Logo

 

තැළී පොඩි වන්නෝ...

- අරුණ වාසලමුදලි විසිණි.



පසුගිය මහ මැතිවරණයට පෙර මා මහින්ද රාජපක්ෂගේ න්‍යායාචාර්යවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා හිටිය දෙයක් තමා මැතිවරණය වෙනම පක්ෂයකින් තරඟ කල යුතු බව. මා හට එහි අරුත්බර බවක් තිබුණට ඔවුන්ට එහි කිසිදු අරුතක් තේරී නැහැ. අද එහි විපාක දිගින් දිගටම විඳින්නේ ඔවුන්ම වීම මගේ කණගාටුව තවත් තීව්‍ර කරන කාරණයක්.

වෙනම ඉල්ලුවා නම් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් තිබුණා. පැරදුණත් අඩුගානේ මහින්ද රාජපක්ෂට මන්ත්‍රීවරු 90ක් වත් ළඟ තියාගන්න තිබුණා. එහෙම වුණා නම් කවදාවත් මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නෑ. කෙසේ හෝ වේවා සිදුවිය යුතු දේවල් සියල්ල සිදුවී හමාරයි.

මා දැන් නැවත මහින්ද රාජපක්ෂගේ න්‍යායාචාර්ය වරුන්ට අලුත් කාරණයක් මතු කර පෙන්වනවා. ඒ තමා රනිල් වික්‍රමසිංහ මෙල්ල කල යුත්තේ කෙසේද කියන කාරණය. ඔහු මෙල්ල කල යුත්තේ ඇයි කියන කාරණය කුඩා දරුවෙකුට වුවද වැටහෙන කාරණයක්. දේශද්‍රෝහියෙක් රාජ්‍ය පාලනයට පත් වුණාම ඒ රට කෑලිවලට බෙදෙනවා, කැඩෙනවා, විකිණෙනවා. මේක මහා ප්‍රතාපවත් සෝවියට් සමූහාණ්ඩුවටත් අත්වුණු ඉරණමක්. ඒ වගේම දේශප්‍රේමියෙක් රාජ්‍යත්වයට පත්වුණාම කුඩා රාජ්‍යක් වුණත් මහා අධිරාජ්‍යයක් බවට පත් වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් පමණක් නොවේ, හිට්ලර් ද සැබෑ දේශප්‍රේමීන්. ඔවුන් මහා අධිරාජ්‍යයන් වර්ධනය කලා. අද චීනය පවා එසේ වර්ධනය වූ "දේශප්‍රේමයේ අධිරාජ්‍යයක්".

රනිල් කරන්නේ මේ පුංචි රටත් කෑලි වලට කඩලා බෙදලා දාන එක. ඒ වෙනුවෙන් නීති ගේන එක. ඒ වගේම රටේ වැඩි හරියක් කොටස් වශයෙන් විකුණලා දාන එක. ඔහු අගමැති වී වසර දෙකක් තුල රටේ කෙතරම් සම්පත් විකුණා දමා ඇත්ද? රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භූමිකාව කෙසේ හෝ පෙරළා දැමිය යුතු වන්නේ ඒ නිසා. ඔහු අපට ද්‍රෝහියෙක් වන්නේ දේශපාලනිකව පමණයි. ඒ අනුව අවිහිංසාවාදීව ඔහුගේ ගමන නතර කල හැකි විකල්පයක් සොයාගත යුතුයි.

විටෙක ඉබිගමනේ දේශපාලනය කරන රනිල් තවත් විටෙක අති ධාවනකාරීයි. වසර 10ක් මැතිවරණ පරාජයන් ඉවසාගෙන ඉබිගමනේ ගිය ඔහු අද පාර්ලිමේන්තුවට පණතක් ඉදිරිපත්කොට විනාඩි 5න් සම්මත කරගැනීමට තරම් ප්‍රවේගකාරී යි. ඔහු මේ වන විට මහින්ද රාජපක්ෂ අඩපණ කිරීම වෙනුවෙන් එලිය හැකි සියළු "දේශපාලන දැල්" එලා අවසන්. ඉන් ප්‍රධානම දල විදියට මට පේන්නේ "චීනය මහින්දගෙන් ගලවා දැමීම". එකවරම අංශක 180ක දේශපාලන මත හැරවුමක් කොට හම්බන්තොට වරාය චීනයට විකුණා දමන්නේ ඒ අර්ථයෙන්. මට නම් පේන්නේ රනිල්ගේ මොළයට චීන මොළයත් යට වූ බවක්. චීනයට ඔවුන්ගේ අරමුණු ඉටුවෙනවා නම් තවදුරටත් මහින්ද සාධකය පෝෂණය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නෑ. වෙනත් විදියකට කියනවා නම් පාර්ලිමේන්තු බල පෙරළියක දී මන්ත්‍රීවරු ටිකක් බිලීබාල මහින්දගේ ගොඩට දාන්න චීනයට ඕන නම් වියදම් කරන්නත් පුළුවන්. හැබැයි එහෙම කරන්න චීනයට දැන් ඕන කමක් නැහැ. කවදාවත් එහෙම නොවන බව පහුගිය දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ආණ්ඩුවට ලබීමෙනුත් පේනවා. ඒ අනුව දෙමල ඩයස්පෝරාවේ මුදල් පමණක් "පාර්ලිමේන්තු ඔළු" මිලයට ගැනීමට යෙදවෙන බව තමයි පේන්නේ.

