Logo
2021 අප්‍රේල් මස 17 වැනි සෙනසුරාදා

අන්තවාදී ඉල්ලීම් මත රටේ සෞඛ්‍ය අනතුරේ හෙලන මළ සිරුරු නාඩගමේ තිත්ත ඇත්ත

සුභාෂ් වික්‍රමගේ


කොරෝනා මෘතදේහ පිළිබඳ තීරණය දේශපාලන හෝ ආගමික තීන්දුවක් නොවිය යුතු අතර, සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය විශේෂඥයින්, භූ විද්‍යා විශේෂඥයින්, භූ ජල විද්‍යාව පිළිබඳ  විශේෂඥයින්  එකතුව, ශ්‍රී ලංකාවේ පරිසර, සමාජ විද්‍යා සහ ජනගහන සාධක මත සලකා බලා ගත යුතු තීන්දුවකි.
මෙරට සෞඛ්‍ය අංශ මගින් පත් කළ විශේෂඥ කමිටුවක තීරණය වූයේ ලංකාව වැනි රටක කොවිඞ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම කිසිසේත්ම නුසුදුසු බවය. නමුත් අලි සබි්‍ර වැනි අන්තවාදී පිනා චාන්ස් ඇමතිවරුන්ගෙන් එම කමිටුවට හා රජයට එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ආණ්ඩුව මේ වන විට එම කමිටුව ඉවත් කොට නව කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇත. 
කොවිඞ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතු යැයි කීම කිසිසේත්ම මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව ගත් තීරණයක් නොව සෞඛ්‍ය නිර්දේශ මත සෞඛ්‍ය අංශ මගින් ගත් තීරණයකි. අද ඒ තීරණය අභිභවා අන්තවාදී  අධිකරණ ඇමතිලාගේ, සජිත් ප්‍රේමදාසලාගේ සහ  අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ හරිනි අමරසූරියලා වැනි ඊනියා රැඩිකල් නිරාගමික කල්ලිවල ඉල්ලීම් ප්‍රබල වී තිබේ. 
මේ අන්තවාදීන්ගේ තර්කය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ අනෙක් රටවල් භූමදානයට ඉඩදී ඇති බවය. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? 
කොරෝනා වෛරසය යනු තවමත් අධ්‍යයන මට්ටමේ පවතින වෛරසයකි. එම වෛරසයේ හැසිරීම, රෝග කාරක හැකියාව, පිළිබඳ තවමත් විවාදාත්මක කාරණා බොහොමයක් පවතින අතර ඒ ගැන කිසිවෙකු නිශ්චිත නිගමනවලට එළැඹ නැත. 
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය පිළිබඳ දරන ස්ථාවරයන් පවා කලින් කලට වෙනස් වන සුළුය. මුහුණු ආවරණ පැළඳීම වැනි සරල කරුණක් ගැන පවා ඔවුන්ගේ ස්ථාවරයන් විටින් විට වෙනස් වූයේ නම් මළ සිරුරු වළ දැමීම වැනි විවාදාත්මක කරුණක් සම්බන්ධව සර්ව සාධාරණ නිගමනවලට එළැඹිය හැක්කේ කෙසේද? 
එසේම එම සංවිධානය මළ සිරුරු පිළිබඳ තම නිර්දේශ සකස් කර ඇත්තේ සෞම්‍ය කලාපික රටවලට වන අතර ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට අනුව නොවේ. එක් එක් රටවල පවතින තත්ත්වයන්ට අනුව භූමදානය හෝ අදාහනය තෝරාගත යුතු බව එම සංවිධානය පවා පවසයි. 
කෙසේ හෝ වේවා කොරෝනා මෘත දේහ භූමදානය කිරීම 100% ක් ආරක්ෂිත යැයි කිසිම විශේෂඥ  වාර්තාවක සඳහන්  නොවේ. සීයට සීයක් ඔප්පු වී ඇතත් නැතත් එහි විශාල අවදානමක් ඇතැයි යන්න බැහැර කළ හැකි නොවේ. 
