Logo

 

සූරියවැවෙන් ලංකාවටම තක්කාලි

- ඉන්දික කුමාර විසිණි.



වසර ගනනාවක සිට සූරියවැව දෙමුහන් තක්කාලි වගාවට ප්‍රසිද්ධියක් උසුලයි.මෙහි විශේෂත්වය වනුයේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තු නිර්දේශයන්ගෙන් බැහැරව ගොවීන් විසින්ම අත්දැකීමෙන් ගන්නා දැනුම උපයෝගී කරගෙන වගාව සිදුකිරීමයි.
පුද්ගලික සමාගම් වලින් ගන්නා දෙමුහුන් ප්‍රභේද අඩුපරතර යටතේ වැඩි පැලග්‍රහනයක් පවත්වාගනිමින් වැට ක්‍රමයට තක්කාලි වගාව සිදුකරයි.ලංකාවේ වෙනත් ප්‍රදේශ වල නොමැති මෙම ක්‍රමය ඔවුනටම හිමිකමක් ඇති බව සදහන් කල යුතුය.
අද දිනයේ මෙ පිලිබදව සදහන් කරනුයේ සූරියවැව,මීගහජදුර කිවුවම බොහො දෙනාට මතක් වෙන්නේ හේන් ගොවිතැනයි.නමුත් දැං හේන් ගොවිතැනට සමුදුන් තරුණ බොහෝ පිරිස් කෙසෙල් හා තක්කාලි විශාල වශයෙන් වගා කරයි.ලාංකිය තක්කාලි අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමානයක් සැපයීමට සූරියවැව අහිංසක ගොවියට හැකියාව ලැබී ඇත.මටද ඒ පිලිබද නිහතමානි ආඩම්බරයක් ඇත.මන්ද ඒ මාද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිසාවෙනි.
ජලය අඩුවෙන් ඇති මේ ප්‍රදේශයේ ඉතා දුර ජලය පොම්ප කරන නිසා වගාවට ඉතා මහන්සියක් දරීමට සිදුවේ.කිලෝමීටර ගානක් වතුර බට එලා වගාවන් සිදුකරයි.ජලය සංරක්ෂනය කිරීමට ඔවුන් ලියදි ක්‍රමයට පේලි සකසා ගනි.ලියද්දක් යනු පැල පේලියක් දෙපැත්තට වැටියක් සකසා ටැංකියක් ආකාරයට වතුර පුරවා ගැනීමට සකසන ක්‍රමයකි.මෙම ලියදි වලට පොම්ප කල ජලය පුරවා සිදීයාමට සලස්වයි.මෙලෙස වගාව පුරා අගල් දෙකේ හොස් දමා ජල සම්පාදන ක්‍රමය මුලින් වගාව ඇරඹීමට පෙර අතුව සකස් කර ගනී.
මේ කාලය වන විට අඩු වියදම් පීවීසී බට යොදාගනිමින් ස්පින්කලර් ජල සම්පාදන ක්‍රමය යොදාගෙන මහන්සිය අඩු කරගත් අයද සිටි.මේ සියල්ල කෘෂි කර්ම දෙපාර්තමෙන්තුව හදුන්වා දුන් ඒවා නොවේ.මේවා ගොවීන් පර්යේෂන කර ගත් අත්දැකීමය.
මේ වගාව පිලිබදව දැං මා කියලා දෙන්නම්
බීජ අවශ්‍යතාවය
අක්කරයකට - ග්‍රෑම් 120 කි.
තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20-25 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකස්කරගනී.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 - 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.මේවා ගිල්වු හො උස් තාවන් විය හැක.

ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් - කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් - පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගනී.
බීජ තවාන් දැමීම
සුදුසු කාලය
වැසි කාලයේ වැලිමඩ බණ්ඩාරවෙල තක්කාලි වගාවන් වැස්සෙන් විනාශ වන බව දන්නා නිසා බොහෝ දෙනා ඒ මාස ටාගට් කරගෙන් මස අගදී බීජ තවාන් දමයි. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 - 15 ක් වනසේ බීජ තුනීව දමයි.
සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 - 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමයි.
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරයි.
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 - 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමයි.
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.

ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, තක්කාලි ) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගනී.ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගනී.වැටි දමා පේලි සකස් කරගනි.පේලි අතර කෙටි වැටිද සකස් කරගනි
සමහරු ක්ෂේත්‍ර බිම පෙරලා කැට පොඩි කර පැල සිටුවා පසුව වැටි දමයි.
පරතරය
අගල් 36 x 10-12 කි.
ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරයි.
තවානේ පැල දින 14 - 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.පැල ගලවා දිලීර නාශක දියකල භාජනයකට දමයි.ටික වෙලාවකට පසු සිටුවීම සිදුකරයි.පැලසිටුවා පසුවද පාංශු දිලීර නාශක පේලිවලට ඉසීම සිදු කරයි.
ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.
වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරයි.පොහොර භාවිතයද එවිටම කෙටි කාලාන්තර වලදී යොදන අතර දියරපොහොර වැඩිවශයෙන් ගොවීන් භාවිතා කරයි.
ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු අඩි 6-5පරතරයට සිටුවා ඒ කෝටු එකිනෙක යාකිරීම රෙදිනුල් වලින් සිදුකරයි.මෙය ඉතා ප්‍රවේශමෙන් කරයි. මේ සදහා කාන්තාවන් වැඩිවශයෙන් දායක වේ.නූල් පටවල් 4ක් පමන ඇදීම සිදුකරයි.

