Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

දිවයිනේ ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි





ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 24 - 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

මෙම පද්ධතිය බස්නාහිර - වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 වන දින පමණ වන විට දිවයිනේ උතුරු - නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකිය.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්තාවන්හි ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'