Logo

 

මෛත්‍රී යුගයේ යහපාලනය..

- රත්තනදෙණියේ මේධානන්ද හිමි විසිණි.

මේ වනවිට මෛත්‍රීගේ යහපාලනයේ දෑත් ශක්තිමත් කිරීමට තවත් තක්කඩි ඇමතිවරු පිරිසක් පැමිණ තිබේ. අප ඔවුන්ට තක්කඩි ඇමතිවරු කියන්නේ කටු ලෙවකෑමට බලය හැරෙන හැරෙන අතට පැනීම නිසාය. පහුගිය 8 වෙනිදාට පෙර ඔවුන් මරාගෙන මැරෙන සටනක නියැලුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේය. දින තුනකින් ඔවුන් නැවතත් විජාතික කුමන්ත්‍රණ යයි හඩ තැලූ මෛත්‍රී පිලේය. ඒ අතර ගාමිණී විජිත් විජයමුණි සොයිසා . පොල් ඇමති ජගත් පුෂ්ප කුමාර, රෙජිනෝල්ඩ් කුරේ, දයාසිරි ජයසේකර, පක්ෂය දමා යන් නැතැයි හොටු පෙරා ඇඩු ජනක බණ්ඩාර තෙන්නකොන්ද ඇතුළු තවත් පිරිසක් ඒ අතර සිටියහ. දයාසිරි මීට ටික කලකට පෙර UNP එකෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ ආණ්ඩුවට පැන රනිල් වික්‍රමසිංහ පතුරු ඇරියේය. ඊට පෙර හම්බන්තොට වරායේ අති විශාල කළු ගලක් ඇතැයි සොයා ගත් ඔහු ඒ ආණ්ඩුව පතුරු ඇරියේය. පසුව ආණ්ඩුවට ගොස් එම කළුගල විලි ලැජ්ජාවක් නැතිව ඔහු ගේ කටින්ම ඉවත් කළේය.

ඊළගට රෙජිනෝල්ඩ් කූරේට තිබෙන වංචා දුෂණ චෝදනාවක් ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමැතිය නොදුන් බව දත් දොස්තර රාජිත සේනාරත්න සටන දේශපාලන සංවාදයට පැමිණ ඊට අදාල ලිපියක් පෙන්වමින් කීවේය. මහින්ද රාජපක්ෂ කුරේට එරෙහිව ඇති දුෂණ චෝදනාවඉදිරියේ පරීක්ෂණ නොපවත්වන ලෙස කතිර ගසා රාජපක්ෂ මෙහෙමයි හොරු රැක්කේ යැයි ලිපිය මහජනතාවට පෙන්නුවේය. දැන් රාජිත මෛත්‍රීගේ යහපාලන යටතේ රෙජිනෝල්ඩ් කුරේට දඬුවම් කරන්නේ කෙසේද ? විජමුණි සොයිසා ද නිල්ගල වනය සංහාර කර එහි ඇති විශාල ගස් මොරටු එවූ හොරෙකි. බිබිල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ පරිසර සංවිධාන වලට මොහුගෙන් ගස් ආරක්ෂා කර ගැනීමට ගස් මහණ කිරීම හෙවත් ගස්වලට සිවුරු පෙරවීමට සිදුවිය. දැන් යහපාලනය ගේන්නේ මෙවැනි හොරු සමගද ?

වැදගත්ම කරුණ හෙළ උරුමයද සිටින යහපාලනයට පොල් ඇමති ජගත් පුෂ්ප කුමාරද එකතු වීමය. මීට පෙර ඔහු හරක් හොරෙක් බව සාක්ෂි සහිතව පෙන්නවා දුන්නේ හෙළ උරුමයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්මය. උන්වහන්සේ නිදහස් කර මුදා හරින හරක් මේ ඇමතිවරයා හොරෙන් විකුණන බව ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩු පක්ෂයේම ඇමතිවරයකුට ප්‍රසිදියේ චෝදනා කළේය අසාධාරණයට එරෙහිවය. කටුනායක ගේට්ටු වසා දුෂිතයන්ට දඩුවම් කරන බව මෛත්‍රී පාල සිරිසේන මහතා තෙපර බෑවේ මෙබදු යහපාලනයක් ගැනද? හෙළ උරුමයද මෛත්‍රී පාලනයකට යන්නේ මෙවන් හරක් හොරුන් සමගද ?

පසුගිය රජය තම දේශපාලන වැඩ සඳහා රාජ්‍ය දේපළ අයුතු ලෙස යොදා ගන්නා බවට චෝදනා කරන විශාල කන්දොස්කිරියාවක් මෛත්‍රී යුගයක් සඳහා පෙළ ගැසුණු පාර්ශවයෙන් අසන්නට ලැබුණි. ඒවාට එරෙහි යහපාලනයක් සඳහා චන්ද එකතු කළ එක් චෝදනාවක් වුයේ මහජනයාගේ CTB (ල.ග.ම.) බස් රථ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගත් බවයි. අතිශය සාධාරණ සමාජයක් උදෙසා පෙළ ගැසුණු Facebook කීබෝඩ් වීරයන්ද ඒවාට එරෙහිව කැට කැබලි දමා ගැසුවේ මෙන්න මරා ගේ පහත් වැඩ යනුවෙනි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාද ල.ග.ම. ට මෛත්‍රී කිරීමට මුල පුරා ඇති බව දක්නට ලැබුනේ දිව්රුම් දීමෙන් අනතුරුව පසුගියදා මහනුවර දළඳා මාලිගාව ඉදිරිපිට දී ජාතිය ඇමතීමේ උළෙලට සෙනග ඇදීමට ලංගම බස් තොගයක් යොදා ගැනීමෙනි. මහින්ද රාජපක්ෂගේ මුහුණ වෙනුවට එතුමාගේ මුහුණ ඉදිරියේ සහ පසුපස අලවාගෙන මෛත්‍රී වේවා ..යයි වැකියකුත් ගසාගෙන මේ අදින්නේ අලුත් බෝතලයක පරණ කසිප්පුම නම් එහි ඇති වෙනස කුමක්ද ?හොරණ කෑගල්ල ඩිපෝවල බස් ද මේ සදහා යොදාගෙන තිබෙන බව මින් පෙනේ. ලක්ෂ 62ක් කතිර ගැසුවේ කලින් ක්‍රමයම ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩු පෙරළියක් මොකටද ? ඒ වෙනුවෙන් කැපවූ අය දැන් අපට කියන්නේ ඒ උනත් ඉතින් මෛත්‍රී කරන්න කියල?

ලැජ්ජයි.. !

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 21345
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 26723
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 51023
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 65514
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 326083
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 3926159
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3644532
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3686527
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3655262
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3631209
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'