මල් හා ගෙඩි හටගන්නා අවධියේදී කෘමිනාශක ඉසිය යුතුය. අවශ්‍ය නම් පමණක් දින 14 කට වරක් කෘමිනාශක ද දින 10 කට වරක් බී.ටී ද යෙදීම වඩාත් සුදුසුය. අස්වනු නෙලීමට දින 14 කට පෙර කෘමිනාශක යෙදීම නවත්වන්න.

කෘමි රෝග පාලනය සදහා කාල සටහනකට අනුව පලිබෝධනාශක යෙදීමද දිලීර රෝග සදහා වැසිකාලයේ දිනකට වරක් දින දෙකකට වරක් හො යෙදීම සිදුකරයි.
තවාන් රෝග
දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇතිවිය හැක.රෝගී පැලවල කදෙහි පාමුල ප්‍රදේශය කුණූවී පැල ඇදවැටී හෝ මැලවී පසුව මැරී යයි.
මෙහි වඩාත් අවධානයට යොමුවන රෝග කිහිපයකි.
බැක්ටීරියා හිටුමැරීම
පසේ ඇති බැකිටීරියාවක් මගින් ඇති වේ.
රෝග ලක්ෂණ
පැල මැලවීම සුදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නෙලැබේ. පස මට්ටමට අගලක් පමණ උඩින් කද කපා පිරිසිදු වතුර භාජනයකට දැමූවිට කිරිපාට නූල් මෙන් බාක්ටීරියා පිටතට පැමිණේනම්, මෙය බැක්ටීරියා හිටුමැරීම බව ස්ථීරවම නිගමනය කළහැක. මේ අනුව දිලීර හිටුමැරීමෙන් මෙය වෙන්කර හදුනාගත හැකිය.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලවහනය ඇති කරයි.
ප්‍රතිරෝධී වර්ග වගා කරයි

අංගමාරය
රෝග ලක්ෂණ
කොළවල හා කදේ දුඹුරු හෝ කළුපාට පුලුලි ඇති වේ. ඒවා වැසි හෝ මීදුම සහිත කාළගුණයේදී ඉක්මනින් විශාලවී කුණුවී යයි. පුල්ලිවලට උඩින් ඇති ගසේ කොටස් කඩාවැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවිය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවී ගෙඩිද කුණුවී යයි.
පාලනය
වැසි සහිත කාළගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලම විනාශවී යාහැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම දිලීරනාශක මාරුවෙන් මාරුවට සතියකට දෙ වරක් යොදයි.

නිර්දේශිත ආකාරයට දියර පොහොර මිශ්‍රණ යොදයි. වැඩියෙන් යූරියා පොහොර නොයොදයි. රෝගී ගස් හා ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත්කර විනාශකර දමන්න.

පිටිපුස් රෝගය
රෝග ලක්ෂණ
සුදුපාට පිටි වැනි දිලීරයේ කොටස් කොළවල යටි පැත්තේ මුලින්ම ඇති වේ. මේ නිසා කොළවල උඩ පැත්ත කහපාට වේ.
පාලනය
රෝග ලක්ෂණ දුටු පසු කැබ්රියෝටොප් රිඩොමිල්,මැන්කොසෙබ් යන දිලිරනාශක යොදයි.
ඇන්ත්‍රැක්නෝස් රෝගය
රෝග ලක්ෂණ
ගෙඩි කුණුවීම හාකද ඉහළ සිට කුණූවීම, මල් හැලීයාම සිදු වේ. වැසි සහිත කාලගුණයේදී රෝගය දරුණු වේ.

ගෙඩිවල යට කුණුවීම
මෙම බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.
රෝග ලක්ෂණ

වෛරස් රෝග
ලංකාවේ තක්කිලි වගාවට බලපාන වෛරස් රෝග කිහිපයකි.
පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය (CMV)
දුම්කොළ විචිත්‍ර වෛරසය (TMV)
ටොමැටෝ ස්පොටඩ් විල්ට් වෛරසය (TSWV)
තක්කාලි කහපැහැ කොළ කොඩවීමේ වෛරසය (TYLCV)
කර්ලි ටොප් වෛරසය (CT)

