Logo

 

ක්‍රීඩාවේ අභිමානය තහවුරු කල මිනිසා -පිදෙල් කස්ත්‍රෝ

- අරුණ කාන්ත බණ්ඩාර විසිණි.



ක්‍රීඩාවේ සාර්ථකත්වය මන බලන ක්‍රම කීපයකි, ඒක පුද්ගල අදායමට සාපේෂව හෝ රටක ජනගනයට සාපේක්ෂව ලබාගත් ඔලිම්පික් පදක්කම් ප්‍රමාණය මැන බැළීම වඩාත් භාවිතා කරන ක්‍රම වේදයන් වේ . මේ කුමන ක්‍රමයට වුවද බොහෝ අවස්ථාවන්වලදී එම ඕනෑම ක්‍රමයකට ඉදිරියෙන්ම සිටි රට බවට පත්වුයේ කියුබාවයි .ජනගහනයට් මිලියනයකට ලබාගත් පදක්කම් ගෙන බැලීමේදී අමෙරිකා එක්සත් ජනපදයට වඩා පදක්කම් 7 ක් ඉදිරියෙන් කියුබාව ඉදිරියෙන් සිටී.

කියුබාවේ ක්‍රීඩා පාසල් 27ක් පිහිටි දුපතක් වේ .මේ දුපතේ ක්‍රීඩා පාසල් වලට තෝරාගත් සිසුන් සඳුද දින සිට සිකුරාදා දක්වා නේවාසිකව ක්‍රීඩකයින් අධ්‍යාපනය ලබාගනී . රජය මගින් සෑම සතියකම එම ක්‍රීඩකයින් නිවාස වෙත යෑමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් ලබාදෙයි.පාසල් සිසුන් ක්‍රීඩාවේ යෙදීම අනිවාර්ය වේ. ජාතික තරඟ වලදී පරාජිතයින් එක්කර නව කණ්ඩායම් සාදා යලිත් තරඟ පැවැත්වීමේ විශේෂ ක්‍රීඩා සම්ප්‍රදායක් කියුබාවේ තිබේ .

පිදෙල් කස්ට්රෝ හොඳ ක්‍රීඩකයෙකි .ඔහු උපන් නිවසේ තැන්පත් කර ඇති ඔහු විසින් රැස්කර සිහිවටන අතර වැඩියෙන්ම ඇත්තේ පාසල් සහ විශ්වවිදයාල සමයේ එකතුකරගත් ඔහුගේ ක්‍රීඩා සිහිවටනයන්ය .බේස් බෝල් ක්‍රීඩාව විප්ලවය වෙනුවට ඔහු විසින් තොරගත්තේනම් නිසැකවම ඔහුව අමෙරිකාව විසින් තෝරාගනු ඇති බව සමකාලීනයන් කියයි .

විප්ලවයෙන් පසු කියුබාව ලබාගත් ඔලිම්පික් පදක්කම් ගණන 200කට වැඩිය. එයිනුත් 70වකට ආසන්න ප්‍රමානයක් රන් පදක්කම් වේ .මේ සියල්ල පිදෙල් කස්ත්‍රෝ විසින් දියත් කරන ලද සැලසුම්වල ප්‍රතිඵලයන්ය .ලතින් අමෙර්කාවේ කිසිදු රටක් එපමණ පදක්කම් ලබා නැත.අවසාන කාලය දක්වාම නිරන්තරයෙන්ම ක්‍රීඩාව සමග ඔහු ගැවසෙන අයුරු නිතර දක්නට ලැබිණි. කියුබානු ක්‍රීඩා ගුරුවරුන් දස දහසකට අසන්න පිරිසක් ලොව පුර සේවයේ යෙදීමට තරම් කස්ට්‍රොගේ ක්‍රීඩා අධ්‍යාපන පද්ධතිය ශක්තිමත්ය.

මෙයට දශක ගණනකට පෙර ඔහු හැරුණුවිට කියුබාවේ ජනප්‍රියම මිනිසාද ක්‍රීඩකයෙකි.ඔහු තෙවරක් පිට පිට ඔලිම්පික් රන් පදක්කම් දිනු බොක්සින් ශූර තියෝපිලෝ ස්ටීවන්සන්ය .මොහමඩ් අලි සමග ඩොලර් මිලියන ගණනකට තරඟ වැදීම මේ කියුබනුවා ප්‍රතිකෙෂ්ප කිරීම ලෝක ක්‍රීඩාවේ අදටත් සද්නුස්මරණ සිදුවීමකි . කියබාවේ ජාවියර්ගේ උස පැනීමේ ලෝක වාර්තාව විසි වසරකට වැඩි කාලයක් තවම නොබිදී පවතී . 1996 ඇට්ලන්ටා ක්‍රීඩා උළෙලේදී බේස් බෝල් රන් පදක්කම තම රටටම ඇවිත් කියුබනුවන් ලබාගත් අයුරු දුටු සුප්‍රකට CNN මාධ්‍යවේදී ලැරී කින් කියාගනීමට යමක් නොමැතිව සිටි අයුරු ලොවම බලසිටියහ.තම මාධ්‍ය නාලිකාවන් මගින් පිදෙල්ගේ මරණය පිලිබඳ ප්‍රීතිඝෝෂා කල මියාමියේ ඇමෙරිකානු කියුබනුවන් පෙන්වද්දී CNN ,BBC ,Aljazeera , ESPN ඇතුළු සියලු නාලිකාවල ක්‍රීඩා සන්ස්කාරකවරු ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් පිදෙල් කලදේ ඇගයීමට ලක් කිරීමට පසුබට නොවුහ.ලොව ක්‍රීඩාව වෙනුවෙන් එපමණ කැපවූ රාජ්‍ය නායකයෙක් වේ නම් ඒ පිදෙල් කැස්ත්‍රෝ ය. විප්ලවය තුල ලබූ මානව ජයග්‍රහණ ගැන ලොවම කතකරන විට එක කෝටියක් ජනගනය ඇති කියුබාව ක්‍රීඩාව වෙනුවෙන් ලොවට දුන් දායාද පිටුපස සිටි පිදෙල් කස්ත්‍රෝ නමැති ක්‍රීඩාවේ සොඳුරු බව දුටු මිනිසා සිටි බව කිසිවෙක් අමතක කලේ නැත.

 

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 73703
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 81016
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 111539
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 125916
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 462017
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4066227
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3783224
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3826428
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3793628
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3768154
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'