Logo

 

ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?

- මහින්ද පතිරණ විසිණි.



මහින්දට එරෙහිව 2015 දී නැගී සිටි සියළු දේශපාලන බලවේග දැන් එකා පිට එකා වැටෙමින් විනාශයට යමින් තිබේ. තමන්ට සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි ඔවුන්ට ම සිතා ගැනීමට නොහැකි ලෙස සිදුවීම් පෙළ ගැසෙමින් තිබීම එක්තරා ආකාරයකින් පුදුමය එළවන සුළු ය. දේශපාලන හේතුවලට අමතර ව, ඇතැම් පක්‍ෂවල ප්‍රතිපත්ති හා භාවිතාව අතර හෙවත් හක්ක හා බොක්ක අතර වෙනස යළි පිරිමැසිය නොහැකි ප්‍රතිවිපාක සදමින් ජනතාව ඉදිරියේ නිරාවරණය වෙමින් තිබෙනු දැකිය හැකි ය. සාමජජාලා යුගයේ මෙවැනි දෙබිඩිකම් පෙරපරිදි දැන් පහසු නැත. මේ සියළු දෙයට බහුවිධ සාධක බලපෑව ද මේ සඳහා ප්‍රමුඛතම හේතුව ලෙස අප දකින්නේ අන් කිසිවක් නොව, කිසිවෙකුත් නොසිතූ පරිදි සිදු වූ මහින්ද රාජපක්‍ෂගේ අද්වීතීය දෙවැනි උපතයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පුවක්වල්ල පොළොවේ ගැසූවේ එම සිදුවීමයි.

ජන නායකයින්ට ලෝකයේ දෙවැනි උපත් ගැන උදාහරණ නැති හෙයින් ලංකාව වැනි රටක එවැන්නැක් ඇතිවේයැයි මහින්ද ඉවත් කිරීමට එකතු වූ බලවේග ද කල්පනා කළේ නැත. ඒ අනුව, එවැනි තත්වයකට මුහුණ දීම සඳහා විකල්ප සැලසුමක් ද ඔවුන් සූදානම් කරගෙන සිටියේ නැත. ඒ අනුව, මහින්ද සොයා කාල්ටන් වන්දනාවේ යාමට මිනිසුන් පටන්ගත් තත්පරයේ සිට වත්මන් ආණ්ඩු‍වේ කඩා වැටීම ආරම්භ වන්නේ ය.

මහින්ද පරාජයේ සිට ඉදිරි කාලයේ කාල්ටන් වන්දනාවේ ගිය පිරිස ආසන්න වශයෙන් ලක්‍ෂ 35 ඉක්මවූ බව කිය වේ. මහින්ද විසින් ම එය අධෛර්යට පත් කොට, ඔහු ම ජනතාව හමුවීමට පන්සල් මූලික කරගනිමින් ගමට නොයන්නට එම ගණන දෙගුණ වන්නට ඉඩ තිබුණි. මෙම අද්විතීය සිදුවීමේ පැහැදිළි ප්‍රතිඵලය වූයේ ශ්‍රිලනිප බිම් මට්ටම හා නව ශ්‍රිලනිප නායකයා අතර ආරම්භ වූ නොනවතින අර්බුදයයි. ඇතැමුන් තාමත් මහින්දට චෝදනා කරන්නේ, ඔහු සිරිසේනට ශ්‍රිලනිප නායකත්වය දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කරමිනි. කෙටිකාලීන ව, එම ක්‍රියාව දේශපාලන වරදක් සේ එවක දැනුන ද, මහින්ද එය කළේ හිතා මතා ම අප කිසිවෙකුත් නොසිතන දේශපාලන උපක්‍රමශීලීත්වයකින් ද? ඒ එක් අතකින් ශ්‍රිලනිපය නැමැති කටු ඔටුන්න පැළඳගත් පසු, එජාපය ප්‍රමුඛ බලවේගයන් හරහා බලයට පැමිණි සිරිසේන ජනපතිවරයා -විශේෂයෙන් ම නිර්පාක්‍ෂික ලෙස සිටින බවට පොරොන්දු වූ ජනපතිවරයා- එක් සැණකින් එකී එජාප බලවේගයේ අනෙත් අන්තයේ සිටි මහින්දගේ ශ්‍රිලනිප ප්‍රමුඛ සංධාන බලවේගය තුළට සීමා වීම තුළය. එය සුළුපටු කාරණයක් නොවේ. එනම්, එය ජනපතිවරණයට පෙර එජාපය වෙනුවෙන් මහින්ද ව හැරගිය සිරිසේන ව නැවත වරක් මහින්ද වෙනුවෙන් එජාපය හැර යාමට සමාන කරත හැකි ය. ශ්‍රිලනිප නායකත්වය සිරිසේන විසින් අත්පත්කර ගැනීම හරහා සිරිසේනට ඔහු බලයට ගෙනා එජාපය ප්‍රමුඛ බලවේගය ද, එමෙන් ම මහින්දගේ සංධාන බලවේගය ද එකවර අහිමි වනු ඇති බව මහින්ද ගණනය කළා ද? බැසිල් රාජපක්‍ෂ මහතා ඇමරිකා යෑමට පෙර මහින්ගේ අතට තුණ්ඩු කැබැල්ලක් දුන් බව එවක අපට දැන ගැනීමට ලැබුණි. එහි අඩංගු වූයේ මොනවාදැයි අප තාමත් දන්නේ නැති වුව ද එය නිකම්ම නිකං 'චිට්' එකක් විය නොහැකි ය. කෙසේ වෙතත්, මහින්ද හෝ බැසිල් ඒ ගැන කිසිවක් කිසිවෙකුට මේතාක් කියා නැත.

