Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ඊයේ දිනය කොවිඩ් මරණ 18ක්





ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 18ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 18න් 11ක්ම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ද සෙසු මරණ 08 කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් රෝගී තත්වයන් හේතුවෙන් සිදුව ඇත.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ වදුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම,මැල්සිරිපුර, කුරුණෑගල ,අලව්ව, මොරන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හල්දඩුවන, කන්දේගෙදර, පස්සර, කොළඹ 05, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 38ත් 95ත් අතර වයසේ පසුවන්නන්ය.මියගිය කොවිඩ් රෝගීන්ගෙන් 12 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 06 දෙනෙකු කාන්තාවන් වේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'