Logo

 

අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනයේ නිදහස, අධ්‍යන නිදහස සහ අපි කරන බොරුව

- පී .අයි. යාපා විසිණි.



අපරටේ තිබෙන ප්‍රශ්න බොහොමයකටම මූලික වන්නේ පුරවැසියන්ගේ නුගත් කම බව හොඳින් අවභෝද වීමට උගත් කමින්, සාපේක්ෂව ඉතාමත් ඉහල පුරවැසියන් සිටිනා රටක කාලයක් ජීවත්වීම තුලින් හොදින් අවභෝද වේ. උගත්කම, තම නමෙහි අගට එකතු කරගන්නා උපාධි සහ සහතික ප්‍රමාණයෙන් ගණනය කරගන්නා තරම් නූගතුන් ද ඕනෑ තරම් සිටිනා රටකි ශ්‍රී ලංකාව. යුරෝපයේ ට්‍රක් රථ රියදුරා අපරටේ මහාචාර්ය වරුන්ට, දොස්තරට සහ ඉංජිනේරුවාට වඩා කොතරම් උගත් දැයි අත්දැකීමෙන් තේරුම් ගතහැක. අධ්‍යාපනය පෙරපාසලේ සිට මහා වෙනසකට ලක්කිරීමකින් තොරව ආණ්ඩු පෙරලීමෙන්, විදේශ ආධාර තුලින්, අන්ධ ලෙස ආගමික කටයුතු වෙනුවෙන් කරන කැප කිරීම් තුලින්, මිත්‍යාව වපුරමින්, ජාතිවාදය වපුරමින්, නිසි අරමුණක් සහ හරයක් නැති අරගල තුලින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් ගත් රටක් තිබේ ද? නූගත් දේශපාලකයාට නොකඩවා රැවටෙන ඊටත් වඩා නූගත් චන්ද දායකයා සිටිනා විටෙක රටට හිතකර පාලනයක් යනු සිහිනයක් පමණක් වේ. එනම් නුගත් චන්ද දායකයා සිටිනා තාක් අපට හිතකර යහපාලනයක් බලාපොරොත්තු විය නොහැක. මෙය විෂම චක්‍රයකි. එහි යම් එක් තැනක වත් වෙනසක් ඇති කිරීම තුලින් විෂම චක්‍රයෙන් මිදිය හැකි වේ. එම වෙනස කිරීමට මැදිහත්වියහැකි සුදුසුම තැනකි විශ්ව විද්‍යාල අධ්‍යාපනය. නීතියෙන් ම අපට උරුම අධ්‍යන නිදහස බලවත් මෙවලමක් ලෙස භාවිතා කළහැක. අධ්‍යාපනයට වෙනසක් කිරීම පසෙක තබමු, ඉතිරිවීතිබෙන නිදහස් අධ්‍යාපනයෙන් උපරීම ප්‍රයෝජන නොගන්න අපි අධ්‍යාපනයේ නිදහසද නැතිකරගෙන ඇත. නැවතීමක් නැති ශිෂ්‍ය අරගල, සේවක අරගල, නවක වදය තුලින් බරපතල ලෙස පරිහානියට පත්කරන ශිෂ්‍ය පෞර්ෂය, ආත්ම විශ්වාසය, ශිෂ්‍ය/ සේවක මැර බලය යෙදවීම් යන මෙකී නොකී ක්‍රියාකාරකම් තුලින් සිදුවන්නේ අධ්‍යාපනය තවදුරටත් අඝාදයටම තල්ලුවීම විනා වෙනත් කුමක් ද? කෘෂිකර්මාන්තයේ, වෛද්‍ය, තාක්ෂණ, ආර්ථික, ඉදිකිරීම්, නීති ක්ෂෙත්‍ර වල ප්‍රශ්න වෙනුවෙන් අධ්‍යාත්මික මුහුණුවරක් ගත් අරගලයක් අප විශ්ව විද්‍යාල තුලින් බිහිවී ඇත් ද? තම අදහස් නොබියව, පලිගැනීම් වලින් ලක් වීමෙන් තොරව ඉදිරිපත් කිරීමට පුර්ණ නොව සුළු හෝ නිදහසක් විශ්ව විද්‍යාල තුල තිබේ ද? නව නිර්මාන ගැන කතිකාවක යෙදෙන සහ ඒ වෙනුවෙන් ම කැපවන පිරිස් අප විශ්ව විද්‍යාල වල සිටී ද? 1971 සිට නොකඩවා මේදක්වා අධ්‍යාපනය විනාශ කරගනිමින් මේ කරගෙන යන්නා වූ ශිෂ්‍ය අරගල වල ප්‍රතිපලය කුමක් ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද පාසල් අධ්‍යාපනය හා සමගාමීව දරුණුතම පරිහානියකට ලක්වෙමින් තිබෙනා බව නම් අධ්‍යනයක් තුලින් ම ඔප්පුකල හැකි වනු නොඅනුමානය. විප්ලව වාදියා පළමුව අධ්‍යාපනයෙන් සන්නද්ධ වියයුතු වබ චේ ගුවේරාගේ අදහසයි. සමස්ථ සමාජයක් නිසි මගට හැරවීම සඳහා භාවිතා කලයුතු හොදම ආයුධය අධ්‍යාපනය බව මැන්ඩෙලා ගේ අදහසයි. අපි මොවුන් සමග විවාදයකින් තොරව එකඟවෙමු.

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11590303
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11598908
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9068784
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8968947
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8780180
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'