Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

මහවිරු සැමරුමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සම් යාපනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.





මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමට ඉඩ සලසමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුණි. එම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ මහවිරු සැමරුම් සඳහා පොලිසියේ බාධාවන් ඉවත් කර දෙන ලෙසයි.

කෙසේ නමුත්, ජාතික ආරක්ෂාවට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට තමාට බලයක් නොමැති බව යාපනය මහාධිකරණය ප්‍රකාශ කළේය. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් පෙනී සිටි අතර, රජයේ පාර්ශවයෙන් කරුණු දක්වනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණයි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'