Logo

 

කැපුම් මල් කලාවේ ධනවතුන්

- ඉන්දික කුමාර විසිණි.



ඔබේ පෙම්වතියට අද දිනය දුන් මල් පොකුර ලංකාවේ වැවුණු ස්වභාවික මල් පොකුරක් බව ඔබ සිතනවාද? බොහෝ විට ඒවා ආනයනික මල් බව සැකයක් නැත. ශ්‍රී ලංකාව යනු තවමත් දියුණු මල් සන්කෘතියක් නැති රටකි. එමෙන්ම විදේශ විනිමය ඉතා හොදින් ඉපයිය හැකි වගාවක් උවත් ශ්‍රී ලංකාව කැපු මල් සඳහා උද්යෝගිමත් නැඹුරුවක් පෙන්වන්නේ නැත. සියලු මල් වර්ග සඳාහා යෝග්‍ය දේශගුනික, පාරිසරික සහ පාංශු සාධක තිබියදීත් රෝස ඕකිඩ් වැනි මල් වර්ග අදටත් ආනයනය කරමින් පවතී. ලංකාවේ මල් වගාව යයි තවම සිතා සිටින්නේ මල් තවාන් වලින් ලබා ගන්නා පැල නිවසේ ගෙවත්තේ සිටුවා ගැනීමයි. ඕකිඩ් රෝස පවා ලංකාවේ තවන් කරුවන් වගා කරන්නේ ගෙවතු අලංකරණය ඉලක්ක කරගනිමින් මිස වාණිජ වගාවන් සඳහා නොවේ. එමෙන්ම ලංකාවේ සුපුරුදු මාෆියා පිරමිඩ ආකාරයේ ව්‍යාපාර සඳහා පවා මල් වගාව යොදා ගැනීම ලජ්ජා සහගතය. ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඕකිඩ් වගාව සඳහා විවිධ ආකාරයේ ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක වේ. කිසිදු අවස්තාවක රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරනු ලබන විශාල ආකාරයේ මල් වගා ව්‍යාපෘති දක්නට නොලැබේ. ඒ වෙනුවට වසර ගණනක සිට යම් පුද්ගලික ආයතන කිහිපයක් පමණක් ශ්‍රී ලංකාවේ කැපු මල් වගාවේ ඒකාධිකාරියක් ඇතිකරගෙන ඇති අතර කිසි විටෙකත් එය බිදගෙන යාමට කිසිවෙක් උත්සාහ කරන්නේ නැත.

ලෝකයේ විවිධ රටවල් විවිධ කෘෂිකාර්මික ක්‍රමවේදයන් ඔස්සේ විදේශ විනිමය උපයන අතර බොහොමයක් අදායම් මාර්ග වන්නේ වගාවන් සහ අස්වනු අපනයනයයි. ඒ අතරින් ශ්‍රී ලංකාවට තවම ලගා වීමට නොහැකි කඩඉමක් වී ඇත්තේ මල් වගාවයි. (සමහර අවස්ථාවල මල් වගාවේ දියුණු මට්ටමකට පැමිණි අවස්ථා තිබුනද ශ්‍රී ලංකාවේ අනෙකුත් කෘෂිකාර්මික වගාවන් සේම මල් වගාවද පහත බසිමින් තිබේ.)

