Logo

 

සිංහල බෞද්ධ සංරචකය ආරක්‍ෂා කරගත යුත්තේ ඇයි?

- මහින්ද පතිරණ විසිණි.



යහපාලන ආණ්ඩුව පත්කර ගැනීම මතවාදීව මැදිහත් වූ බලපෑම්කාරී ම කණ්ඩායමේ එකම එක අරමුණක් විය. ඒ මෙරට සිංහල බෞද්ධ සංරචකය අහෝසි කර දැමීමයි. කොටින් ම ලංකාව වෙනත් ‘බසකට’ නැගීමයි. මෙරට සිංහල බෞද්ධයින් සේ ම දමිළ හා මුස්ලිව් සහෝදරයින් ද මේ අරමුණ සාවධාන ව කියවා තේරුම් ගෙන සිටීම මේ මොහොතේ ඉතා වැදගත් ය. ඒ මන්ද යත් මේ ව්‍යාපෘථිය දමිළයින්ට හෝ මුස්ලිමුන්ට බැලූ බැල්මට පිනායන එකක් ලෙස පෙනී ගොස් ඔවුන් ඊට හසුවිය හැකි නිසා ය. එහෙත් ඒ යටින් දිවෙන්නේ ඊට සපුර‍ා ම විරුද්ධ ජාති හෝ ආගම් භේදයකින් තොරව සැමට විනාශය ගෙනෙන වියවුල් න්‍යාය බව තේරුම් ගැනීම අපගේ අභියෝගයයි.

සිංහල බෞද්ධ සංරචකය ඉවත් කිරීම යනු-අප මීට පෙරත් පෙන්වා දී ඇති ලෙස සෞරග්‍රහ මණ්ඩලයෙන් සූර්යා ඉවත් කිරීමට සමාන එකකි. ග්‍රහ ලෝක වශයෙන් වෙනස් වුව ද අප සැම තමන්ට පහසුම හා ලෙහෙසිම මාර්ගයේ එකිනෙකා සමග නොගැටෙමින් තම තමන්ගේ කක්‍ෂවල ගමන් කරන්නේ සූර්ය පාලනය නිසා ය. සූර්යා තම කාර්ය තව දුරටත් එය නොකිරීම යනු සියල්ල උඩුයටිකරු වී එකෙකු විසින් අනෙකා පරයා යන බහුමාන සටනක් නිර්මාණය වීම ය. මෙය අදියර දෙකකින් සිදු වේ. එකක් නම් සූර්ය පාලනය මත කෙරෙන නායකත්වය පළමුව ඉවත් කිරීම ය. දෙවැන්න එසේ ඉවත් වූ පරිසරය තුළ මහා සංරචකය වෙනස් කිරීම සඳහා වන ව්‍යපෘථිය දියත් කිරීම ය. ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ දෙවැනි පියවරයි. ඇමරිකාව මැදිහත් වී මැදපෙරදිග කලාපයේ සිදුකළ මෙවැනි ‘සූර්ය පාලන’ ඉවත් කිරීම අප කියන කතාවට කදිම නිදසුන් ය. ඉරාකය එකිනෙකා මරාගනිමින් අස්ථාවර වූ ආකාරය බලන්න. සිරියාවට සිදු වූ දේ බලන්න. ලිබියාවට වූ බලන්න. අප්‍රිකාවේ සෞභ්‍යවත් ම ලිබියාව අද එහි අපාය බවට පත් වී හමාර ය. මෙම රටවල ම පිරිසක් මේ විනාශකාරී ව්‍යාපෘථියට සහාය දුන් බව සැබෑ ය. එහෙත් අද ඒ සහාය දුන් අයගේවත් අරමුණ ඉටු වී තිබේ ද? නැත. විනාශ වන්නේ මුළු රට ම එකට ය. ලංකාවේ දමිළ හා මුස්ලිම් සහෝදරයින් ද රනිල්-මෛත්‍රී ව්‍යාපෘථියෙන් ලඟ චූන් වී සිටීනම් ඔවුන්ට ද අත්වන්නේ අවසානයේ මේ අවසානය ම නොවේ ද?

අප සිතන්නේ නැගෙනහිර පළාත් මහ ඇමති සම්බන්ධ සිදුවීමේ මුල තිබෙන්නේ ද මේ වන විටත් ඇති ව තිබෙන ඉහත වන් තත්වයකි. නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් මුස්ලිමුන්ට එරෙහි ව දමිළ පිළ ගැනීම මේ සියල්ලට හේතු වී තිබේ. මුස්ලිම් මහඇමතිවරයා කොන් කර තිබෙන තත්වයකි. ඒ කොන් කිරීමේ ආවේගයයි ඔහු නාවුක නිලධාරියා මතින් එදා නිදහස් කළේ. එහෙත් දැන් ප්‍රශ්නය තිබෙන තැන බලන්න. හමුදාව කළේ මහඇමතිවරයාට දඬුවමක් පැනවීම ය. එය එසේ කිරීමට ඔවුන්ට සිදු වූයේ තමන්ට ආණ්ඩුවේ ආශිර්වාදය මතින් සිදුවන අසාධාරණකම් හා කොන්කිරීම් ඉවසා සිටිය නොහැකි තැන ය. එසේ නොමැති නම් මේ තීරණය හමුදාව විසින් එම තහනම පැනවීම එතරම් දූරදර්ශී නොවේ. එහෙත්, රජය කළේ නැගෙනහිර නාවුක අණ දෙන නිලධාරියා කොළඹට මාරු කොට- ඒ වෙනුවට විශ්‍රාම ගිය දමිළ නිලධාරියෙකු ඊට පත්කිරීම (ප්‍රශ්නය දමිළ නිලධාරියා පත් කිරීම නොවේ. එය සිදු වූ සංදර්භය හා තෝරාගත් වේලාවයි) මතු නොව ඔහු ලවා මහඇමතිවරයා නාවුක හමුදා කඳවුරකට ගෙන්වා දිවා ආහාරයක් ද දෙන්නට සැලැස්වීම ය. බලන්න මෙම සිදුවීම තිබෙන ජාතිවාදී කෙටවීම් පෙළ. පළමුව දමිළ-මුස්ලිම් පාර්ශව දෙක කෙටවීම ආණ්ඩුකාරවරයා හරහා සිදුවීය. දෙවැනි ව එය රටේ ම ප්‍රශ්නයක් බවට පත් වූ පසු ඒ තුළට සිංහලයා ද කැඳවා ප්‍රශ්නය තුන්කොන් සටනක් කළේ ය. මොනම අවස්ථාවකවත් කොඳු කැඩිය ‍යුතු නොවන ආරක්‍ෂක හමුදාවේ කොන්ද දෙකට මැදින් කැඩීමෙන් ම සිදුවීම වසා දැමුණි. එහෙත් එය අවසන් නැති බව අප මතක තබාගත යුතු ය. ආරක්‍ෂක හමුදා හා මෙරට ස්වභාවික සිංහල බහුතරය සිටින්නේ මේ ගැන දැඩි කණස්සල්ලෙනි. ආණ්ඩුවට අවශ්‍ය මේ ය. ප්‍රශ්නය මෙසේ පුම්බා පසුව පුපුරුවා හැරීම ය.

වත්මන් ආණ්ඩුව පැමිණා දා සිට ඇති වූයේ ජාතිවාදය අවුළුවීමේ මෙවැනි කෘතිම සිදුවීම ය. එහෙත් අවසානයේ ඒ සියල්ල ස්වභාවක බහුතරයේ මිළ මතින් ම අවසන් විය. මේ ඉහත කී සූර්ය පාලනය ඉවත් කිරීම සඳහා වන කෘතිම ව්‍යාපෘථියයි. කෘතිම යැයි අප කියන්නේ එය මහපොළොව විසින් නොඉල්ලන එකක් නිසා ය. මෙය බරපතල ය. සිංහල, දෙමළ හා මුස්ලිම් සැම මේ පැහැදිළි විනාශකාරී ක්‍රියාදාමය තේරුම් නොගෙන කටයුතු නොකළහොත් අප සැම එකිනෙකා හා කා කොටා ගන්නා යුගය එතරම් ඈතක නොවන බව අප තේරුම් ගත යුතුය.

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 75383
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 82601
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 113207
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 127591
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 466386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4071339
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3787491
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3830610
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3798456
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3772410
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'