Logo

 

රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි

- අචාර්ය නාලක ගොඩහේවා විසිණි.



රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හවුල් ආන්ඩුව මොනතරම් අසාර්ථ්කවූවාද කිවහොත් යහපාලනය යන වචනය පවා අද රටේ බොහෝ දෙනෙකුට වහ කදුරු වී ඇත. යහපාලන ආන්ඩුව ලෙස ජනතාව විසින් වත්මන් රජය හැඳින්වෙන්නේ කිසි සේත්ම එහි නියම අර්ථයෙන් නොව එහි විරුද්ධ අර්ථයෙන් යැයි කිවහොත් බොහෝ දෙනෙකු මා සමඟ එකඟ වනු ඇත. නමුත් සංකල්පයක් වශයෙන් යහපාලනය හෙවත් ඉංග්‍රීසියෙන් කිවහොත් ' GOOD GOVERNANCE 'නරක දෙයක් නොවේ. නමුත් වරද නම් ලංකාවේ දේශපාලනයට මේ වචනය හඳුන්වාදුන් අය එය නිවැරදිව විග්‍රහ නොකිරීමය. සමාන්‍ය චන්දදායකයට අනුව යහපාලනය යනු හොරු ඇල්ලිමය. ඔවුන්ට ඒ අදහස ඔලුවට දැම්මේ එකල විපක්ෂයයි. යහපාලනයට චන්දය දුන්නේ හොරු අල්ලන්ට බවත් තවම ඒ කාර්යය නිමා නැති බවත් හවුල් ආන්ඩුවේ දේශපාලනඥයින් කියනු අපට තවමත් අසන්නට ලැබේ. මෙය සම්පූර්ණ වැරදි විග්‍රහයකි.

2015 ජනාධිපතිවරණයේදී යහපාලනයට චන්දය දුන් ජනතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක. පලමු කොටස හුදෙක්ම තම දේශපාලන මතය පොදු අපෙක්ෂකයා වටා රොක්වූ හංස සංධානයේ විවිධ පක්ෂවලට ඇති පක්ෂපාතීත්වයන් මත චන්දය දුන් අයයි. දෙවන කොටස හුදෙක්ම දේශපාලාන වේදිකාවල, සමාජාජාලා වල, පාරතොටේ සකාච්ඡාවූ ඕපාදූප අනුව පසුගිය රජය කෙරෙහි ඇති කරගත් වෛරයකින් හෝ අප්‍රසාදයකින් පොදු අපෙක්ෂකයාට චන්දය දුන් අයයි. යහපාලනය යනු හොරු ඇල්ලීමයයි සිතන්නේ බොහෝදුරට මේ කන්ඩායමයි. තුන්වන කොටස යහපාලනය යන සංකල්පය තරමක් දුරට හෝ නිවැරදිව වටහාගෙන පවතින පාලන ක්‍රමයේ සැබෑ ධනාත්මක වෙනසක් බලාගෙන පොදු අපේක්ෂකයාට චන්දය දුන් අයයි. මේ කන්ඩායමට බොහෝ දුරට අයත්වූයේ තමුන්ගේම කියා දේශපාලන මතයක් නැති, පාවෙන චන්ද ගොඩට අයිති වන, වෘතිමය සුදුසුකමක් , ව්‍යාපාරික හැකියාවක් , උගත්කමක් ඇති පිරිසකි.ඔවුන්ගෙන් බහුතරය මධ්‍යම පාන්තිකයින් හා ඉහල මධ්‍යම පාන්තිකයින්යැයි කිවහොත් නිවැරදිය.

මේ කියන තුන්වන කොටස බලාපොරොත්තු වූයේ අද යුරෝපයේ බොහෝ රටවල දක්නට ලැබෙන ආකාරයේ දේශපාලනයකි. යහපාලනය යන තුලින් ඔවුන් මූලිකවම බලාපොරොත්තු වූ තේමාවන් කිහිපයක් අපට හඳුනාගත හැක.

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය
නිසි ක්‍රමවේදයන්ට අනුව දිවෙන විධිමත් කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක්
නීතිගරුක , විනය ගරුක, සදාචාරාත්මක සමාජයක්
සැමට අවස්ථා සහ නිසි ගෞරවය
මානව සම්පත් හා ආර්ථික සංවර්ධනය
පරිසර හිතකාමී බව
නිදහස

මේ කිසිදු අපෙක්ෂාවක අපට වරදක් දැකිය හැකිද ?. නැත.

එසේනම් වැරදුනේ කොතනද ?

වරද ඇත්තේ යහපාලනය යන සංකල්පයේ නොව යහපාලනය රටට ගෙන ඒමට තොරාගත් කන්ඩායමේයි.

2015 ජනවාරි වෙනසත් සමග බලයට ආ 2105 අගෝස්තු මැතිවරණයෙන් තවදුරටත් ස්ථාවර වූ රනිල්වික්‍රමසිංහ , මෛත්‍රිපාල සිරිසේන රජයට ඉහතකී එක කරුණක් වත් වැදගත් වූ බවක් නොපෙනේ.

ඔවුන්ට අවශ්ය වූයේ කුමන හෝ උපක්‍රමයකින් හෝ බලය ලබා ගැනීමත ඉන්පසු කවර හෝ උපක්‍රමයකින් බලයේ රැඳි සිටීමත් පමනි.

පසුගිය වසර 3 පුරා ජනතාව අත්විඳි පාලන ක්‍රමය ගොඩනැගීමට දායකවූ ප්‍රධාන බලවේගය වූයේ අගමැතිවරයාය. ජනාධිපතිවරයා කලේ ඉඳහිට මාධ්‍ය සංධර්ශණ හරහා වීරයාගේ චරිතය රඟපෑම පමනි. අගමැතිවරයා ප්‍රමුඛ කල්ලිඅයක් විසින් පියවරෙන් පියවර රටට කරමින් සිටි විනාශය නැවැත්වීමට ජනාධිපතිවරයාගෙන් වූ දායකත්වය බොහෝ දුරට වචන වලට සීමා විය. නිසිබලධරයා අගමැතිම විය.

අද දුම්මල ගසා වත් එලවාගත නොහැකි අගමැතිවරයෙකු රටට ලැබී ඇත්තේ ජනතාවගෙන් බහුතරය එදා දැන හෝ නොදන ගත් ඒ වැරදි තීන්දුව නිසාය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 5208
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 42211
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 346850
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 381525
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 641726
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16053121
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15942636
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13379119
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13326562
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13196553
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'