Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 10ක කොවිඩ් -19 ආසාදිතයින් 100 ඉක්මවයි





‍දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 100 ඉක්මවා ගොස් ඇත.කොළඹ, ගම්පහ, කළුතර, මාතර, කුරුණෑගල, ගාල්ල, බදුල්ල,මහනුවර,පුත්තලම,මාතලේ යන දිස්ත්‍රික්කවලින් ඊයේ ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.වැඩිම ආසාදිතයින් සංඛ්‍යාක් වන ආසාදිතයින් 413 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

 එමෙන්ම නාරාහේන්පිට 24ක්, දෙමටගොඩ 10ක්, මට්ටක්කුලිය 11ක්, අවිස්සාවේල්ල 15ක්, බොරලැස්ගමුව 13ක්, කොටහේන 11ක්, කොට්ටාව 13ක්, ගල්කිස්ස 16ක්, මුල්ලේරියාව 13ක්, නවගමුව 14ක්, පාදුක්ක 10ක් හා තලංගම ආසාදිතයින් 19ක් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් 370ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 332ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 140ක්, කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 136ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 132ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 126ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 123ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 119ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 107ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන් වේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'