Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙක් ජීවිතක්ෂයට





පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පසුගිය දිනෙක අනතුරකට ලක්ව තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටි අශෝක උපතිස්ස නමැති මාතලේ පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 21වනදා එම නිලධාරියා මාතලේ - නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටි අවස්ථාවේදී හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් ඔහුව අනතුරට ලක්කර පළාගොස් තිබුණි.එම වෑන් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවට ගත් අතර ඔහු 29 හැවිරිදි තරුණයෙකි. මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේදී ඔහු මියගොස් ඇත.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'