Logo

 

ජ වි පෙ රැවටිල්ල

- නලින් ද සිල්වා විසිණි.



ජ වි පෙරමණේ විජිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන එක යුක්තියුක්ත කරලා. එය ජ වි පෙරමුණේ ම ප්‍රකාශයක් වෙන්න ඕන.  ඒ පක්‍ෂයේ කිසිවකුත් එයට විරුද්ධව කිසිවක් කියල තිබුණෙ නැහැ. ජ වි පෙ කියන විධියට අදාළ පනත කොටි ත්‍රස්තවාදින්ට පමණක් බලපාන එකක් ලෙස කතා කිරීම වැරදියි. ඔවුන් කියන්නේ සිවිල් යුද්ධයක දී අතුරුදහන් වූ සියළු දෙනා වෙනුවෙන් වන්දි ගෙවීමට පනත අනුව පුළුවන් කියලා.

 


 
 
 
ජ වි පෙ අද තම පැවැත්ම උදෙසා දොඩවන පක්‍ෂයක් පමණයි. ඔවුන්ට හැමදාමත් තිබුණේ විජේවීරගේ මාක්ස්වාදයක්. ඒකට ඒගොල්ලන් කියන වචන පාවිච්චි කළොත් කියන්න වෙන්නෙ විජේවීර මාක්ස්වාදය තෝරපු ආකාරය. ඒක අර පුහු පඬියන්ගෙ ඊනියා කියැවීමට වඩා නම් හොඳයි.
 
 
 
ජ වි පෙ කියන දෙයට අනුව මෙරට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ රජය හා දෙමළ ත්‍රස්තවාදීන් අතර. ජ වි පෙ සමහරවිට හිතන් ඉන්නවා ඇති 1971 , 1987-91 කාලයෙහි රජය හා ජ වි පෙ අතර තිබුණෙත් සිවිල් යුද්ධයක් කියා. ඔවුන් එය පැහැදිලි කරනවා නම් හොඳයි. එයත් සිවිල් යුද්ධයක් නම් ජ වි පෙරමුණේ අතුරුදහන් වූවන්ටත් වන්දි ඉල්ලන්න පුළුවන්. ජ වි පෙ විසින් අතුරුදහන් කරනු ලැබූ අය ගැන මොකද කියන්නෙ. ඔවුන්ටත් දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් අතුරුදහන් කරනු ලැබූවනටත් වන්දි ගෙවනවා ද?
 
 
 
මේ සියල්ලට පළමු විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. සිවිල් යුද්ධයක් කියන්නෙ මොකක් දදේශපාලන විද්‍යාඥයන් සහ සාධාරණ වශයෙන් සමාජයීය විද්‍යාඥයන් සිවිල් යුද්ධය යන්න විවිධාකාරයෙන් නිර්වචනය කර තියෙනවා. එහෙත් අද ආණ්ඩුව වැඩ කරන්නෙ ඊනියා ජෙනීවා සම්මුතීන් අනුව මිසක් එක් එක් දේශපාලන/සමාජයීය විද්‍යාඥයන්ගේ නිර්වචන අනුව නො වෙයි. ජෙනීවා සම්මුතීන්වල ඊනියා සිවිල් යුද්ධ ගැන සඳහනක්නිර්වචනයක් නැති බව මගේ දැනුමයි. එසේ ඇතැයි පෙන්වන්නේ නම් මා විජිත හේරත්ට හරි ජ වි පෙ වෙනත් නායකයකුට හරි පින් දෙනවා.
දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 40468
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 88050
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 121954
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 230993
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 841944
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17330300
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16703886
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13959251
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13902900
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13786613
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'