Logo

 

"ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ද ඔහුය."

- අරුණ වාසලමුදලි විසිණි.



එදා 88/89 භීෂණ සමයේ "බටලන්ද" වධකාගාරයේ මහා මිනී මරුවා ඔහුය. අද ඔහුගේ දරු කැල සේ සිටින "ජේවීපී කාරයින්" දස දහස් ගණනින් ඔහුගේ අණින් මැරුම් කෑවේ ය. තරුණයිගේ කන් අඩි වල පරාල ඇණ බස්සවා මරා දැමුනේ ඔහුගේම සුරතිනි. ඔහුට එරෙහිව ජනාධිපති කොමිසමක සාක්ෂි විභාග විය. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එම කොමිසමෙන් නිර්දේශ විය. එහෙත් ඔහු එයින් දිනුවේ ය.

එදා 2002 "මිලේනියම් සිටි පාවාදීමේ" මහ මොළ කරුවා ඔහු ය. යුද්ධ හමුදාවේ "මොළය" විනාශ කර මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු ප්‍රභාකරන් සමග "සාම ගිවිසුමක්" ද අත්සන් කලේ ය. මිලේනියම් සිටි පාවාදීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කෙරිණි. එහෙත් එයින්ද ඔහු දිනුවේ ය. ඉන් අනතුරුව ඔහුට "මිස්ටර් ක්ලීන්" යන ගෞරව නම්බු නාමය ද ලැබිණි.

2015 "මහබැංකු බැඳුම්කර කොල්ලයේ" මහ මොළ කරුවා ඔහු ය. ඔහු මහ බැංකුවේ අන්තිම සතයත් සොරා ගත්තේ ය. රටම බංකොලොත් විය. පාඩු පියවන්නට වරායන් පවා විකුණා දැමිණි. ඔහුට එරෙහිව එම වසරේම කෝප් කමිටුවේ සාක්ෂි එක්රැස් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔහු එයින් ගැලවුණි. 2017 වසරේ බැඳුම්කර කොල්ලය වෙනුවෙන් ජනාධිපති කොමිසමක් ද පත් කෙරිණි. එහිදී ද ඔහුට එරෙහිව ප්‍රබල සාක්ෂි එක්රැස් විය. චීනයේ නීතියට අනුව ඉතා සුළු සොරකමකට වුව ද වරද කරුවා වෙඩිතබා මරා දමනු ලැබෙයි. ඔහු කල වරදට චීන නීතියට අනුව නම් ඔහුට මරණ දඬුවම ලැබෙනු ඇත්තේ පරමාණු බෝම්බයක් ඔහුගේ සිරුරේ බැඳ පුපුරුවා හැරීමෙනි. ආශ්චර්යයකි, බැඳුම්කර සොරකමෙන් ද ඔහු දීනුම් කනුව ආසන්නයටම පැමිණ තිබේ. ඔහු පමණක් නොව ඔහුගේ යාළුවන් ද බෑණා වරු ද දිනුම් කණුව ආසන්නයේ ය.

මෙතරම් ජයග්‍රහණ අත්කරගත් ඔහු ඉන් නැවතුණේ නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති "මහා පුණ්‍යවන්තයා" ද ඔහු ය. ඔහු ආණ්ඩුවේ නායකයා ය. විපක්ෂයේ ද නායකයා ය. අධිකරණය පයට පෑගෙන දූවිල්ලක් තරම් මායිම් නොකරන අධිකරණ නායකයා ද ඔහු ය. ජනතාවට ඡන්ද අයිතය ලැබිය යුතුද නැද්ද තීරණය කරන "ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා" ඔහු ය. එදා 88/89 භීෂණයේ බටලන්දේ මැරුම් කෑ රතු සහෝදරයින්ගේ "පරම ඥාතියා" ද ඔහු ය.

ඔහු රට විකුණන විට කිසිවෙක් "පාද යාත්‍රා" යන්නේ නැත. කිසිවෙක් "ඇරඹුම් පෙරැළි රැළි " පවත්වන්නේ ද නැත. ඔහු තුනෙන් දෙකේ බලයෙන් පණත් සම්මත කරන විට කිසිවෙක් "ගාලුමුවදොර පෙරළන්නට" යන්නේ ද නැත. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ද ඔහු ය. තුනෙන් දෙකේ "අමරණීය බලය" හිමි රනිල්, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...!

- අරුණ

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 3771
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 30568
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 302533
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 335970
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 595542
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15994210
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15879836
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13322025
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13267341
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13128071
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'