අතිශය අසාමාන්‍ය කාලයක් එජාපය තුල අසාමාන්‍ය බලයක් අසාමාන්‍ය ලෙස අසාමාන්‍ය පුද්ගලයන් සමග පවත්වාගෙන ආ රනිල් ඔහුගේ සියලු ශිල්ප මේ මොහොතේ ආණ්ඩු බලය රැක ගැනීම වෙනුවෙන් පාවිච්චි කරනවා.

මම දැන් කියන්නම් ඔහුව මෙල්ල කල හැකි ඒකායන උපක්‍රමය. දේශපාලකයෙක් පෝෂණය වන්නේ ජනබලය මගින් වගේම ඔහු විනාශ වෙන්නෙත් ජනබලය මගින් මයි. ඒ නිසා දේශපාලකයකුගේ අත්තනෝමතික ගමනකට එරෙහි හොඳම ආයුධය තමා "ජනබලය". මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන්මග වෙනස් කලෙත් ජනබලයමයි. හැබැයි ඡන්දයක් නැත්නම් ජනබලය පාවිච්චි කරන්න කතිරයෙන් බැහැ. නමුත් කතිරය නොගසා ජනබලය භාවිතා කල අවස්ථා ලෝක ඉතිහාසයේ ඕන තරම් හම්බ වෙනවා. මෑතක රවී කරුණානායකට ධුරය අත්හරින්න සිද්දවෙන්නේ පවා ජනමතය ඔහුට එරෙහි "බලයක්" ලෙස ක්‍රියාත්මක වීම නිසා. ඒ අනුව මේක අකාලික සත්‍යතාවක්. මහින්ද රාජපක්ෂගේ න්‍යායාචාර්යවරු ඒක අවබෝධ කරගත්ත දාට මේ සටන ජයග්‍රහණය කරාවි.

මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ "එක් ප්‍රභේදයක්" පමණයි. තවත් විකල්ප බොහෝ තිබෙනවා. මහින්ද රාජපක්ෂ එය නාඳුනනවාම නොවේ. ඔහු හොඳ වීදි සටන් කරුවෙක්. මට මෙතන පේන්නේ ඔහු වටා සිටින පිරිස්වල සක්‍රිය වීමේ ප්‍රමාදයක්. මැතිවරණයක් නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව වටලා හෝ එහි බලය ඇල්ලීමට "ජනතා පරමාධිපත්‍යයට" හැකියාවක් තියෙනවා. ජනතා පරමාධිපත්‍ය යට කිරීමට රනිල්ට නොව ශක්‍රයාට වත් හැකියාවක් නැහැ. ජනතා පරමාධිපත්‍යයට අභියෝග කිරීමට මුදලට විකිණෙන "පාර්ලිමේන්තු ඔළු" වලට ඉඩ දී තව දුරටත් බලා සිටිය යුතු වන්නේ නැහැ. රටක් කැබලි වලට කැඩී ගිය පසු යලි එකලස් කිරීම කිසි ලෙසකින් වත් පහසු වන්නේ නැහැ. ඉන්දියානු අධිරාජ්‍යයට පාකිස්තානය යලි කිසිදා එකතුවන්නේ නැහැ වගේම නව ව්‍යවස්ථාවකින් සිංහල ජනයා තවදුරටත් පාගා සුළුතර තත්වයට පත්කොට රට බෙදා දුනහොත් කිසිදු ජාත්‍යන්තර නීතියකට බෙදුණු රටක් යළි එකතුකළ හැකි වන්නේ නැහැ.

- අරුණ වාසලමුදලි

Image may contain: 1 person, smiling, closeup and text

දැන්වීම්
වයින් බිස්කට් / බට්ටෝ බිස්කට්
- ඉන්දුනී වැලිවිට
2017-10-13 15:12:48 - 4341
බ්‍රෝකන් ග්ලාස් ජෙලි කේක් / ස්ටේන්ඩ් ග්ලාස් ජෙලි කේක්
- ඉන්දුනී වැලිවිට
2017-10-13 04:57:04 - 5015
හොටෙල් ක්‍රමයට ගෙදරදීම පැටිස් සාදා රසවිඳිමු
- නදීශා අමරසේකර
2017-10-02 21:10:13 - 37145
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 66926
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 67122
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11554655
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11565352
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9044470
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8944291
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8754799
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'