Logo

 

රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?

- මහාචාර්ය පී අයි යාපා විසිණි.



ජනතා විමුක්තිපෙරමුන සහ පෙරටුගාමී දේශපාලන සෙවනැලි වලට කොටුවී එයින් අන්දවූ ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් 80% පැමිනීම අනිවාර්ය නීතිය දැඩිලෙස විවේචනය කරන බව පැහැදිලිය. මෙම නීතියට යටත්ව විභාගවලට පෙනීසිටීම සඳහා නුසුදුස්සන්වීම තම අධ්‍යාපන අයිතිය අහිමිකිරීමක් ලෙස සලකයි. අධ්‍යාපන අයිතිය අහිමිකිරීම මානව හිමිකම් උල්ලන්ගනයක් බව ද සිහිතබාගත යුතුය.

සැබවින්ම දේශන වලට සහභාගීවීම අනිවාර්ය විය යුතු ද?

මුදලට විකිනෙන අධ්‍යාපනයක් යටතේ එසේ වියයුතු නැත. හේතුව, සේවා දායකය ලබාදීමට පොරොන්දුවූ සේවයෙන් කොපමණ ප්‍රමාණයක් තමාට අවශ්‍ය ද කියා තීරණය කිරීමට මුදල් ගෙවා සේවය ලබාගන්නාට අයිතියක් ඇත. අනෙක් අතට ගෙවීම් නිසි පරිදි කරඇති සේවා යෝජකයා හට පොරොන්දුවූ සේවය නීති දමා බලහත් කාරයෙන් දීමට සේවා දායකයාට ඇති අමාරුවක් හෝ අයිතියක් ද නැත. එනිසා පුද්ගලික අධ්‍යාපන ක්‍රමය තුල ප්‍රයෝගිකව සිදුවන්නේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් තම අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන සිසුවා තම ආයෝජනය වෙනුවෙන් උපරිම ප්‍රතිපල ලබාගැනීම සඳහා දේශන, ප්‍රායෝගික සහ අනෙකුත් අදාළ අධ්‍යාපන කටයුතු සඳහා තම උපරීම කාලය සහ ශක්තිය යොදවයි.

නිදහස් අධ්‍යාපනය තුල සිසුන්ගේ අධ්‍යාපනය සඳහා එමරටේ සියලු ජනයා ආදායම් බදු ගෙවා ආයෝජනය කරයි. සිසුවාට මෙය නොමිලේ ලැබෙනදෙයක් ලෙස පෙනුනද එයටද ගෙවීමක් සිදුවේ. නිදහස් අධ්‍යාපනය හරියට අධ්‍යාපනයට යන වියදම අධ්‍යාපනය ලබන නොලබන සියල්ල අතරේ බෙදා ගැනීමක් වැනිය. අධ්‍යාපනය නොමිලේ ලැබෙනදෙයක් ලෙස තරුණ සිසුන්ගේ මොළ සෝදා ඒත්තු ගන්වන මේ ජනතා විමුක්තිපෙරමුන සහ පෙරටුගාමී දේශපාලන බලවේග එහි සත්‍ය තත්වය සිසුන්ට පහදාදෙන්නේ නැත. නිදහස් අධ්‍යාපනය යනු සිසුන්ට රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවී අවශ්‍යනම් අධ්‍යාපනය ලැබීමටත් නැතිනම් අධ්‍යාපනය කුණු කුඩයට දමා විවිධ දේශපාලන පක්ෂවල අරමුණු ඉටුකරදීමට තම අධ්‍යාපනයට වෙන්වූ කාලය තමනට රිසි පරිදි නාස්තිකිරීමට පරම අයිතියක් තමන් හට ඇතැයි සිතන සිසුන් බිහිවීම මෙතුලින් සිදුවී ඇත.

නමුත් නිදහස් අධ්‍යාපනය තුල සිසුන්ට මෙසේ අධ්‍යාපනය වෙනුවෙන් රටෙහි පුරවැසියන් සියල්ල දරන බර පැනවෙනුවෙන් වගකීමක් ඇත. එනම් එබර පැන වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමයි, එනම් තම විෂය ක්ෂේතරය තුලින් උපරිම සේවයක් කිරීමයි. එසේ කිරීමට මනා දැනුම සම්භාරයක් සහ අත්දැකීම් වලින් පිරිපුන් ඵලදායී උපාධි ධරයින් ලෙස විශ්ව විද්‍යාලයෙන් පිටවිය යුතුය. එනිසා නිදහස් අධ්‍යාපනය තුල සිසුන් සටන් කලයුත්තේ තම පැමිනීම අනිවාර්ය කිරීමට එරෙහිව නොව ගුරුවරුන්ගේ පැමිනීම අනිවාර්ය කිරීම වෙනුවෙනි. දේශන වල ප්‍රායෝගික වැඩවල ගුණාත්මය, විෂය නිර්දේශය, විද්‍යාගාර, පර්යේෂණ පහසුකම් වෙනුවෙන් සටන් කලයුතුය. දේශනා වලට සහභාගී වීම සහ දැනුම අතර ප්‍රබල සම්බන්දතාවක් ඇතිබව මටනම් මේවනවිට තහවුරුවී ඇත.

තරුණ සිසුන්ගේ අධ්‍යාපනය විනාශකිරීම ජනතා විමුක්ති පෙරමුණ අපේ කාලයේ සිටම කළා. එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබූ "පළමුව මව්බිම - දෙවනුව උපාධිය" සටන්පාටය තවම මාගේ මතකයේ තිබේ. දර්ශීය සමාජවාදයක් වෙනුවෙන් අප සිල්ලගේ අධ්‍යාපනය අවුරුදු 2 කින් පමණ පසුබෑමකට ලක්කළ එකල වමේ සහෝදරවරුන් සමහරක් අද සේවය කරන්නේ තම රටටවත් නොවේ. පිරටක සේවයට ගියත් ඒ කියුබාවට නම් නොවේ. ඔවුන් සේවය කරන්නේ, ධනවාදයේ සංකේත වන ඇමරිකාවේ, කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ, ස්විට්සර් ලන්තයේ, ජපානයේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ආදී රටවල Monsanto, DOW, Syngenta, Fonterra, Nestlé, Prima වැනි දැවැන්ත බහුජාතික සමාගම් වල. ලංකාවේ නම් මේ විශ්ව විද්‍යාල වාමාංශිකයින් CIC, Lankem, Hayleys, Fonterra, Nestlé, Prima, CTC, Keels ආදී දුප්පත් ගොවීන් සහ සියලු ජනයා සූරාකමින් ලාභ උපයන බහුජාතික සමාගම් වලට කිසිදු හිරිකිතයකින් තොරව සේවය කරනු බලාගත හැකිය.

මේ මට පෙනෙන විදිය.

පී අයි යාපා

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 36347
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 62416
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 137895
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 566151
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 609435
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16327368
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16248099
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13645666
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13587307
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13474671
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'