![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
රුසියානු තානාපතිට වැදුනු වෙඩිල්ල හෙට මහින්දටද?
"අල්ලාහ් අක්බර්" යයි කියමින් ඉස්ලාම් අන්තවාදී තුවක්කු කරුවකු විසින් තුර්කියේ රුසියානු තානාපතිවරයාට වෙඩි තබා ඝාතනය කරලා... වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 22 හැවිරිදි තුර්කි කැරළි මර්දන පොලිස් නිලධාරියෙක්...
අල්ලා මේ තරමටම අක්බර් උනේ ඇමෙරිකාව නිසා... සදාම් හුසේන් ඇතුළු සියලුම අරාබි ඒකාධිපතියන් නිර්මාණය කලේ ඇමෙරිකාව විසින්... ගඩාෆි ඇතුළු බොහෝ මුස්ලිම් නායකයින්ගේ බලය පිටුපස හිටියේ ඇමෙරිකාව... බින් ලාඩන් ඇතුළු බොහෝ මුස්ලිම් ත්රස්තයන් පිටුපස හිටියේ ඇමෙරිකාව...
ඒ විතරක් නෙමේ පකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ බොහොමයක් සිදුවුණේ ඇමෙරිකානු සහයෙන්...
අද දවසේ අයිසිස් ත්‍රස්ත සංවිධානය පිටුපස ඉන්නෙත් ඇමෙරිකාව... ඔවුන් භාවිතා කරන්නේ ඇමෙරිකන් ආයුධ... මේ තත්වය යමෙකුට තේරුම් ගන්න බැරි තරමට සංකීර්ණයි.. ඒත් තේරුම් ගන්න ඕන සරලම කාරණයක් තියෙනවා... අරාබියේ අස්ථාවරත්වය හරහා තෙල් සම්පත කොල්ල කෑම, ආයුධ ජාවාරම සහ අරාබි අර්බුධ වලට මැදිවී තමන්ගේ "හයිය" ලෝකෙට පෙන්වීම ආදිය තමා ඇමෙරිකාවේ අරමුණු...
තුර්කි පොලිස් නිලධාරියකු හරහා රුසියානු තානාපතිවරයාට වෙඩි තැබීම ඇමෙරිකානු රහස් මෙහෙයුමක්.. මෙහි අරමුණ තුර්කිය සහ රුසියාව අතර මතබේද වර්ධනය කර දීම.. මෑතක දී තුර්කි ජනාධිපති වරයා විසින් රුසියාව සමග සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර අරන් තිබුණා...
තුර්කි පොලිසිය සහ හමුදාව ඇතුලේ විතරක් නෙමේ ලංකාවෙත් මේ වෙනකොට ඇමෙරිකානු රහස් ඒජන්තවරුන් සේවය කරනවා.. වර්තමාන නැගෙනහිර නාවික ආඥාපති හිටපු ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක්... මොවුන් අවශ්‍ය විටෙකදී ඇමෙරිකාවට උපරිමයෙන් සේවය කරාවි...
සිරියාවේ කැරලි කරුවන්ගේ පාලන ප්‍රදේශ වල ඇති අතිවිශාල තෙල් සම්පත කැරලි කරුවන්ගේ උදව්වෙන් ඇමෙරිකාව කුණු කොල්ලයට අරගන්නේ තුර්කිය හරහා... ඒ මාර්ගය අවහිර වන්නේ රුසියානු ගුවන් ප්‍රහාර වලින්... ඒකයි ඇමෙරිකාව රුසියාවට ඔය විදියට රිදවන්නේ...
බණ්ඩාරනායක අගමැති තුමාට වෙඩි තිබ්බෙත් ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවක සැලසුමකට කියන එක මේ වෙලාවේ අපි නැවත සිහි කරගන්න ඕන කාරණයක්... අද රුසියානු තානාපතිට වැදුණු වෙඩිල්ල හෙට අපේ රටේ දී පත්තු වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි...
හමුදා විරෝධයක්, චීන විරෝධයක් ලංකාව ඇතුලේ හදමින් පවතිනවා.. ඒ අනුව ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ලංකාව ඇතුලේ බරටම වැඩ කරන බව ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්...
- අරුණ
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |