Helabima

නිරෝධායන නීති කැඩූ තවත් 34ක් අත්අඩංගුවට





නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් පුද්ගලයින් 34 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් 2250 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව වාර්තා වේ.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us