Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

වරකාපොළ සිදුවූ නායයෑමකින් පුද්ගලයෙකු මරුට





වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ සිදුවූ  නායයෑමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

පස්කන්දට සිරවී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවද යුද හමුදාව පැවසීය.

එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මියගිය පුද්ගලයාගේ මව ද ඉන් මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත. 

මිය ගිය පුදගලයාගේ සිරුර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'