Logo

 

පුත්තලමින් හමුවූ අපූරු අඹ වර්ගය

- නදීශා අමරසේකර විසිණි.



පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයකි.

බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක  බව නිවෙස් හිමිකරුවන් පවසයි. මා හට පෙනෙන ලෙසට මෙය විලාට් වර්ගයට අයත් බද්ධ කළ අඹ වර්ගයකි ලෙස සැලකීමට හැක.


මෙම වර්ගයේ එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබේ. මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්  වේ.
තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බව පැවසේ.

ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවත් පැවසේ.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4864
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 37583
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 323893
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 358024
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 618052
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16026787
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15905924
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13353539
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13297616
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13164026
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'