Logo

 

කන්දේ ගමට පයිත්තියන්ද???

- සංජන රවිඳු විසිණි.




සාරභූමි සමූහයේ සංජන රවිඳු මහතාගෙන් උපුටා ගන්නා ලදි!!!

කන්දේගම නොදන්න කෘෂි ව්‍යාප්තිය 
වස විස නැති වී වගාව, කාබනික වී වගාව කන්දේගම තලු මර මර කතා කරන ටොපික්ය. කන්දේගමට පට්ට මාකට් එකක් හැදුනේ මේ ටොපික් එක නිසාය. සංකලපයක් වශයෙන් කන්දේගම කියන කතන්දරේ ආකර්ශනිය වුනාට පොළොවේ පය ගහලා ගොවිතැන කරන ගොවියන්ට මේ සිස්ටම් එක හරියන්නේ නැත. ඒ ඇයි ?
කන්දේගම ඔහුගේ කතාවේදී හංගලා ගසන තැනකි. ඒ 1930 දී ලංකාවේ සාමාන්‍ය අස්වැන්න අක්කරයට බුසල් 60 ක් ලෙසටය. ඔහු කියන්නේ කාබනිකව, සාම්ප්‍රදායික වගා ක්‍රම වලට කරන ලද ගොවිතැනෙන් පාරම්පරික වී ප්‍රභේද වලින් එම අස්වැන්න ලබා ගත බවය. එය අමූලික පට්ටපල් බොරුවක් බව මුලින්ම කිව යුතුය. අනෙක් අතට ඔහු කියන්නේ රසායනිකව, නව වැඩිදියුණු කල වී ප්‍රභේද වලින් අද ලබාගන්නේ අක්කරයට බුසල් 80 ක් බවය. නමුත් කන්දේගම හංගන සැබෑ ඉතිහාසය අනෙකකි.
1940 වනවිට අපේ රටේ ජනගහනය මිලියන 6කි. අද එය මිලියන 22කි. මිලියන 6කට කන්න දෙන්න ඒ කාලේ මුළු සහල් අවශ්‍යතාවයෙන් 60% ක් පිටරටින් ආනයනය කළ බව කන්දේගම හිතාමතා හංගන කරුණකි. සැබැවින්ම ඒ කාලේ අපේ රටේ සාමාන්‍ය අස්වැන්න අක්කරයට බුසල් 30-40 පමණ ඉතා අඩු ප්‍රමාණයක් ගත් බව කන්දේගම හොඳින්ම දනී. ඔහුගේ වාසියට අහඹු ලෙස වැඩි අස්වැන්නක් ලබාදුන් බුසල් 60 ක දත්තයක් සාමාන්‍ය අස්වැන්න ලෙස හුවා දක්වමින් ඉදිරිපත් කරයි. එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් පර්යේෂකයෙකු වූ හෙක්ටර් වීරරත්න මහතාගේ වසර ගණනක උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස 50 දශකයේ H 4 එළිදකී. එය එතෙක් පැවති වී අස්වැන්න දශකයක් තුළ දෙගුණයක් කිරීමට සමත් විය එහි ප්‍රතිපලයක් ලෙස 1960 වනවිට ආනයනය කරන සහල් ප්‍රමාණය 40% දක්වා අඩු කරගැනීමට අපට හැකිවිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී අභිජනන වැඩසටහනේ කූටප්‍රාප්තිය BG 407 H දෙමුහුම් වී ප්‍රභේදයයි. මන්නාරම සහල් නැලිය ප්‍රදේශයේ පැරෂුට් ක්‍රමයට කල වගාවකින් අක්කරයට බුසල් 260 ක වාර්තාගත අස්වැන්නක දත්තයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වුවත් එය සාමාන්‍ය අස්වැන්න ලෙස හුවා දැක්වීමට තරම් දෙපාර්තමේන්තුව බංකොලොත් නැත. අනෙක් අතට බොහෝ දෙනා දේශීය වී වචනය වරදවා වටහා ගනී. BG 357,358,359 හෝ ඔබ අද කීරි සම්බා ලෙස කන BG 360 ද දේශීය පර්යේෂකයන් ඇසුරේ, මේ මහපොළොවේ, අපේම වී ප්‍රභේද මුහුම් කිරීමට ලක්කර අභිජනනය කරන ලද දේශීය ඒවා බව කිවයුතුය. ඒවා කොහෙන්වත් ආනයනය කරන ලද ඒවා නොවන බව වටහා ගත යුතුය. සුවදැල්,පච්චපෙරුමාල්,කුරුලුතුඩ වලට පාරම්පරික වී ප්‍රභේද ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. 
