Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් මහනුවරින්





මධ්‍යම පළාතේ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

එම දිස්ත්‍රික්කයේ මහනුවර, ගම්පොළ, ගලගෙදර, මැණික්හින්න, තලාතුඔය, කටුගස්තොට සහ නාවලපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් දෛනිකව ආසාදිතයින් වාර්තා වූ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ නව ආසාදිතයින් 288 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් ආසාදිතයින් 173 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

කළුතරින් 321ක්, කොළඹින් 277ක්, ගම්පහ 184ක්, කුරුණෑගල 181ක්, මාතර 104ක්, අනුරාධපුරය 98ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් වශයෙන් වාර්තා වී ඇත.

කොවිඩි නව ආසාදිතයින් 2,386 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගැණුනි.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 15 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබුණි.එම ආසාදිතයින්ගෙන් 2,371 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින්ය.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'