නිර්පාක්‍ෂික වන බව කිවූ සිරිසේන ශ්‍රිලනිප බෝර්බ් ලෑල්ල තුළට දමා වසා දැමීමෙන් පසු, සිරිසේනගේ ජීවිතය පෙරපරිදි නොවිය යුතු ය. ශ්‍රිලනිප හා එජාප ප්‍රතිපත්ති රටේ මූලික කාරණා අරබයා සලකා බලන විට අහසට පොළොව සේ ය. ශ්‍රිලනිප නායකයෙකුට මේවා නමට හෝ ආරක්‍ෂා කරන බව පාක්‍ෂිකයාට කිව යුතු ය. ඒකීයභාවය ආරක්‍ෂා කිරීම, රාජ්‍යයේ ෆෙඩරල් ව්‍යුහයට එරෙහි වීම, ජිනීවා හරහා රණවිරුවන්ට දඬුවම් දීම, පුද්ගලීකරණය හා රාජ්‍ය සම්පත් විකිණීම වැනි කාරණාවල දී ශ්‍රිලනිප නායකයෙකුට එජාපයෙන් අනිවාර්යෙනේ ම වෙනස් විය යුතු ය. එසේ නොමැති ව- එක් අතකින් ඔහුට මහින්ද සේ වීමට නොහැකි ය. අනිත් අතින් තමා වෙතට ගත් ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ ආසනයේ දේශපාලන අවශ්‍යතා ද සපිරිය නොහැකි ය. ඒ අනුව, අකමැත්තෙන් වුව, සිරිසේනට සිදුවූයේ් තවත් "මහින්ද රාජපක්‍ෂ" කෙනෙකු වීමට ය. තමා ද මහින්ද වැනි ම රජෙකු බව කීමට "පුලතිසි රජු" ලෙස ඇඳගත් ගීත වීඩියෝවක් හරහා උත්සාහ කිරීමෙන් සිරිසේනගේ එම මානසිකත්වය මතුපිටට ආවේ ය.

