Logo

 

මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය

- ඉන්දික කුමාර විසිණි.



දිනක් පුංචි තෝමස් අල්වා එඩිසන් පාසලෙන් නිවසට ආ විගස කුඩා ලිපියක් මව අතට දී එය සිය ගුරුතුමිය අම්මාට පමණක් දෙන ලෙස කී බව කීවේය.

ලිපිය කියවූ මව දෑසෙහි නැගි කඳුලු පිසදා ගත්තීය. එය දුටු කුඩා එඩිසන් “මොකද්ද අම්මේ ටීචර් ලියලා තියෙන්නේ” කියා ඇසුවේය.

“පුතා ටීචර් ලියලා එවලා තියෙනවා මගේ පුතා ඉතාමත් බුද්ධිමත් කියලා. ඒ වගේම මේ පාසලේ පුතාට උගන්නන්නට තරම් දැනුමැති ගුරුවරුන් නැති නිසා ගෙදර තියාගෙන මට උගන්වන්නට කියා.” මව පැවසුවාය.

ඉන් බොහෝ කලකට පසු එඩිසන් ගේ ආදරණීය මෑණියන් මෙලොව අතහැර ගියාය. ඈ සතු දේ අස්පස් කරද්දී එඩිසන්ට බොහෝ පැරණි කුඩා ලිපියක් හමුවිය. එහි මෙසේ ලියැවී තිබුණි. "ඔබේ දරුවා මානසික රෝගියෙකි, ඒ නිසා තවදුරටත් ඔහු මේ පාසලේ රඳවාගත නොහැක.”

එය කියැවූ එඩිසන් බොහෝ වේලාවක් කඳුලු සැලුවේය. ඉන්පසු ඔහුගේ දින පොතේ මෙසේ ලීවේය.

“තෝමස් අල්වා එඩිසන් මානසික රෝගී දරුවෙකු විය. එහෙත් දිරිය මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය.”

මේ අපූරු සටහන සියලුම දිරිය මවුනට උපහාරයක් වේවා..!

උපුටා ගැනීම: Samanmalee Abayasiri

"වයස අවුරුදු 12 වන විට දුම්රිය ස්‌ථානයක පත්තර, රසකැවිලි, පලතුරු, එළවළු, සිසිල් බීම විකිණූ තෝමස්‌ අල්වා එඩිසන් වයස අවුරුදු 84 වන විට ලොව වැඩිම නව විද්‍යාත්මක නිපැයුම් සොයාගත් එකම විද්‍යාඥයා විය. ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු ද වුයේ ය. ප්‍රවාහන අංශයේ විවිධ ව්‍යාපාර රැසක් ඔහු විසින් හොබවනු ලැබු අතර සිනමා ක්ෂේත‍්‍රය තුළ ද එවැනි ව්‍යාපාර කටයුතු වලට හවුල් වුයේ ය."

දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98856
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100792
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102599
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141386

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14697383
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14536988
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12112741
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11984198
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11800747
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'