![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
මහින්ද..! මේ අවසන් සටනයි..!
මහින්ද රාජපක්ෂ මේ මොහොතේ අඩියක් හෝ පිටුපසට ගත හොත් වැටෙන්නේ කිසිදා ගොඩ එන්නට බැරි වලකටයි. මහින්දගේ ව්‍යායාමය මහමැතිවරණයක් ලබා ගැනීම දක්වා තල්ලු විය යුතුමයි. ඒ වෙනුවෙන් මහින්ද මීටත් වඩා පීඩනයන් වලට ලක්වීමට ඉඩ තිබේ. එහෙත් ප්රභාකරන් පරාජය කල මහින්ද මේ මොහොතේ රනිල්ගේ උප්පරවැට්ටි වලට පරාජය වීම ජාතිය කිසි සේත්ම අනුමත නොකරනු ඇත. රනිල් සමග මිය යා යුතු එජාපයට නැවත ජීවය නොදිය යුතුය. මේ මොහොතේ මහින්ද හෝ මෛත්‍රී අඩියක් පිටුපසට ගතහොත් කිසිදා අත් නොවිඳි දේශපාලන විනාශයක් ඔවුන්ට අත්වනු ඇත.
මේ මොහොතේ මහින්ද සිරිසේන ජනාධිපතිවරයා සමග කොන්දේසි විරහිතව සහයෝගයෙන් කටයුතු කල යුතු ය. විධායකයේ නියම බලය භාවිතා කල හැක්කේ එවිටයි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලයක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ඉන් අනතුරුව දෝෂාභියෝගයකින් මෛත්‍රී ඉවත් කර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාරගැනීමට නියමිතයි. මේ මහින්දවාදීන් පක්ෂ ප්රවර්ධයේ යෙදෙමින් ස්වයං වින්දනයේ යෙදිය යුතු කාලයක් නොවේ.
මහින්ද ශ්‍රීලනිපයේ සතුරන්ගෙන් මෙන්ම තමා වටා සිටින ලණු දෙන්නන්ගෙන්ද ප්‍රවේශම් විය යුතුය. ලණු දෙන්නන්ට මහින්ද අගමැති කිරීම හැර ඉදිරිය ගැන කිසිදු සැලසුමක් නොවීය. මහින්දගේ සමහර න්‍යායාචාර්ය වරුන්ට අනුව මහින්ද නැවත එජාපයට ආණ්ඩුව භාරදිය යුතු ය. එය හරියට රනිල් සෑදු ව්‍යවස්ථාවට මහින්දගේ කල්ලිය තුනෙන් දෙක අරන් දුන්නා වැනි ය. සැබවින්ම මහින්ද වටා සිටින්නේ පිස්සන් රැලකි.
මහින්ද දැන් වැටුණු වලෙන්ම ගොඩ යා යුතුය. ඒ වෙනුවෙන් ඔහු අගමැති ධුරය දරමින් සටන් කල යුතු ය. මා විටින් විට ලියා මකා දැමූ පරිදි මහමැතිවරණය නොදෙන්නේ නම් ජනමත විචාරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුය. රටේ පැතිරුණු පිළිකාව පුළුස්සා දැමිය හැකි වෙනත් වෙදකු පේන තෙක් මානයේ නැත. එකම සුදුස්සා ප්රභාකරන්ට ගැසූ මහින්ද මය. මහින්ද පාර්ලිමේන්තුව තුල අසරණ විය. නමුත් ඔහු බොහෝ ජනයාගේ හදවතේ රජු ය. ඔහු ජනබලය පාර්ලිමේන්තුවට එරෙහිව අවියක් කොට ගත යුතුය. මහින්දට දැන් එය කරවිය හැක්කේ මෛත්‍රී හරහා පමණි. මෛත්‍රී ලවා පාර්ලිමේන්තු යුධ අගල කෙසේ හෝ බිඳ සටන ජයගත යුතුය.
අධිකරණය ක්‍රියා කල යුත්තේ අර්බුධ විසඳීමට ය. නමුත් මේ මොහොතේ අධිකරණය විසින් අර්බුධය දෙසැම්බර් 7 දක්වා දිග්ගස්වා තිබේ. තත්වය මෙසේ නම් ජනතා පරමාධිපත්‍ය ඇත්තේ කොතැන ද? මුදලට විකිනෙන මන්ත්‍රීන් 120කට කෝටි දෙකක ජනතාවගේ අනාගතය භාරදිය යුතු ද? නියත වශයෙන්ම මේ මහින්දගේ අවසන් සටනයි. මෙහි ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ ලැබුවහොත් මහින්දගේ දේශපාලන ඉරණම තීරණය කරනුයේ රනිල් වික්‍රමසිංහ විසින් ය.
- අරුණ
![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |