Logo

 

නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන

- පී .අයි. යාපා විසිණි.



පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවට බස් වවතුම් පොළවල් වල අලවා ඇති දැන්වීම් සමහරකි මේ:

සංයුක්ත ගණිතය පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි. A සාමාර්ථය සහතික කරනු ලැබේ. (විමසන්න: 077.......... )

ජීව විද්‍යාව පේරාදෙණිය ව්ද්‍යා පීඨ සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිපල (විමසන්න: 071.......... )

විශ්ව ව්ද්‍යාල සිසුවකු විසින් මෙහෙයවන රසායන විද්‍යාව කණ්ඩායම් පන්ති (විමසන්න: 076.......... )

උපාධිය මුදලට විකිණීමට එරෙහිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටනේ - පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය

අපට සායනික පුහුණුව පේරාදෙණිය රෝහලේ දියව් - පේරාදෙණිය විශ්ව විද්‍යාල සම සෞඛ්‍ය සිසුන්

--------- විශ්ව විද්‍යාල ------- පශ්චාත් උපාධි ආයතනය විසින් සංවිධානය කරන ------ පාලනය පිලිබඳ දිනක පුහුණු වැඩමුළුව. අයකිරීම් සඳහා විමසන්න (071 .....) 
විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ------- පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ---- සිට ---- තෙක්. විශිෂ්ඨ පළපුරුදු ආචාර්ය සහ මහාචාර්ය වරුන් විසින් පවත්වනු ලබන දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. පාඨමාලා ගාස්තු වෙනත් කරුණු සඳහා විමසන්න (071 ............)

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රුධිරය සැලීමට අප සුදානම් - විශ්ව විද්‍යාල සිසුන්.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන්කරගන්න තුරු අපිමහපාරේ - විශ්ව විද්‍යාල ආචාර්යවරු

මේවා දැකීමෙන් පසු, නිදහස් අධ්‍යාපනය සඳහා කරන සටන පමණක් නොව එහි සරල අදහස පවා තේරුම්ගැනීමට බැරි තත්වයකට මේවනවිට මා පත්වී ඇත.

- පී අයි යාපා

මහාචාර්ය,ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය,බෙලිහුල්ඔය

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12367853
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12393838
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9870813
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9777407
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9604176
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'