Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

ලොව වැඩිම වත්කම් සහිත රන් දෙවොල

ඉන්දික කුමාර


1729 සිට 1949 වර්ෂය දක්වා කේරළයේ රාඡකීය පරමිපරාව වූ ට්‍රාවන්කෝ රාඡකීය පරමිපරාවට අයත් පද්මනාභාස්වාමි දෙවොලේ සියලු රහස් දොරටු විවෘත කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය අණ කිරීම මෙම ලිපියට නිමිත්ත විය...
===========================
පද්මනාභාස්වාමි දෙවොල , තිරැවානන්තපුරමි , කේරළය, ඉන්දියාව...
================================
1729 සිට 1949 වර්ෂය දක්වා කේරළයේ රාඡකීය පරමිපරාව වූ ට්‍රාවන්කෝ රඡ පෙළපකට අයත් පද්මනාභාස්වාමි දෙවොලේ රහස් දොරටු මීට පෙර විවෘත කරනු ලැබුවේ මහරාඡා කෙනෙකු විසින් මීට වසර 139 කට පොරාතුවය. එහෙත් එහි සියලු රහස් දොරටු එදිනද විවර කලේ නැත. ට්‍රාවන්කෝ රාඡකීයයෝ තම අණට යටත්ව මෙහි පරිපාලනය 1949 දී මහරාඡාවරැන් අතට පත්කරන ලදී. 2009 දෙසැමිබර් මස මෙකී දෙවොල රඡයට පවරා ගත යුතු බවත් එහි ඇති සියලු වස්තුන් ලේඛණ ගත කර වටිනාකමි ගණනය කල යුතු බවත් හිටපු ආදායමි බදු තක්සේරැ නිලධාරියෙකු වු T.P.සුන්දරරාඡන් ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනුකලේය. වසර කිහිපයක් පෙත්සම විභාගකල ශ්‍රේෂ්ඨාධිකරනය ට්‍රාවන්කෝ රාඡකීයයන්ගේ දැඩි විරෝධය මැද්දේ 2011. ඡුනි 30 විශේෂ පරීක්ෂන කමිටුවක් යටතේ දෙවොලේ සියලු රහස්‍ය දොරවල් විවෘතකොට එහි ඇති භාන්ඩවල වටිනාකම ලැයිස්තුගත කිරීමට අවසර දුන්නේය. කමිටුව එකී රහස් කුටි A,B,C,D,,E,F යනුවෙන් වර්ගකර ප්‍රථම වරට A කුටියේ නාගයෙකුගේ අණතුරැ ලකුණ සහිත දැවැන්ත යකඩ දොර විවර කලේය. එහි පසුපස තවත් දොරක්ද ඊට පසුපස තවත් දොරක්ද විවුර්ත කල ඔවුහු හරි හතරැස් කුටියේ පොලව යටට දිවෙන පඩිපෙලක් හරහා ගොස් අදුරැ ලෙනකට ඇතුලු විය.එහි ඔක්සිඡ්න් වායුව තිබුණේද නැත. දොර විවෘත කරන්නාට මරණය සදහා එය නිර්මාණය කර තබිණි. පරීක්ෂන කමිටුව ඔක්සිඡ්න් වායුව කෘතිමව ලබා ඝණ අදුරෙන් වැසී තිබුණු ලෙන තුලට ඔවුන් ගෙන ගිය විදුලි පහන් දැල්වූ විට ඔවුනට මතක් වෙන්න ඇත්තේ අරාබි නිසොල්ලාසයේ අලිබබාට හමුවු රත්තරන් කාසි පුරවා තිබූ ගුහාවයි. බොහෝ දිරාපත් පෙටිටි කැඩි බිදී දුවිලිවලට පෙරලී ඒ මත රන් කාසි රන් දමිවැල් මුතු මැනික් හා දියමන්ති විය. වස්තුවේ ප්‍රමාණය කොතෙක්ද යක් ඔවුන් දහදිය පෙරමින් දවස් 12 ක් මේ සමිපත් තොගය උඩට ගෙන ඒමට සිදුවිය. අනිත් සියලු රහස්‍ය කුටි විවර කල ද ඔවුනට සති ගණනක් මහන්සි ගත්තද B කුටියේ දැවැන්ත යකඩ ද්වාරය විවරකල නොහැකිවිය. මදකට අපි දැන් 2014 වසරට යන්නෙමු. 2014 වසරේ පද්මනාභාස්වාමි දෙවොලේ භාරකරත්ව සාමාඡිකයෙකුවු ගෝපාල් සුභ්‍රමනියමි ශ්‍රේෂ්ඨාදිකරනයට පෙත්සමක් ගොනුකරමින් කීවේ දෙවොලේ කිලෝ 221 ක්ව වටිනා රන් භාන්ඩ අතුරැදන් වී ඇති බැවින් B කුටියේ ද්වාරය කඩාබිද හෝ එය විවෘත කොට එහි භාන්ඩ ලේඛන ගත කල යුතු බවය.ඒ අනුව 2016 පෙබරවාරි 08 වැනි දින ශ්‍රේෂ්ධිකරණය B කුටියේ දොර කැඩීමට අවසර දුන් අතර මෙම අතිශය රහස් කුටි දෙකේම තිබූ නිධානය අපිට මතක් කරවන්නේ හොලිවුඩි චිත්‍රපටියක් වු ඉංදියානා ඡෝන්ස් ඇන්ඩි ටෙමිපල් ඔෆ් ද ඩූමි හි තිර කතාවය. සමිපත්වල දල විස්තරය මෙසේය.....
* නාගයෙක් ගේ දරණ මත නිදා සිටින අඩි තුනහමාරක් උසැති මැනික් වලින් සරසන ලද විෂ්ණු දෙවිදුගේ ඝණ රන් පිලිමයක්...

