Logo

 

අභයතිස්ස හිමි සිරිසේනට බෝලය බැස්සුවාද? සිරිසේනගේ ළණුව ගිල්ලාද?

- ඉන්දික කුමාර විසිණි.



‘‘සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනාධිපතිතුමා පමණයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.‘‘

ඉහත ප්‍රවෘතිය නිසා දේශපාලන කේෂත්‍රෙය් උණුසුම් කතා බහක් නිර්මාණය වූයේ යහපාලනයට එරෙහිව මුල සිටම පෙරමුණු කිහිපයක සිට සටන් මෙහෙයවන පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට එකවරම ජනපතිවරයා වර්ණනා කිරීමට සිදුවූයේ ඇයිදැයි සිතා ගැනීමට අපහසු වීම නිසාය.

ඇතැමුන් එය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පිළ මාරුකල බවට ප්‍රකාශ කර තිබුණි.එමෙන්ම රාජ්‍ය මාධ්‍යයද ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට මෙම ප්‍රවෘතිය යොදාගෙන තිබුණි.

මෙම ප්‍රවෘතියේ විමසා බැලිය යුතු තවත් පැත්තක්ද තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන කණ්ඩායම විසින් මේ මොහොතේ ව්‍යවස්ථා මර උගුලකට රට හසු කිරීම සඳහා සියළු සැළසුම් සකසා ඇති මොහොතක එය පරාජය කිරීම සඳහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග මේවන විට මහ සඟරුවන ප්‍රමුඛ ජාතිහිතේෂීන් වෙතින් ගතයුතු මොහොතකට එළඹ තිබේ. මෙම අවස්ථාවේ එය පරාජය කිරීමට මහපාරේ වීදි සටන් කිරීම එක උපක්‍රමයක්ව ඇති නමුත් එහිදී දෙපාර්ශවයට සිදුවන හානි ජීවිත හානි දක්වා දුරදිග යාහැක.

අනෙක් උපක්‍රමය නම් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ බටහිර ඒජන්තයන් ගෙන එන බෙඳුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව විධායක ජනපතිවරයා කෙලින් සිටුවා ගැනීමය.රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු විසින් දක්වන නිවට නියාළු ස්වරූපය වෙනස්කිරීමට නම් ජාතිකවාදී පිලෙහි ශක්තිය ඔහුවෙත ලබාදියයුතුව ඇත.මෙම ක්‍රමයෙන් නව ව්‍යවස්ථාව ප්‍රමාද කරගතහොත් එය ලේ හැලීමකින් තොරව සිදුකල හැකි වඩාත් යෝග්‍යයම ක්‍රමවේදය වනු ඇත.මේ මොහොතේ පෙරමුණු කිහිපයක සිට සටන් වදින පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙම උපක්‍රමශීලී පෙරමුණටද නායකත්වය දීමට සූදානම්ව ඇතිබව අපට වැටහුම් ගැනීමට පුළුවන.

ජනපති සිරිසේන බටහිර කුමණ්ත්‍රණයේ ඉත්තෙකු බවට පත්වූයේ නොදැනුවත්ව බව නොරහසකි.ඔහු දැන් කොටිවලිගය අල්ලාගත් පුද්ගලයෙකු වැනිය.වලිගය අතහැරි මොහොතේ සපෑකෑමට සැරසී සිටින වික්‍රමසිංහ බලකායට එරෙහිව සිරිසේනට තනිව සටන් කිරීමට නොහැකි නිසා ඔහු කොටි වලිගය තවමත් තදින් අල්ලාගෙන සිටී.කෙසේ හෝ ජනපති සිරිසේනට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විස්වාසයක් ඇතිකල හොත් රනිල් අතහැරීමට ඔහුට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතීමේ වරදක් නැත්තේ මහින්ද ඇතුළු ශ්‍රිලනිපය දමාගිය ඔහුට රනිල් අතහැරීම එතරම් අපහසු නොවන බැවිනි.

කෙසේ වෙතත් මෙය සියයට පනහේ සම්බාවිතාවක් ඇති උපක්‍රමයක් නමුත් ඒ සඳහාද උත්සාහ කිරීම මේ මොහොතේ වැදගත් වනු ඇත.

මෙම ප්‍රවෘතිය රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව වාර්තාකර ඇති අයුරු පහතින් දැක්වේ.

 

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ පුණ්‍යෝත්සවය අමතමිනි.

මෙම පුණ්‍යෝත්සවය අද(29) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින්ම දේශනා කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත්, ගැටුම් නිරාකරණයට විවිධ ක‍්‍රමවේද තිබිය හැකි වුව ද බෞද්ධ ප‍්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවත් ය.

ගැටුම් නිරාකරණය විද්‍යාවක් මෙන්ම ශාස්ත‍්‍රීය විෂයයක් ද වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය නූතන උසස් අධ්‍යාපනයේ අංගයක් ද වන බැවින් අප අද මුහුණපා සිටින ගැටුම් නිරාකරණය ද මනා හැදෑරීමකින් යුතුව, විද්‍යාත්මක හා ශාස්ත‍්‍රීය පදනමකින් යුතුව කළ යුතු බව ද සඳහන් කළේය.

මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස පළකළ අදහස, එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැගීම ඉතා ගැඹුරින් පෙන්නුම් කළ බව ද සඳහන් කළේය.

නිදහස ලැබුණු දා සිට මේ රටේ සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ දේශපාලනඥයින් විය හැකි වුව ද එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින බවත්, එම මූල බීජය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

අභාවප‍්‍රාප්ත තම මෑණියන් සිහිවීම පිණිස මහේල පෙරේරා මහතා සහ දිල්ෂාන් විජේතුංග මහත්මියගේ ධන පරිත්‍යාගයෙන්, විහාරස්ථානයේ ඉදිකළ වාහල්කඩ ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරුණු අතර කඨින චීවරය ධර්මශාලාව වෙත වැඩමවා සග සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ද ජනාධිපතිතුමා එක්විය. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ද අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, ජීවන් කුමාරතුංග ඇතුළු මැතිඇමතිවරු ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතා ද විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
02 (42)

03 (29)

04 (31)

05 (24)

06 (22)

07 (20)

08 (19)

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12057315
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12067109
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9551514
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9443144
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9271558
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'