දනට ලෝකයේ රටවල් මල් වගාවෙන් පමණක් ඩොලර් බිලියන 8.8 පමණ ආදායම් හිමි කර ගන්නා අතර එම ආදායම් උපයන රටවල් අතර ඉතියෝපියාව, කෙන්යාව,කොලොම්බියාව, ඉක්වදෝරය වැනි රටවල් තිබීම විශේෂයෙන් සටහන් කල යුතුය. (ලෝකෙන් උතුම් රට ලංකාවයි යන සංකල්පය හිස මුදිනින් තබාගෙන ඉතිහාසය සහ පරම්පරා වංශ හබල් ගෑමට ලංකාව තරම් දක්ෂ රටක් ලොවෙත් නැති බව මා අවිවාදයෙන් ප්‍රකාශ කර සිටි. මිට දශක කීපයකට පෙර කැලණිය, දෙමටගොඩ ප්‍රදේශ වල ඇති මුඩුක්කු වලට අපේ උදවිය කොරියාව යයි අවඥාවෙන් ප්‍රකාශ කරත් අද වින විට කොරියාව අපට වඩා සෑම අතකින්ම ඉදිරියෙන් සිටින්නේ අපේ එවුන්ගේ බශාවෙන්ම පවසන ආකාරයට කරුමය පල දීමකි. කෑමට දෙයක් නොමැති කෘෂ අයෙකු දුටු විට හෝ බඩජාරිකමට කන එකෙකු දුටු විට ඉතියෝපියාවේ එකෙක්දයි අවඥාවෙන් අසන්නේ අපේ ලංකාව තරම් ස්වයංපෝෂිත රටක් නැත්තේ යයි සිතාගෙනය. සමාජ ජාල වෙබ් අඩවි වල අපේ එවුන් පසුගිය දිනවල විවිධ රටවල බශාවන්, සින්දු විහිලුවට් ඇලක් කරමින් පොස්ට් පල කරන ආකාරය හොදින් දුටුවෙමි. ඉන්දියාවේ එක ප්‍රාන්තයක කුඩා දරුවෙකු එරට ජන ගීයක් අපහසුවෙන් ගායනා කරනා අකාරය පසුගිය දිනවල දිනපතා සමාජ ජාලවල පැතිර ගියේ ඒ බශාව විහිලුවට ගනිමිනි. අපේ එවුන් සිතාගන ඇත්තේ අපේ රටේ බශාව, ආගම, ජාතිය තරම් උතුම් දෙයක් තවත් නැති ලෙසය)

මල් අස්සේ මෙසේ ගල් ගැසීමට සිදු වී ඇත්තේ දිනෙන් දින අපේ ඇත්තන් පසුගාමී මාර්ග වලට අවතීර්ණය වෙනවා බලාගෙන සිටීමට අපහසු නිසාය. ඕකිඩ්, රෝස, ජර්බෙරා, කපුරු වැනි කැපු මල් සිය ගණනක් ලංකාවේ හොදින්ම වගා කල හැකි වුවත් ශ්‍රී ලංකාවේ මල් වාව දියුණු කිරීමට හෝ මල් වගාවට ඇතුල් වීමට නව ව්‍යවසායකයන් උනන්දු නොවීම කනගාටුවට කරුණකි. නුවර එලිය, කොත්මලේ, ගිනිගත්හේන, අටබාගේ, දොළොස්බාගේ, වැලිමඩ, මාතලේ, වැනි ප්‍රදේශ වල ඉතා පහසුවෙන් මල් වගාව සඳහා අවශ්‍ය මුලික සාධක තිබියදීත් කිසිවෙකුත් මල් වගාවට නැඹුරු වන්නේ නැත. එයට හේතුව අපේ ඇත්තන්ට අවශ්‍ය වන්නේ අඩු මහන්සියකින් වැඩි මුදලකි. ඔවුන් කිසි විටක වෙළඳපොල ගවේෂණය කරනේ නැත, නව තාක්ෂනය හඹා යන්නේ නැත. සැම විටම කාට හෝ දෝශාරෝපනය කරමින් අතට ලැබෙන දේ කමින් ජිවත් වීමට ඔවුන් මහත් සේ කැමතිය.

වත්මන් තරුණ පරපුරේ අතලොස්සක් හෝ ඉදිරියේදී සාම්ප්‍රදායෙන් මිදී මල් වගාව වැනි සුන්දර ආදායම් මාර්ගයක් තෝරා ගන්නේ යයි මේ වැලන්ටයින් දිනයේ අපගේ එකම බලාපොරොත්තුවයි.

 

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715187
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929219
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15055301
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967111
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837337
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'