අද දියුණු යැයි  සම්මත  යුරෝපා රටවල්  තවමත් කොරෝනා වෛරසය මර්දනය කිරීමට නොහැකිව නන්නත්තාර වී සිටින විට, තම රටට ගැලපෙන සේ මරණ ආදාහනය කිරීමට තීරණ ගත් චීනය මේ වනවිට සාර්ථකව කොරෝනා මැඩ පවත්වා ඇත.
වෛරස් ආසාදිත මෘතදේහ, සත්ත්ව දේහ භූමදානය කළ රටවල් කිහිපයකම  එම වෛරස්, භූගත ජල මාර්ගවලට එකතු වුණ අවස්ථා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වී ඇත .
ඩෙන්මාර්කයේ මින්ක් මුගටියන් ගේ මෘත දේහ ලක්ෂ ගණනක් නැවත ගොඩ ගෙන පුළුස්සා දැමීමට සිදුවූයේ මේ නිසාය. 
ඉක්වදෝරයේ භූමදානය කළ කොරෝනා මෘතදේහවලින්, ගංගා ආශ්‍රිත ජල මූලාශ්‍රවලට කොරෝනා  වෛරසය ඇතුළු වුණ බව පර්යේෂණ වාර්තා සහිතව සනාථ වී තිබේ. 
ස්පාඤ්ඤ උණ වැළඳුණු මෘතදේහ, භූමදානය කර අවුරුදු ගණනාවකට පසුවද  වෛරසය  ක්‍රියාකාරීව පැවතුණ බවට සාක්ෂි තිබේ. 
කොරෝනා වෛරසයද කලින් කලට වෙනස් වන බවට ද වඩා දරුණු, සහ වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස්  ප්‍රභේදයක් බිහිවී  ඇති බවට මහා බි්‍රතාන්‍යයෙන්  දැන් වාර්තා වී ඇත.
කොරෝනා වෛරසයේ හැසිරීම් රටාව නොදන්නා මෙවැනි පසුබිමක සමස්ත ජනතාවගේම ජීවිත අවදානමට ලක් කොට භූමදානය කිරිමට අවසර දීම ඉතාම බරපතළ වරදකි . 
ශ්‍රී ලංකාව අධික ජනගහන ඝනත්වයක් ඇති රටකි. එමෙන්ම පසේ තත්වය අනුව  ඉහළ මට්ටමේ භූ ජල පද්ධතියක්, උල්පත් රටාවක් ඇති රටකි .ඉතාම වියළි මන්නාරම වැනි ප්‍රදේශවල පවා පසේ ජල මට්ටම ඉතා ඉහළින්ම පවතී. එමෙන්ම බොහෝ ප්‍රදේශ අධික වර්ෂාපතනයක් සහ තෙතමනය සහිත පස පවතින ප්‍රදේශ වේ. එසේම තවමත් ලංකාවේ බොහෝ ජනයා ළිං ජලය භාවිතයට ගනී. මෘතදේහ වළ දැමීමේ අවදානම පිළිබඳ විද්වත් කමිටුව කරුණු දක්වන ලද්දේ මේ සියල්ල සැලකිල්ලට ගනිමිනි.  
නමුත් අද ඒ සියල්ල පසෙක තබා අන්තවාදී ජාතිවාදී අදහස් දරන පිම්පි ඇමැතිවරුන්ගේ සහ ජාතිවාදී සුළු කොටසකගේ ඉල්ලීමකට අනුව බහුතර ජනතාවගේ ජීවිත සහ වත්මන් ආණ්ඩුවට ලැබුණු ජනවරමේ අභිලාෂයන් පරදුවට තැබීම බරපතළ ඛේදවාචකයකි. 
ඔවුන් අද මේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින්නේ ආගමික ප්‍රශ්නයකටත් වඩා තමන්ගේ බලය පෙන්වීමේ අරමුණෙනි. විකල්ප කල්ලි කණ්ඩායම් මේ වෙනුවෙන් පෙනී සිටින්නේ මළ සිරුරක් මුල් කරගෙන හෝ රටේ ජාතිවාදය වපුරමින් සිංහලත්වයට පහරදීමේ අරමුණෙනි. එක රටක් එක නීතියක් යැයි කියමින් රටේ 69 ලක්ෂයක් ජනතාව වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආවේ මේ නාඩගම් බැලීමට නොවන බව ජනාධිපති, අගමැති ඇතුළු සියලු වගකිව යුත්තන් මේ මොහොතේ සිහියට ගත යුත්තකි. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'