Logo
2021 මැයි මස 18 වැනි අඟහරුවාදා

රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස්





රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7)  පැවැසීය.

මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි කීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'