Logo

 

රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත

- ඉන්දික කුමාර විසිණි.



ලංකා විදුලිබල මණ්ඩලය යනු රාජ්‍ය අායතන අතුරින් ජනතාවට ඉතා සමීප සංවේදී රාජ්‍ය අායතනයක් මෙන්ම රටේ සමස්ථ අාර්ථිකයට සෘජු බලපෑමක් ඒල්ල කල හැකි අායතනයකි.

නමුත් ලංකා විදුලිබල මණ්ඩලය තුල ඉතිහාසයේ පටන්ම ක්‍රියාත්මකවන නිලධාරීමය මාෆියාවක් පවතින බව විවිධ අවස්ථාවල දේශපාලකයන් විද්වතුන් වෘතිකයන් විවිධ අවස්ථාවලදී කරුණු සහිතව පෙන්වාදී තිබේ.

මෙම විදුලි මාෆියාව හරහා රටට විශාල ධනස්කන්දයක් අහිමිකරන අතර මේවනවිටද අතිවිශාල ධනස්කන්දයක් රටට අහිමිකර හමාරය.රටේ දුප්පත් ජනතාවගේ විදුලිබිල දැරිය නොහැකි මට්ටමකට වර්ධනයවීමට මෙම විදුලි මාෆියාව සෘජුවම හේතුවී අැති පසුබිමක විදුලිබල මණ්ඩලයේ වත්කම් ස්ථාවර කිරීමට බව පවසමින් නැවතත් විදුලිබිල වැඩිකරන ලෙස විදුලි ඉංජිනේරුවන් විසින් රජයට බලපෑම් කිරීම ලජ්ජා සහගතය.

රටේ පවතින නියං තත්වයන් හා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ බිඳවැටීම් දඩමීමා කරගෙන පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීමට නිතර ක්‍රියාකරන විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරීය ඒ සඳහා ජනතා මුදල් අතිවිශාල ලෙස වැයකිරීමට නොපසුබට වන්නේ ඒම පෞද්ගලික බලාගාරවල අයිතිය සෘජුව හෝ වක්‍රව ඔවුන් සතු නිසාවෙනි.මෙම මාෆියාව හරහා ගසාකන අතිවිශාල ධනස්කන්ධය පිළිබඳව වරක් හිටපු විදුලිබල අැමතිවරයාව සිටි පා ච රණවක ඔහුගේ බලය සහ බලය පොත දොරට වැඩීමේ දිනයේදී ගණන් මිමි සහිතව පෙන්වාදෙන ලදී.

මේවන විට මෙම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ප්‍රමුඛ පාලනාධිකාරිය තවත් ක්‍රමයකින් තම මඩිය තරකර ගැනීමේ උපායක් යොදා තිබේ.ඒනම් විදුලි බල මණ්ඩලයේ වැටුම් තලයන් නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස තම වැටුප වැඩිකර ගැනීමට ක්‍රියාකරමින් වසරකට රුපියල් බිලියනයක පමණ අතිරේක මුදලක් තම වැටුපට ඒකතුකරගැනීමට යහපාලන වෙනස සිදුවන අතරවාරයේදී කටයුතු කිරීම මගිනි.මෙම අත්තනෝමතික වැටුප් වැඩිකරගැනීමට ඒරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දක්වන විරෝධතාවයන්ද විදුලි මාෆියාකරුවන්ගේ මර්ධනයට ලක්වෙමින් පවතී.

මෑන්පවර් අායතන පවත්වාගෙන යමින් විදුලි බල මණ්ඩලයේ  වැඩකටයුතු අාවරණය කර මුදල් ඉපයීමේ ජාවාරම මෑන්පවර් සේවකයන් ස්ථිරකිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත අහෝසිවී ගිය බැවින් ඒයටද නව පිළියමක් සොයා ගැනීමට මෙම විදුලිබල මණ්ඩල ඉංජිනේරු මාෆියාකරුවන් සමත්වී තිබේ.මේවන විට ස්ථිර සේවකයන්ගේ සේවය නොගෙන ඔවුන්ගේ වැඩකටයුතු තමන් විසින් පවත්වාගෙනයනු ලබන කුඩා කොන්ත්‍රාත් කණ්ඩායම්වලට ලබාදී ඒමගින් මුදල් ඉපයීම ජයටම කරගෙන යාමට පාලනාධිකාරිය සිදුකරයි. පඩිලබා දෙමින් අතිවිශාල ස්ථිර සේකයන් පිරිසක් පුටුවල හිඳුවා ඔවුන්ගේ වැඩ කොන්ත්‍රාත් කම්කරුවන් හරහා ඉටුකර ගැනීම නිසා රටට අතිවිශාල ධනස්කන්ධයක් අහිමිවන නමුත් මෙම විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්ගේ මඩිය ඉක්මනින්ම තරවීමනම් සිදුවේ.

මේවන විට විදුලිබල මණ්ඩලයේ සියළු සේවක වෘතීය සමිති වැඩවර්ජණයක නිරතවන නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු සියල්ල ඉහත කොන්ත්‍රාත් සේවකයන් හරහා ඉටුකරගැනීමට පාලනාධිකාරිය සමත්වීම හරහා පෙන්නුම් කරන්නේ අතිවිශාල සේවක පිරිසකට පඩිගෙවමින් ඔවුන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට දමා තමනට වාසිවන  කොන්ත්‍රාත්කරුවන් පිරිසක් නඩත්තු කිරීම ජයටම කරගෙනගොස් අැතිබවය.

මෙම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාවෙන් අායතනය බේරාගැනීමට රජය පාර්ශවයෙන් දක්වන නිදිකිරාවැටෙන ප්‍රතිචාරයන් හමුවේ තත්වය තවත් උග්‍රවන අතර ජනතා පෙළගැස්මක් මේ සඳහා ගොඩනැගීම අනිවාර්ය කරුණකි.ඒසේ නොවුනහොත්  ජනතා මුදලින් සුදු අලියෙකු නඩත්තුකරනවාට අමතරව අතිවිශාල අමතර විදුලි බිලක්ද ජනතාව අතට පත්වීම වැලැක්විය නොහැකිවනු අැත.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12092071
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12103134
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9591651
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9496885
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9325464
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'