දැන් කන්දේගමගේ ගැටලුව රසායනික පලිබෝධනාශක භාවිතය නැත්තට නැති කරන්නේ කෙසේද යන්නයි. කන්දේගම නොදන්නවට ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා කරන කාර්යයන් සුළුපටු නොවේ. ඉන් ප්‍රධාන වන්නේ රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීමයි. කොළ පාළුව, බැක්ටීරියා කොළ අංගමාරය ඇතුළු වී ශාකයට වැළඳෙන රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද මේ වනවිට ඕනෑතරම් අභිජනනය කර තිබේ. ඒ වගේම විවිධ කෘමිහානි වලට ඔරොත්තු දෙන ප්‍රභේද රැසක්ද හඳුන්වා දී ඇත. ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමද හඳුන්වා දී ඇත. වල්නාශක භාවිතය අවම කිරීම සඳහා විධිමත් බිම් සැකසීමේ උපකරණ භාවිතය, යාන්ත්‍රික වල් මර්ධනය, පැරෂුට් වී වගාව, පැල අවධියේදී කඩිනමින් ක්ෂේත්‍රය වැසෙන වල් පැල වලට තරගයක් ලබාදෙන වී ප්‍රභේද (BG 366) හඳුන්වා දී ඇත. කාබනික පොහොර භාවිතය හා දහයියා අඟුරු නිෂ්පාදනයට ගොවියා යොමු කිරීම කෘෂිකර්ම ව්‍යාප්ති සේවයේ ප්‍රමුඛතම කාර්යය බැව් කන්දේගම වහා දැනගත යුතුය. එහෙනම් කන්දේගම මේ බනින කෘෂි නිලධාරියා කවුද? කන්දේගමට පිස්සුද?
රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය සමයේ ඔහු කල ඔලමොට්ටල වැඩ අතරේ ගත් එක් සුවිශේෂී අමන තකතීරු තීන්දුවකි. ඒ එතෙක් කෘෂිකර්ම ව්‍යාප්ති සේවයේ කෘෂිකර්ම උපදේශකවරුන් සමග බිම් මට්ටමේ හරි හරියට වැඩ කල කෘෂි ව්‍යාප්ති සහයක (KVS) තනතුර අහෝසි කර එම නිලධාරීන් ග්‍රාමසේවක තනතුරට අනියුක්ත කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සේවයේ මානව සම්පතට, පිරිස් බලයට සිදුවූ හානිය සුළුපටු නොවේ. පසු කලෙක චන්ද්‍රිකා රජය ඉහත කී අමන තීන්දුවට නොදෙවෙනි තීන්දුවක් ගන්නා ලදී. ඒ 94 ඇය බලයට පත්කිරීම සඳහා කැන්වසින් ගිය යට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර (ගොවි නියාමක) තනතුරු පිරිනැමීමයි. මුළුමනින්ම දේශපාලනික තනතුරක් වූ එහි මේ වනතෙක් කෘෂි අධ්‍යාපනික පසුබිමකින් නිලධාරින් තෝරාගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක නොවේ. සැබවින්ම එම නිලධාරීන්ගෙන් ගන්නා වැටුපට හොඳ සේවයක් සැලසෙන්නේ ඉතා සුළු පිරිසකගෙන් බව ගොවිතැනේ සැබෑවට නියැලී සිටින පිරිස දනී. ඔවුන්ගේ සාතිශය බහුතරයකට එය හුදෙක් පාර්ට් ටයිම් ජොබ් එකක් පමණි. බොහෝ දෙනා ස්කුල් සර්විස්,ත්‍රීවීල් හයර්, සිල්ලර කඩ, හාඩ්වෙයාර්, කොන්ත්‍රාත්, බ්‍රෝකර්, රක්ෂණ නියෝජිත ඇතුළු නානාප්‍රකාර රැකියා ස්ථිර රැකියා ලෙස කරති. ඔවුන් මේ මජර දේශපාලනය නිසා සැමදා රැකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් ඔය දේසපාලුවන්ගේ පෝස්ටර් ගැසීමට, කැන්වසින් වලට නොගියත් මොන වැඩේ තිබුනත් ගොවි නියාමක ඡන්ද කාලෙට දේසපාලුවන් සමගය. ඔවුන් රැකෙන්නේ එලෙසය. ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියා කතාවක් ඇත. කෘෂි ව්‍යාප්තියට දොස් නගනවිට හැමෝම බනින්නේ කෘෂිකර්මයට. අවාසනාවට මේ රටේ බහුතරයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වෙන්ව හඳුනා නොගනිති. කොටින්ම ඒ ඒ දෙපාර්තමේන්තුවල කාර්යයන් හඳුනන්නේද නැත. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වරදක් නොව කන්දේගම ඇතුළු නොදන්නා ගොබිලයන්ගේ මානසික ව්‍යාධියකි. නොදැනුවත් කමකි. එහෙත් මෙතෙක් කන්දේගම ඔය කියන වස විස නැති ගොවිතැන ප්‍රචලිත කරන්න සහය බලාපොරොත්තු වන්නේ ඉහත කී ගොවි නියාමකගෙන්මය. ඉතිං කන්දෙගමට එය සදාතනික සිහිනයක් වනු ඇත. කන්දේගමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන් සමග වැඩ කරන්න බැරී ඇයි ? එයට උත්තර දිය යුත්තේ කන්දේගම විසින්මය. 
