරි 16 වැනිදා තෙක් හදිසි විපත් ඇති වෙන්න ඉඩ තියෙනවා. අහිංසක මිනිස්සු ගොඩක් මැරෙනවා. සුනාමි වගේ විශාල ගණනක් එක පාරට මැරෙන්නේ නැහැ.

ගුවන් යානයක් ගිනිගෙන කඩා වැටී ලොකු ඛේදවාචකයක් සිදුවන බව පෙනෙනවා.
2017 ජනවාරිවලට පෙර මේ අවුරුද්දෙදි එවැනි විපතක් වෙන්න පුළුවන්. රටේ කාන්තාවන්ට බොහෝ විපත් ගෙන දෙන කාලයක් ඉදිරි කාලය. ලෙඩ රෝග, මෙතෙක් නොඇසූ ලෙඩ, වසංගතයන් වගේ කාන්තාවන්ට හැදෙන්න පුළුවන්. මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්.

ඒ වගේම ආබාධිතයන්ටත් විපත් සහිත කාලවකවානුවක්. ආබාධිතයන් සිටින තැනක හෝ රෝහලක යම් විදියකින් ගෑස් සිලින්ඩරයක් කාන්දු වී හෝ ගිනි අරගෙන ඔවුන් මියයන අන්දමේ ඛේදවාචකයක් අසන්නට ලැබෙනවා.

ජලයෙන් සිදුවන විපත් සෑම විටම පාහේ සිදුවන නිසා මෙහිදී ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. පූජ්‍ය පක්‍ෂයටත් අපලයි. පූජ්‍ය පක්‍ෂය සිරගත වීම් සිදුවෙන්න ඉඩ තියෙනවා.
උතුර - නැගෙනහිර බල බෙදීමක් කිසිවිටෙක සිදුවන්නේ නැහැ. යම් කිසිවකු එවැනි දෙයක් කරන්න උත්සාහ කළොත් ඔවුන් පරදිනවා.

මේ අවස්ථාවේදී ජනතාව ධාර්මික වීමෙන් රටට එන විපත් අඩු කරගෙන රට බේරාගැනීමට පුළුවන්. හැමදෙනාම හොරකමින් වැළකිය යුතුයි. මහජනතාවගේ මුදල් ගසාකන අයට දැඩි දඬුවම් ඉදිරියේදී ලැබෙනවා. පාලනයේ ඉන්න අය පවා හොරකමින් ඈත් වීමට උත්සාහ දැරිය යුතුයි. ඉදිරියේදී එවැනි දේට දඬුවම් ලැබෙන්නේ සොබාදහමෙනුයි.

දෙවියන්ගේ ආශීර්වාදය හෝ ලබාගැනීමට අඩු ගානේ පන්සිල් රකිමින් හොරකමින් ඈත්ව ජීවත් විය යුතුයි. දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට නම් හරක් මස් කෑමෙන් සම්පූර්ණයෙන්ම ඈත්විය යුතුයි. ගව ඝාතනය මේ රටේ නැවැත්තුවහොත් බලා ඉඳිද්දි රට ස්වයංපෝෂිත වෙනවා. ඒ වගේම මත්පැන්හල් හා සම්බාහන ආයතනත් වහන්න ඕන. එවිට සොබාදහමේ ආශීර්වාදය නිකම්ම ලැබෙනවා.

උතුර - නැගෙනහිර නැවැත අවි අතට ගැනීමක් පෙන්නුම් කරන්නේ නැහැ. මුස්ලිම් ජන වර්ගය තුළ ඔවුනොවුන් අතර අසමඟිකම් මතු වෙනවා.

කෑම බීම ඉතා මිල අධික වෙනවා. නැති බැරි අයට කුසගින්නේ ඉන්න සිදුවේවි. යාචකයන් සංඛ්‍යාව වර්ධනය වන බවක් පෙනෙනවා. බෝවෙන ලෙඩ රෝග වැඩි වෙනවා. ඉතා ලොකු නියඟයක් ඉදිරියේ එනවා. ලබන වෙසක් මාසෙන් පසුව මෙම තත්ත්වය උදාවෙනවා.

2016 නොවැම්බර්වලින් පසුව රටට ටිකක් හොඳයි. මිනිසුන්ට සතුටින් සිටීමට ඉඩ ලැබෙනවා. 2017 වසරේදීත් ආර්ථිකයේ කඩාවැටීමක් දකින්න ලැබෙනවා. බාලවයස්කාරයන් විශාල ලෙස වරදට පෙලඹවීමක් දකින්නට පුළුවන්. ඉගෙනීම අතපසු කරනවා. මිනිසුන් අතර තිබෙන අනියම් සම්බන්ධතා බොහොමයක් හෙළිදරව් වෙනවා.

2017 වසරේදී ව්‍යාපාර කඩාවැටීම් සිදුවෙනවා. පාසල්වල මූල්‍ය වංචා හා පගා ගැනීම් හෙළිදරව් වෙනවා. නව නීති සම්පාදනය වීම් පෙන්වනවා. එල්ලු‍ම් ගහ නැවැත ක්‍රියාත්මක වන්නේ නැහැ. අපේ රටෙන් ණය අයකර ගැනීමට විදේශ රටවලින් නඩු පැවරීම් සිදුවෙනවා.

වෛද්‍යවරු බදු නොගෙවා ඉඳීම් අඩු වෙනවා. 2016ට වඩා 2017 පොලිසියට හොඳයි. දේශපාලනඥ්‍යයන්ට අපහාස විඳින්න වෙනවා. විදේශයන්ට රැවටෙනවා. ජනතා උද්ඝෝෂණ ඇතිවෙනවා. කෑම බීම අඩුපාඩුකම් ඇති වෙනවා.

2017 ජනවාරිවලින් පසුව නැවැත නියඟයක් එනවා. කුඹුරු පාළු වෙනවා. ඒත් රටේ නායකයා මැදිහත් වී දළදා ප්‍රදර්ශනයක් කිරීමෙන් වර්ෂාව ඇති වෙනවා. නැවැත ගංවතුරක් ඇවිත් විනාශ වෙනවා. මාස හයක් පමණ පවතින නියඟයෙන් වගේම ජල ගැල්මෙනුත් මිනිසුන් මැරෙනවා.

ජුනි - ජූලි මාසවල නියඟය දරුණුවට තියෙනවා. ළැව්ගිනි වගේම භූමිකම්පා වැනි දේත් ඇති වෙනවා. 2017දීත් සුනාමි එන්නේ නැහැ. ඉන්දියාව වගේ ළඟ රටවලට ආවත් සුනාමිවලින් අපේ රට බේරෙනවා. පාතාල නැඟිටීම්වලින් ඝාතන සිදුවෙනවා.

රටේ නායකයා 2017 ජනවාරිවලින් පසුව වඩා ඍජුව හා වඩා දැහැමිව කටයුතු කිරීම ආරම්භ කරනවා. තමා සමීපයේ සිටින වැරැදිකරුවන් ඉවත් කරනවා.

දැන්වීම්
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 19752
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 411206
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1052607
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1830470
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 2398190
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 9578714
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 9432543
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 7914766
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 7859793
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 7712028
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'