* අඩි 18 ක් උසැති මැනික් හා දියමන්ති සියයක් එබිබවූ තනි රත්තරන් සිංහාසනයක්...

* 1814 වර්ෂය සළකුනු කල රෝම අධිරාඡ නාපෝලික්ගේ රැව රැගත් රන් කාසි 1000 ක්...

* අඩි 18 ක් දිගැති අගල් 10 ක් පලල පිරිසිදු කැරටි 24 දමිවැලක්...

* විවිධ වර්ගයේ රන් දමිවැල් වළලු මැනික් හා මුතු හා දියමන්ති ඇල්ලු කරාබු සහ මුදු 1200 ක්. එහි රන් බර කිලෝ ග්‍රෑමි 500 කි...

* විවිධ සටහන් කොටා ඇති රන්කාසි මලු 10 ක් එවායේ රන් බර කිලෝග්‍රෑමි 800 කි...

* විවධ ප්‍රමානයේ රන් රදවනයන් 16 ක් එහි බර කිලෝ 36 කි...

* කිලෝ ග්‍රෑමි 34 ක් බරැති රන් පාවහන් යුවලක්...

* රත්තරන් පුටු 100 ක්...

* මධ්‍ය කාලීන යුගයට අයත් රන් කාසි මලු දෙකක් එහි බර කිලෝ 600 කි...

* දියමන්ති සහ මැනික් ඇල්ලූ ඝණ රන් ඔටුණු දෙකක්.සහ මැනික් එබිබවු කඩු දෙකක්...

* නොයෙකුත් ආකාරයේ රන් මල් බදුන් 100 ක්...

මෙම සියලු වස්තූවන්ගේ ප්‍රමාණය සියවස් ගණනාවක් ලෝකයෙන් හරි අඩක් පාලනය කල මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා හෝ එලිසබත් රැඡිනියගේ නිල නිවස වන බකින්හැමි මාලිගයේ පවා නැතැයි ඡාත්‍යන්තර විශ්ලේෂකයෝ කියති. මෙම සියලු රන් නිධානයන් හි ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මක හිමිවිය යුතු ඉහළම වටිනාකමි අත්හැර පවත්නා මිලට රන්බර කිරැවත් එහි වටිනාකම ඇ.එ. ඡනපද ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව එවා ගණනය කල ඉන්දියානු මහ භාන්ඩාගරය ප්‍රකාශකර ඇත. මෙපමණ කාලයකට පුරා වසර සිය ගණන් මහන්සී වී ඩොලර් ට්‍රිලියනයක ප්‍රාග්ධනයකට හිමිකමි කීවේ ලෝකයේ බහු ඡාතික සමාගමි දෙකක් පමණි. එකක් චීනයේය අනෙක ඇමෙරිකා එක්සත් ඡනපදයේය. චීන සමාගම කඩා වැටුණි. ඒ අනුව ලොව කීර්තිමත්ම බහුඡාතික සමාගම සතු ධනයටද වඩා වැඩි ධනයක් කේරලයේ පද්මනාබාස්වාමි දොවෙල සතුව ඇත. එහෙත් ඒවා මිත්‍යයවේ සලුපිලි යටට වී දුවිලි බැදෙමින් අදුරැ ගුහා තුල දැවැන්ත දෙරවල් මගින් ආරක්ෂා කරමින් සිටි... අඩුම තරමින් මෙම කෞතුක වස්තු ඡාත්‍යන්තරව පුදර්ශනය කර ඒ ආදායමින් කේරලයේ සියලු දුගී දුප්පත් භාවය නැත්තටම නැති කල හැක. එහෙත් මිත්‍යාව සහ මිත්‍යාව වැළදගත් අතිමහත් බහුතර ඉන්දියානුවෝ ඔවුන්ට ඒ සදහා කිසිවිටෙක ඉඩ නොදේ... මේ අතර මෙම සියලු සමිපත් ඉන්දියානු රාඡ්‍යයයට ගණනය කිරීමට මාර්ගය සැකසු ආදායමි බදු නිලධාරි ටී.පී. සුන්දරරාඡන් සිය පෙත්සම විභාග කරන අතරතුර මිය ගියේය...

සටහන උපාලි ජයසිංහ මහතා
========================================
https://www.amusingplanet.com/…/the-trillion-dollar-treasur…
https://www.linkedin.com/…/20140805113136-256077504-the-mys…
========================================`

Image may contain: one or more people and indoor

No photo description available.

Image may contain: outdoor






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'