Logo

 

ජාතිකත්වය වැනසීම හා රැකගැනීම

- කැළුම් ජයසුමන විසිණි.



අපගේ ආදී මුතුන්මිත්තන් මේ දේශය තුල වාසය කිරාම ආරම්භ කොට වසර ලක්ශයකට වැඩිය.ආදී මානව විශේෂ ගතහොත් බලංගොඩ මානවයාගේ පටන් දැනට සොයාගෙන ඇති පරිදි අතීතය බොහේ ඈතට දිවයයි.
වසර 5000කට පෙරද මෙහි විසූ සිංහළයන් යකඩ භාවිතා කර ඇති බව සොයාගැනීමෙන් ඔවුන්ගේ ඉතිහාසය ඊනියා විජයගෙන් පැවත එන කතාව බියකරු බොරුවක් බව සනාථ කරයි.
ඒ කෙසේ වෙතත් අද රතු යයි සිතා කොළ පාට තොප්පි ලා සිටින මාර්ක්ස්වාදය හෝ මොන රෙද්දකවත් හයක් හතරක් නොතේරෙන කඩප්පුලියන් සහ හිතා මතාම සිංහළ ජාතිකත්වය වැනසීමේ යෙදීසිටින බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ වහළුන් වී සිටින බටහිර ගැති එයින් යැපෙන අණුකාරකවාදීන් සෙට් එක කරමින් ඉන්නේ කුමක්ද?
නව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් හරහා රාජ්‍ය දුර්වල කිරීම කරළියට පැමිණ ඇති මොහොතේ එය සඟවාලමින් වෙනත් වෙනත් අනු මාතෳකා පිලිබඳ සංවාද මතු කරමින් ද්‍රෝහීන්ගේ බෙදුම්වාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉන්ධන සපයමින් ඇත්තේ මොවුන්ය.
ඊනියා යහපාලනය තනනවා යැයි වර නගමින් පැමිණි වැඩ බැරි ටාසන්ලා අද කරමින් ඉන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ බිඳ වැටීම නැවතීමට මුක්කු ගැසීම පමණි.ඒ වෙනුවෙන් අපගේ මව්බිම හා සිංහල ජාතිය බිලිදීමට කිසිදු හිරිකිතයක් නොමැතිව උන්ගේ පදයට නටමින් සිටී.ඒ සඳහා මේ මොහොතේ උන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව වන්නේ ජාතිකත්වය නියෝජනය කරන බලවේගය තලා දැමීමයි.ඒ සඳහා ඔවුන් සටනට කැඳවීම ඉලක්ක කරගෙන සුළු ජාතීන්ට වර්දාන,කප්පම් දීමත්,සිංහලයාගේ තටු කැපීමත් සිදු කරමින් සිටී. එවිට නැග එන බලවේගය තලා දැමූ පසු ඉතිරිවන දියාරු,නිවට බටහිර ගැති අනුකාරක වාදීන් උන්ගේ පස්ස ලෙවීමට නිදහසේ භාවිතා කරගත හැක. හරියටම සමාන කරන්නේ නම් ජවිපෙට 88/89 කාලයේ කලදේ සැලකීමට ගන්න..88/89 ජවිපේ තලා දැමූ පසු ඉතිරිවන පිරිස රනිල්ගේ ඔඩොක්කු කුක්කන් බවට පත්වීම පෙන්වාදිය හැක.විජේදාසගෙන් බේරීමට අද අනුර දිසානායකට රනිල් ඉදිරියේ වැඳ වැටෙන්නට වන්නේ රනිල්ලා විසින් මරා දැමූ 60,000ක් සොහොයුරන්ගේ මිණී ඇටකටු උඩ සිටය.මෙය ඛේදවාචකයකට වැඩි යමක් නොවේද?
ඉඳින් අපගේ ජාතිකවාදී සොහොයුරණි.....
උන්ගේ මළ පුඩුවට අප හසුවිය යුතු නැත.හැඟීම්බර වීම වෙනුවට බුද්ධිමත්ව මේ නීච අරමුණු හඳුනා ගනිමු.ඊනියා මාස්ක්වාදී හොර නඩයත්,බටහිර අනුකාරකවාදී කඳ පනුවනුත් ජාතියට හෙළිදරව් කිරීමට වැඩි කාලයක් යොමු කරමු.විකල්ප නැත.ජාතික රාජ්‍ය ගොඩනැගිය යුතුමය.
-කැලුම් ජයසුමන-

දැන්වීම්
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 8209
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 45965
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 36446
තවමත් ලොව කලඹන ‘දින හයේ යුද්ධය
- ඉන්දික කුමාර
2017-06-11 08:34:56 - 62070
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 110129
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 6022996
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 5881005
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 4794946
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 4739610
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 4726914
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'