Logo

 

බුදු පිළිමය සහ බොල් පිළිමය අතර වෙනස

- අරුණ වාසලමුදලි විසිණි.



ස්වාභාවික විපත්වලදී බුදු පිළිම ආරක්ෂා වන එක සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා...සමහරු නම් කියන්නේ මේක මේ බෞද්ධයින්ගේ නිකම්ම නිකං "ප්‍රවර්ධනයක්" විතරයි කියලා...ඒ නිසාම මේ විසංවාදී මතවාද අතරේ ඔබට මෙහි යතාර්ථය පැහැදිලි කරන්න ඕන කියලා මම හිතුවා....

මේක නිකම්ම නිකං "ප්‍රවර්ධනයක්" විතරයි කියන මිතුරනි....ඔබ මින් පෙර දැනගෙන හිටියේ නැත්ද දෙව්දත් තෙරුන් බුදුන්ට ගල් පෙරලන විට ඒවා වලකන්නට පොලොවෙන් ගල් මතු වූ බව ?

බුද්ධ ධර්මය යනු ස්වභාව ධර්මයේ මෙහෙයුම් පද්ධතියයි(operating system )... උදාහරණ ලෙස කර්මය, ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය , පුනර්භවය ආදී සියල්ල විශ්වීය සනාතන සත්‍යයයන්...ඒ නිසාම සොබා දහමේ සැකස්ම තමයි කොටින්ම "බුද්ධ ධර්මය" කියල කියන්නේ...

බලන්න windows කියන මෙහෙයුම් පද්ධතිය දිහා... තමන්ට හානිකර අවස්ථාවක ස්වයංක්‍රීයව recovery වෙන හැටි සහ firewall activate වෙන හැටි... මේත් ඒ වගේ... ඒකනේ කියන්නේ ධර්මය රකින්නා ධර්මයෙන් රැක දෙනවා කියලා....ස්වභාව ධර්මයේ operating system එක වන "බුද්ධ ධර්මය" සහ එහි භෞතික කොටස් ස්වභාව ධර්මය විසින් ස්වයංක්‍රීයව රැකගන්නවා....

ඔබ බෞද්ධයෙක් නම් ආදාහනයෙන් පසු බුදුන්ගේ ධාතු කොටස් සහ සෙසු රහතුන්ගේ ධාතු කොටස් ඉතුරු වුණු හැටි සිහි කරගන්න... ඒ සොබාදහමේ හැටි...! බලන්න.. අපේ මොලය නැමැති අපේ operating system එක අපේ ශක්තිමත් හිස්කබලෙන් රකින හැටි....!

යමෙක් මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් බුද්ධ රූපයක් සහ ජීවමාන බුදුන් අතර වෙනසක් තිබෙන බව මා විසින් නොදැන කතාකරනවා දැයි කියා....

ඇත්තටම අකාලික බුදු දහමේ "භෞතිකමය" කොටස් තියෙනවා...මම මුලින් කිව්වා වගේ ධාතු කොටස්...ත්‍රිපිටකය වගේ ග්‍රන්ථ...බෝධිය...වෙහෙර විහාර..ඉතින් ඒ ඝනයටම තමයි "බුදු පිළිමත්" අයිති වෙන්නේ....

බුදු පිළිමයක් කියන්නේ බුද්ධ ධර්මයේ ප්‍රතිමුර්තියක්... ජීවමාන බුදුන්ගේ ප්‍රතිමුර්තියක්.... අඹුවත් එක්ක රණ්ඩුවෙලා ඇවිත් ගල්වඩුවා එදා සමාධි පිළිමය ඇඹුවේ නැහැ නේ...එහෙම කළා නම් එතැන තියෙන්නේ සමාධි පිළිමය නෙමේ යක්ෂ පිළිමයක්... අචල ශ්‍රද්ධාවෙන් පේවිලා තමයි ඒක කලේ... අදටත් පිළිම නෙළන්නේ එහෙමයි.... ඒ පිළිම නෙළන්නාගේ පැත්තෙන්...

පිළිමයට වන්දනා මාන කරන්නාගේ පැත්තකුත් තියෙනවා...ලක්ෂ සංඛ්යාත මිනිසුන්ගේ භක්තිය, පිදුම , වැඳුම, බලයක් ලෙස ගොඩ නැගෙනවා... පිළිමය අසල විතරක් නෙමේ.. ඒ ප්‍රදේශයම...

තවදෙයක් තියෙනවා... ඒ පිළිමයේ ඇති ඉරියව්... බුදුන් භාවනා කිරීමට ආසන පැනවූ ක්‍රමයක් තියෙනවා... පිළිම නෙළා ඇත්තෙත් ඒ ඉරියව් වලට අනුව..ඇයි බුදුන් නොකිව්වේ ඔලුවෙන් හිටගෙන භාවනා කරන්න කියලා...? ඒ අනුව පැහැදිලි වෙනවා බුදු පිළිමය නිර්මාණය වෙන්නේ නියම බුද්ධ භාවයේ සැබෑම ප්‍රතිමුර්තියක් විදියට කියන එක... බුදු පිළිමය සහ වෙනත් බොල් පිළිම අතර වෙනස එයයි.....

ලක්ෂ සංඛ්යාත මිනිසුන්ගේ භක්තිය, පිදුම , වැඳුම, බලයක් ලෙස ගොඩ නැගෙනවා කියලා මම කිව්වා නේ...ඒක තවත් පැහැදිලි කරන්න මට පුළුවන්... ඩයිනමොවක ක්‍රියාකාරීත්වය බලන්න...නැත්නම් ෆෑන් එකක... ඔතපු තඹ කම්බි රෝල හරහා කරන්ට් එක යනවා...එතැන "තාප ශක්තියක්" වෙනම ගොඩනැගෙනවා.... චුම්බක ශක්තියක් ගොඩනැගෙනවා.. චුම්බක ශක්තිය මගින් ෆෑන් එකේ පෙති කරකවන්න යාන්ත්‍රික(චාලක) ශක්තියක් ගොඩනැගෙනවා...මිනිසුන් නිතර වඳින බුදු පිළිමයක් වගේ තැනක බලයක්, ශක්තියක් නැහැ කියා තවමත් ඔබ හිතනවාද....?

Aruna Wasalamudali

Aruna Wasalamudali

Aruna Wasalamudali

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 90936
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 98443
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 129496
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 143540
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 502457
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4110846
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3823613
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3836917
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3866352
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3808504
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'