Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

හෙට සිට කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.





හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවලදී දුම්රිය නොනවත්වා ධාවනය කරනු ලබයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 8ක, හලාවත මාර්ගයේ දුම්රිය ස්ථාන දහයක සහ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක දුම්රිය නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රධාන මාර්ගයේ දුම්රිය කොළඹ කොටුව සිට පොල්ගහවෙල, රඹුක්කන, මහනුවර, ගනේවත්ත, මහව යන දුම්රිය ස්ථානයන් දක්වා ධාවනය කෙරේ.මරදාන, දෙමටගොඩ, කැලණිය, වණවාසල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත යන දුම්රිය ස්ථානවල එම දුම්රියන් නොනවත්වා ධාවනය කෙරේ.

හලාවත මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කෙරෙන අතර එම මාර්ගයේ මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, හොරපේ, රාගම, පේරලන්ද, කුරණ, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරේ.කැලණිය මාර්ගයේ කොළඹ කොටුව සිට කොස්ගම අවිස්සාවෙල්ල යන දුම්රිය ස්ථාන දක්වා දුම්රිය ධාවනය කෙරෙන අතර මරදාන සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථාන වල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ.

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර, දකුණු කලුතර, අලුත්ගම, හික්කඩුව, ගාල්ල, මාතර, බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'