Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවට





නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් විසින් අදාළ කහ සහ ගංජා තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මන්නාරම, එරුක්කුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද  මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'