සිරිසේන වෙත ශ්‍රිලනිප සභාපතිකම දී පසෙකට වී බලා සිටීමට නම් මහින්දට වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන පැහැදිළි අනාගත චිත්‍රයක් කල් තබා ම මවාගෙන තිබී තිබිය යුතු ය. කොටින් ම එය පටන්ගත් තැන සිට අසාර්ථක වන බව ඔහුට දැනී තිබිය යුතු ය. එහෙත් මහින්දට එම පරිකල්පනය එතරම් අපහසු කරුණක් නොවිය යුතු ය. ඊට ඔහු ව පොළඹවාලූ ප්‍රධානතම කරුණ වූයේ රනිල්ගේ ආණ්ඩුකරණයේ දුර්වලතාව හා තමන්ගේ ම ආණ්ඩුවේ සිටි සිරිසේන ඇතුළු ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ වැඩ සහතිකයයි. හුදු කතාව පරදවා වැඩ ඉස්මතු වන කාලයක් එන බව මහින්ද දැන සිටින්නට ඇත. තම ආණ්ඩුවේ සිටි රාජපක්‍ෂ නොවන දෙතුන් දෙනෙකු හැරෙන්නට කප්පරක් මැති ඇමතිවරුන් හුදු පින්පඩිකාරයින් බව මහින්ද ඉතා හොඳින් දැන සිටි කරුණකි. විශේෂයෙන් ම බැසිල් රාජපක්‍ෂ මහතා උරදුන් කාර්යභාරය හා නායකත්වය වෙනුවෙන් ආදේශ නැති බව මහින්ද හොඳාකාරව දැන සිටින්නට ඇත.

ඉහත පසුබිම තුළ සිදුවූයේ නව ආණ්ඩුව ලත් තැන සිට ලොප්වන කාරණා ය. ආර්ථික අතින් ආණ්ඩුව කොතරම් බංකොලොත් ද කිවහොත්, අවසානයේ ඇත්ත ආර්ථික දත්ත විගණකාධිපතිවරයාගෙන් සඟවන තැනටට පත්ව තිබේ. එවන් දෙයක් සිදුව ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වරට ය. මීට පෙර වසරේ ද මෙවැනි ම දෙයක් කළ ආණ්ඩුව, 2015 හි දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් 2016 වසරට දමා 2016 වසරේ 2.2ක් ආර්ථික වර්ධනය 4.4ක් කොට පෙන්වීමට තරම් පහත් තත්වයට වැටී තිබුණි. වත්මන් ආණ්ඩුවේ දේශපාලන පිරිහීම නැවත දක්නට ලැබුණේ පසුගිය ඇමති මාරුව තුළ ය. ආණ්ඩුව තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇති බව ඉන් පැහැදිළි විය. විද්‍යාත්මක ක්‍රමයට ඇමති ධුර වෙන්කරන බවට පොරොන්දු වී පැමිණි ආණ්ඩුවක්, විදේශ අමාත්‍යාංශය වැනි අන්තර්ජාතික ව අවධානයට ලක්වන අමාත්‍යාංශයක් යටතේ, ජාතික ලොතරැයි මණ්ඩලය වැනි ආයතන පවා ගැසට් කරන තැනට ආණ්ඩුව වැටෙන්නේ මේ පැසවෙන අර්බුදය නිසා ය.

මේ සියළු කාරණා මැද, දැන් වත්මන් ආණ්ඩුවට 2015 දී නොයෙක් අපේක්‍ෂා මත සම්බන්ධ වූ පිරිස් එක වල්ලේ පොල් ලෙස කුරුවල් වෙමින් එක එක ගෙඩිය වැටී යනු දැකිය හැකි ය. එජාපය, සිරිසේනගේ ශ්‍රිලනිප පිළ, හෙළ උරුමය, ජවිපය වැනි එම පොල් ගෙඩි ගම්මල මිනිසුන් හඳුන්වන්නේ යක්කු බී බිම හෙළන පොල් ලෙස ය. ඇතැමෙකු උත්සාහ කරන්නෛ් මේ යක්කු බී වැටුණු පොල් කෝම්බ අහුලා ගෙනවිත් 2020 දී නැවත ජනතාවට විකිණීමට ය. එය එසේ නම් ඊට වඩා දේශපාලන විහිළුවක් මිහිපිට තිබිය නොහැකි ය.

දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 10109
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 437

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 10
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 563
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 405
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 10751532
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10661126
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8532936
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8420191
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8224755
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'