CWV රෝග ලක්ෂණ
ශාක කුරුවීම, පත්‍ර කහවීම, පත්‍ර සිහින්වීම, ගෙඩි කුඩාවීම, අඩුවීම හා ප්‍රමාද වී මේරීම.
බෝවීම
කූඩිත්තන් මගින්, රෝගී ශාකවල යුෂ නිරෝගී ශාක වල තැවරීමෙන්, වල් පැලෑටි බීජ මගින්
පාලනය
වල් පැලෑටි විනාශ කිරීම.
පිපිඤ්ඤා කුලයේ හා සොලනේසි කුලයේ බෝග සමග තක්කාලි මිශ්‍ර වගාවක් ලෙස වගා නොකිරීම.
රෝගී පැල ඉවත් කිරීම.
රෝග වාහකයාගේ ගහනය අඩුකර ගැනීමට නිර්දේශීත කෘමිනාශක යෙදීම.

TMV රෝග ලක්ෂණ
ශාක කුරුවීම
පත්‍ර, මීවන පත්‍ර මෙන් සිහින්ව දික්වීම.
පත්‍ර විචිත්‍රය හා පත්‍ර රැලි ගැසීම.
ගෙඩි ඉදීම ඒකාකාරීව සිදුනොවීම.
බෝවීම
රෝගී ශාකවලින් ලබාගත් බීජ මගින්
රෝගී වගාවන්හි පස් හා මුල් මගින්
රෝගී ශාක කොටස්වලින්
පාලනය
ආසාදිත ශාක පුළුස්සා දැමීම, පිරිසිදු බීජ භාවිතය, බීජ ප්‍රතිකාරක යෙදීම, ට්‍රයිසොඩියම් ඩීකෝ පොස්පේට් ද්‍රාවනයේ විනාඩි 15 ක් බීජ තබා ජලයෙන් සෝදා බීජ වේලීම.

TSWV රෝග ලක්ෂණ
පත්‍රවල තඹ පැහැයක් ඇති වේ.
ලපටි පත්‍රමත තද පැලිලම් හටගනී.
අග්‍රස්ථය මියයාම හා ශක කද මත ඉරි ඇතිවේ.
අතු මැලවී කඩා වැටේ. ගෙඩි මත රවුම් පැල්ලම් ඇති වේ.
බෝවීම
පැල මැක්කන් මගින්, බීජ මගින්, ශාක යුෂ මගින්.
පාලනය
වල් පැලෑටි විනාශ කිරීම, රෝගී පැල ඉවත් කිරීම, නීරෝගී බීජ භාවිතය, වාහකයාගේ ගහණය අඩුකිරීම, නිර්දේශිත කෘමිනාශක යෙදීම.

TYLCV රෝග ලක්ෂණ
කදෙහි අග්‍රස්ථ සෘජුව තිබීම හා පසුව කෙටිවීම.
පත්‍ර කුඩාවීම.
පත්‍ර උඩට හෝ යටට හැකිලීම.
වර්ධනය බාලවීම.
බෝවීම
සුදුමැස්සා මගින් බෝවේ. නමුත් බීජ හා ශාකයුෂ මගින් මෙම රෝගය බෝ නෙවේ.
පාලනය
සුදුමැස්සා පාලනයට නිර්දේශිත කෘමිනාශක යෙදීම. රෝගී ශාක ඉවත්කිරීම, වල් පැලෑටි විනාශ කිරීම.

CT රෝග ලක්ෂණ
කුඩා කළ රෝග ශාක වියළී මිය යයි. ශාක කුරු වේ. පත්‍ර නටු පහතට කඩා වැටේ. පත්‍ර උඩ අතට හැකිලේ, පත්‍ර දුඹුරු පැහැවී නාරටි දම් පැහැවේ. ගෙඩි මත දුඹූරු පැහැති පැල්ලම් හටගනී.
බෝවීම
කොළපාට කීඩෑවන් මගින් බෝවන මෙම රෝගය ශාක යුෂ මගින් ව්‍යප්ත නොවේ.
පාලනය
වල්පැලෑටි පාලනය, නිර්දේශත කෘමිනාශක යොදා වාහකයා පාලනය. රෝගී ශාක ඉවත් කිරීම, බීට් හා තක්කාලි මිශ්‍ර බෝග ලෙස වගා නොකිරීම. අස්වැන්න
හොදින් නඩත්තුකළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20 - 30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න නෙලීම
ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගන්න. අස්වනු නෙලීම 10 - 12 වරකට පමණ කළ යුතුය.

අස්වැන්න සකසා ගැනීම
නෙලාගත් ගෙඩි, ප්‍රමාණය අනුව වර්ගකර, හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලී පෙට්ටිවල අසුරා වෙළදපොලට යවයි.
මෙලෙස ඔබවෙත තක්කාලි එනවා කියලා දැනගෙන හිටියද?

උපුටා ගැනීම ‘‘හම්බන්තොට කෘෂි‘‘

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 2387
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 23420
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 272515
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 277311
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 277714
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15580990
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15443670
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12913244
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12858998
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12707781
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'