Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා පෞද්ගලික අංශයේ කාබනික පොහොර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක්





කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා පෞද්ගලික අංශයේ කාබනික පොහොර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

එලබෙන මහ කන්නයේ සිට රසායනික පොහොර භාවිතය නතර කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දැමිමට ගතයුතු ක්‍රියාමාර්ග කාර්යක්ෂම කිරීමට මෙහිදි වැදගත් තින්දු තිරන කිහිපයක් ගණු ලැබුවා.

රටපුරා කාබනික පොහොර නිෂ්පාදනය කොපමනද, ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව කොපමනද,ධාරිතාව කොපමනද යන කරුණු ද මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කළා.වස විෂ නැති රටක් වෙනුවෙන් කාබනික වගාව ප්‍රවර්ධනයට අදාළ ධනාත්මක සාකච්ඡාවක් අද දින පැවැත්විමට හැකිවුණා.

පර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකමිතුමා ඇතුළු නිලධාරීන් ද මෙම සාකච්ඡාවන්ට එක්වුනා ..







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'