අනෙක් අතට රතන සාදුටත් කියන්නට ඇත්තේ මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් හා එහි අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු සිටින බවයි. ඔය කවුරු මොනවා කිව්වත් හැන්ද ඇත්තේ ආචාර්ය රොහාන් විජේකෝන් අත බව රතන සාදු දැනගත යුතුය. පාලුගෙයි වළං බිඳීම නතර කර සැබවින්ම වස විස නැති ගොවිතැන වෙනුවෙන් අවංක, කාර්යක්ෂම හා ශක්තිමත් වැඩසටහනකට යාමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම අත්‍යාවශ්‍ය බව රතන සාදු දැනගත යුතුය. මන්දයත් මේ මහපොළොවේ සැබවින්ම කෘෂි ව්‍යාප්තියේ පෙරගමන් කරුවන් කෘෂිකර්ම උපදේශකවරුන් නිසා බවත් ඔවුන් වග කියන්නේ රතන සාදුට හෝ කන්දේගමට නොව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයාට බව වටහා ගත යුතුය. ඒ නිසා මින් මතුවට හෝ පවත්වන රූපවාහිනි සංවාද වලට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ සහභාගිත්වය ලබාගැනීම කෙරෙහි රතන සාදු අවධානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
අනෙක් අතට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වස විස නැති ගොවිතැනට අකුල් හෙලන රසායන පලිබෝධනාශක හා රසායනික පොහොර මත්තේම යැපෙන එකක් නොවන බව කන්දේගම භක්තිකයෝ කඩිනමින් වටහා ගත යුතුය. යම් හෙයකින් කන්දේගමලා ගම් වල බෙදන වී වලින් වල් වී පැතිරුනොත් කන්දෙගමලා හොයාගන්නවත් නැත. ඒවා නැවත නිවැරදි කරන්න වැඩ කරන්නේද කෘෂි උපදේශකවරුන්ම බව කන්දේගම දැනගත යුතුය. මේ වනවිට බාස්මති හැරුණුකොට සාමාන්‍ය අවශ්‍යතාවය සඳහා පිටරටින් සහල් ගෙනෙන්නේ නැත. යම් හෙයකින් මේ අත්තනෝමතික, අවිචාරවත් වැඩපිළිවෙලවල් හරහා නැවත සහල් පිටරටින් ගෙන ඒමට සිදුවුවහොත් කන්දෙගමලා, රතන සාදුලා ලංකාවේ වී වගාවේ ප්‍රධාන පලිබෝධකයන් ගොඩට එකතු වනු ඇත.

  •  

දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98599
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100549
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102353
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141067

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 227301
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14689847
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14529388
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12105166
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11977051
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11793271
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'